අර්බුදයට ගොස් ඇති ඊ.ටී.අයි. මූල්‍ය සමාගම සහ ද ෆිනෑන්ස් ආයතනය සම්බන්ධව නීති උපදෙස් ගෙන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහබැංකු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ජනාධිපති කාර්යාලය, මහබැංකුව, භාණ්ඩාගාරය සහ තැන්පත්කරුවන් නියෝජනය වන කමිටුවක් ස්ථාපනය කොට ඉදිරි ක්‍රියාමාර්ග අධීක්ෂණය කරන ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.
ඊ.ටී.අයි. සහ ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම සිදුවන ආකාරය පිළිබදව ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළ කළා.