අද සිට බලපැවැත්වෙන පරිදි රාත්‍රියට පැනවූ ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවත් කර තිබෙනවා. කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා මාර්තු 23 වනදා මුල් වරට පනවනු ලැබූ ඇඳිරි නීතිය පසුගිය 13 වනදා සිට ක්‍රියාත්මක වූයේ මධ්‍යම රාත්‍රී 12 සිට අලූයම හතර දක්වා පමණයි.
මේ අතර, කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ වසා දැමුණු පාසල් දින 105කට පසු යළි හෙට සිට අදියර කිහිපයක් යටතේ විවෘත වනවා.
ඒ අනුව පළමු අදියර යටතේ පාසල් සිසුන්ගේ පැමිණීමක් සිදුනොවන අතර, විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ගුරුවරුන් මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් සහ පාසල් කළමනාකරණ මණ්ඩල සාමාජිකයින් පමණක් හෙට දින කැදවනු ලබනවා.
හෙට සිට ජුලි 5 වන දා දක්වා ක්‍රියාවට නැංවෙන පළමු අදියර තුළ පාසල් පරිශ්‍රයන් පවිත්‍රකරණය, විෂබීජහරණය ආදී කටයුතු සිදුකිරීමට නියමිතයි.
ඒ සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සහ උපදෙස් සියළු පළාත් ප්‍රධානීන් මගින් පාසල් වෙත යොමු කර තිබෙනවා.
දෙවන අදියර ජුලි 6 වන දා ආරම්භ වන අතර එහිදී 5,11 සහ 13 යන ශ්‍රේණිවල සිසුන් පාසල් වෙත කැදවීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. පාසල් ආරම්භ කිරීමේ තෙවන අදියර ජුලි මස 20 වන දායින් ආරම්භ වනවා.
ඒ, 12 සහ 10 ශ්‍රේණිවල සිසුන් සඳහායි. 4 වන අදියර යටතේ ජුලි 27 වන දා 3,4,6,7,8 සහ 9 යන ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කෙරෙනවා.
පළමු සහ දෙවන ශ්‍රේණිවල සිසුන්ට පාසල් යළි ආරම්භ කරන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
කොරෝනා වෛසරය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් විසි දෙදෙනෙකු අද සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1661ක් දක්වා ඉහළ ගියා.
එමෙන්ම, අද දිනයේ තවත් ආසාදිතයින් දෙදෙනෙකු හමුවූ අතර, ඔවුන්ගෙන් එක් අයෙකු ඉන්දියාවේ සිට සහ අනෙක් තැනැත්තා පාකිස්තානයේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රදවා සිටි පුද්ගලයන්.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2035 දක්වා ඉහළ ගියා.
මේ අතර, ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට එක්කෝටි එක්ලක්ෂ 10,867ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ පන්ලක්ෂ 1878ක් ලෙසයි.
නව කොරෝනා වසංගතය සාර්ථක ලෙස පාලනය කළ චීනය යළි සීමාවන් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ, බීජිං නුවර මිලියන භාගයක් වන ජනතාවට වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහායි. බීජිං සිට කිලෝමීටර් 150ක් දුරින් පිහිටි ඇන්ෂිං ප්‍රාන්තය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.
ආහාර හා ඖෂධ මිලදී ගැනීමට එක් පවුලකින් එක් පුද්ගලයෙකුට පමණක් නිවසින් බැහැරව යාමට අවසර ලබාදී තිබෙනවා.
ගතවූ පැය 24 තුළ චීනයෙන් නව ආසාදිතයන් 21 දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්.
එමෙන්ම, ඇමරිකාවේ මුළු ආසාදිත සංඛ්‍යාව මිලියන 2.5 ඉක්මවා යාමත් සමඟ පසුගිය සති කිහිපයේදී ලිහිල් කරනු ලැබූ සීමාවන් යළි පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව නව ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වූ ෆ්ලොරීඩා හා ටෙක්සාස් ප්‍රාන්තවල අවන්හල් හා තැබැරුම් වසා දමන ලෙසයි දැනුම් දී ඇත්තේ.
එමෙන්ම, ඇමරිකාවේ දැනට තහවුරු වී ඇති ආසාදිත සංඛ්‍යාව මෙන් දස ගුණයක් වෛරසයට ගොදුරු වී ඇති බවට එරට රෝග පාලන මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ ඇමරිකානුවන් මිලියන 20කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට විශ්වාස කළ හැකි බවයි.
ඉන්දියාවේ මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ රූපලාවන්‍යාගාර මාස 3කට පසු අද යළි විවෘත කරනු ලැබුවා. එමෙන්ම, වෛරසයේ දරුණු බලපෑමකට ලක්වූ ඉතාලියේ, කොරෝනාවලින් නිදහස් වූ නගරයක් වන සැන්ෆෙලේ අද යළි සංචාරකයන්ට විවෘත කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මේ අතර, එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් සරසවියේ වෛද්‍ය විද්‍යාඥයන් විසින් නිපදවා ඇති කොවිඞ් 19 එන්නත දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා බ්‍රසීලය ගිවිසුමකට එළඹ තිබෙනවා.
ඇස්ට්‍රා - සෙනෙකා ඖෂධ නිෂ්පාදන සමාගම ඔක්ස්ෆර්ඞ් සරසවිය සමඟ එක්ව සංවර්ධනය කර ඇති මෙම එන්නත මානව පරීක්ෂාවන්හි දෙවන අදියරට පිවිසී අවසන්.
එය කොරෝනා වෛරසයට එරෙහිව මෙතෙක් නිෂ්පාදිත පර්යේෂණාත්මක එන්නත් අතුරින් ඉදිරියෙන්ම සිටින එන්නත ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්ද හැඳින්වූවා.
බ්‍රසීලය, එම එන්නත මහ පරිමාණ වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා එළඹුණු ගිවිසුමේ වටිනාකම ඩොලර් මිලියන 127ක්. කොවිඞ් 19 ගෝලීය වසංගතයෙන් දෙවනුව වැඩිම පීඩාවට ලක්වූ රට වන බ්‍රසීලයෙන් ආසාදිතයන් 13 ලක්ෂ 15,000 ක් සහ කොරෝනා මරණ 57,103 ක් වාර්තාවුණා.
VIDEO