සැකකරු අත්අඩංගුවට අරන්..
දැරිය රෝහල් ගත කරලා...
අට හැවිරිදි පාසල් දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ හිටපු හමුදා කපිතාන්වරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 44 හැවිරිදි විවාහක අයෙකු බවයි උහන පොලිසිය කියා සිටියේ.
සැකකරු යුද හමුදාවේ සේවය කරමින් සිටින අතරතුර වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගත් අයෙකු බව ද සඳහන්.
ඔහුගේ බිරිඳ මේ වනවිට ඔහුගෙන් වෙන්ව සිටින බවයි පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ.
ලිංගික අපයෝජනට ලක් වූ පාසල් දැරියගේ පියා සැකකාර හමුදා නිලධාරීයාගේ ගජ මිතුරෙකු ද වනවා.
පොලිසියේ ප්‍රකාශයකයෙකු සඳහන් කළේ, ඔහු නිතරම මිත්‍රයාගේ නිවස පැමිණ මත්පැන් පානය කිරීම දෛනික පුරුද්දක්ව තිබු බවයි.
සිද්ධිය සිදු වූ දින රාත්‍රීයේ සැකකරු සිය මිතුරාගේ දැරියට ලිංගික අපයෝජන සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
දැරියගේ පියා, කිසියම් ශබ්දයක් ඇසී විපරම් කර බලන විට සැකකරු දැක ඇති බවත්, අනතුරුව ඔහුට කොස්සකින් පහර දුන් බවත් පියා පොලිසිය වෙත සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබුණා.
පහර කෑ ඔහු නිවසින් පළාගොස් ඇති අතර අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිලි කිරීමටයි පියා, කටයුතු කළේ.
ලිංගික අපයෝජනයට ලක් වූ බව කියා දැරිය මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා රෝහල් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් උහන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.