Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
28
"පෝලිමේ හිටගෙන ඉන්නකොට ක්ලාන්තය හැදිලා බිම ඇද වැටුණා..." - කඩේක පෝලිමේ සිටියදී බිම වැටුණ සින්ඩි හඩ්සි නම් ග්‍රීසියේ කෙල්ල කියූ කතාව

- "පෝලිමේ හිටගෙන ඉන්නකොට ක්ලාන්තය හැදිලා බිම ඇද වැටුණා..." - කඩේක පෝලිමේ සිටියදී බිම වැටුණ සින්ඩි හඩ්සි නම් ග්‍රීසියේ කෙල්ල කියූ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,475 Views
සින්ඩි හඩ්සි (24) යනු නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මානසික සෞඛ්‍ය පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරන අවසන් වසරේ සිසුවියකි. ඇය ඇල්බේනියාවේ උපත ලබා ඇත. ඇගේ පියා ගුරුවරයෙකි. මව හෙදියකි. ඇය සිය මවුපියන් සමඟ ග්‍රීසියේ පදිංචිව සිටියි. 
 
සින්ඩි පසුගිය මාර්තු 14 වැනිදා ශ්‍රී  ලංකාවට පැමිණියේ සිය උපාධියට අදාළ ක්ෂේත්‍ර ගවේෂණයකටය. ඒ අපේ ආදිවාසීන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳවය. කටුනායක ගුවන්තොටේ සිට කොළඹට පැමිණි ඇය උඩරට මැණිකේ දුම්රියෙන් බදුලු ගියේ 15 වැනිදාය. 

සින්ඩි සිය ගවේෂණය සම්බන්ධයෙන් උපදෙස් ගෙන ඇත්තේ ශ්‍රී  ලාංකික උපදේශක ඌව - වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සංචාරක අධ්‍යයන අංශාධිපති රුවන් රණසිංහ මහතාගෙනි. 
 
කොවිඩ් වයිරසය ශ්‍රී  ලංකාව තුළ පැතිරීම ඇරැඹෙන්නේ මාර්තු මස 11 වැනිදා සිටය. ඒ ශ්‍රී  ලංකාවෙන් වාර්තා වූ ප්‍රථම රෝගියා ලෙසින් සංචාරක මඟපෙන්වන්නකු හඳුනා ගැනීමත් සමඟම ආසාදිතයා හා සම්බන්ධ වූ පොකුරක් වාර්තා වීමත් සමඟය. මේ කාලයේදී රටම ලොක්ඩවුන් තත්ත්වයට පත් කිරීමට රජය පියවර ගන්නේ වයිරසය පාලනය කිරීම වෙනුවෙන් ගතයුතු, සිදුකළ යුතුව ඇති එකම හොඳම ක්‍රියාමාර්ගය එය නිසාවෙනි. රටින් පිටවීමත් රටට පැමිණීමත් මුළුමනින්ම තහනම් කිරීමට රජය පියවර ගන්නේද ඒ නිසාය. 
 
සින්ඩිද ලංකාවට පැමිණ ඇත්තේ කොවිඩ් 19 කොරෝනා වයිරසය මෙරට පැතිරෙමින් තිබියදීය. ශ්‍රී  ලංකාවේ තත්ත්වය කෙරෙහි අවධානය යොමුකළ ඇම්ස්ටර්ඩෑම් සරසවියේ ඇගේ උපදේශකවරයා ආපසු නෙදර්ලන්තයට එන ලෙස ඇයට උපදෙස් දුන්නේය. එහෙත් ඒ වනවිට වයිරසය යුරෝපයේ බොහෝ රටවල මෙන්ම නෙදර්ලන්තයේද පැතිර තිබුණු බැවින් ඇය ආපසු නොගියාය. 
 
ඉකුත් 15දා බදුල්ලට පැමිණි සින්ඩි ඌව -වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට ගොස් ආචාර්ය රුවන් රණසිංහ මහතා හමුවූවාය. ඒ සමඟම රණසිංහ මහතා තම විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා පමණක් නොව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, පොලිසිය හා විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරියද දැනුවත් කළේය. සින්ඩි දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් කෙරිණි. ඒ උෟව - වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ විවේකාගාරයේ කාමරයකය. 
 
මේ අතර සින්ඩිගේ වගකීම භාරගෙන සිටි ආචාර්ය රුවන් රණසිංහ මහතා ඇයට අවශ්‍ය පහසුකම් සලසා දෙන්නැයි එම අධ්‍යයන අංශයේ කථිකාචාර්ය චන්දි කරුණාරත්න මහත්මියටද උපදෙස් දී තිබිණි. විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාද ඊට අවසර ලබාදී ඇත. දින 14ක නිරෝධායනය අවසන් වන විට සින්ඩිට දැඩි මානසික පීඩාවක් දැනුණත් රණසිංහ මහතා ඇතුළු පිරිසේ ආගන්තුක සත්කාරය නිසා එය යම් පමණ අඩුවිය. නිරෝධායන කාල සීමාව අවසන් වීමෙන් පසු ඇය සිය ගවේෂණය අත්හැර  ශ්‍රී  ලංකාවේ මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ගවේෂණයක් සිදු කළේ කවුරුත් මවිතයට පත් කරමිනි. මම ශ්‍රී  ලංකාවට පැමිණියේ ඉතාමත් නරක කාලයක. 
 
" මම සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක කරපු යාන්ත්‍රණයට සහාය දක්වමින් විවේකාගාරය තුළම දින 14ක් සිටියා. මේ කාලයේදී මට නවාතැන් පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් සලසා දුන්න ඌව - වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උප කුලපතිතුමාටත්, රුවන් රණසිංහ සර්ටත්, චන්දි මහත්මියටත් නේවාසිකාගාර භාරකරු ධම්මික මහතාටත් ස්තුති කරනවා. මගේ ගවේෂණයට ශ්‍රී  ලංකාව තෝරාගත්තේ එය බහු සංස්කෘතික යහපත් සමාජ පරිසරයක් තියෙන කාන්තාවට ආරක්ෂාවක් තියෙන හොඳ රටක් කියලා දැන හිටි නිසයි. ඒත් ඒ මිනිසුන්ගේ මනුස්සකමත් මට මේ ජීවිතයේදී අත්විඳීමට සිදුවෙයි කියලා නම් ඒත් හිතුවේ නැහැ. 
 
මම නිරෝධායනය වෙලා සතියක් විතර ගියාට පස්සේ උණ රෝගයට ගොදුරු වුණා. මම වගේම රුවන් රණසිංහ මහත්තයත් මට ආගන්තුක සත්කාරය කළ ඌව විශ්වවිද්‍යාලයේ සියලු දෙනාත් කලබල වුණා. හැබැයි වෛද්‍යවරුන් මට කොරෝනා නැහැ කියලා හඳුනා ගත්තා. ශ්‍රී  ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය ගැන අහලා මම පුදුම වුණා. මම මේ රටේ හොඳ මිනිසුන්ව දැක්කා.  ලෝකයේ දියුණු රටක් වූ අපේ රටේවත් නිදහස් සෞඛ්‍ය සේවාවක් නැහැ. 
 
"මම විශ්වවිද්‍යාලය ආසන්නයේ තියෙන වෙළෙඳසලකට ගියා. එහි සිටි අය මාස්ක් පැලඳගෙන සෞඛ්‍යාරක්ෂිතවයි පෝලිමේ හිටියේ. මමත් ඒ විදිහටම ඉඳලා වෙළෙඳසලේ පෝලිමේ හිටගෙන  ඉන්නකොට ක්ලාන්තය හැදිලා බිම ඇද වැටුණා. මා ගැන අවධානය යොමුකළ එක් මනුස්සයෙක් මාව ඔහුගේ නිවෙසට රැගෙන ගොස් අවශ්‍ය ප්‍රථමාධාර ලබාදීලා මට ආහාරත් ලබාදීලා හොඳින් සැලකුවා. විදේශික මා කවුදැයි නොදැනම ඒ අය මට ආගන්තුක සත්කාරය නොපිරිහෙළා ඉටු කළා. අයඩීන් ඌනතාවක් තියෙන නිසයි විටින් විට මට ක්ලාන්තය ඇතිවෙන්නේ. 
 
නමුත් ඒ කිසිවක් නොදැනයි ශ්‍රී ලංකාවේ මිනිස්සු මට පිහිට වුණේ. මනුෂ්‍යත්වය තියෙන්නේ කොතැනද කියලා ශ්‍රී  ලංකාවට පැමිණෙන ඕනෑම සංචාරකයකුට වටහා ගන්න පුළුවන්. ශ්‍රී  ලංකාව කියන්නේ එකවරක් හෝ සංචාරය කළ යුතු රටක් කියලා මම සියලු විදේශිකයන්ට කියනවා. "
 
"ආදිවාසීන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය ගැන ගවේෂණය කිරීමට ආ මම ශ්‍රී  ලංකාවේ මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය ගැන ගවේෂණාත්මක වාර්තාවක් සකස් කරන්නට හිතුවේ ඒ නිසයි. ඒ වාර්තාව දැන් තියෙන්නේ අවසන් අදියරේ. මා සරසවිය තුළට කොටුවී නිරෝධායනය වූ කාලයේ මානසික අතින් දුර්වල වෙලයි හිටියේ. ඒ  මානසික පීඩනයෙන් මිදෙන්න මට උදවු වුණේ විශ්වවිද්‍යාලයේ අයයි. මම නැවතත් ශ්‍රී  ලංකාවට එනවා...." 
 
ඇයට සැලකූ ඌව සරසවියේ සියලු දෙනාටම හිස නමා ආචාර කරමින් ස්තුතිය පුදකරනවායි සින්ඩි  කියා සිටියේ මහත් සතුටකිනි. 
 
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සංචාරක අධ්‍යයන අංශයේ පීඨාධිපති ආචාර්ය රුවන් රණසිංහ මහතාද අපට අදහස් දැක්වීය. 
 
" සින්ඩි නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සරසවියේ සිසුවියක්. ශ්‍රී  ලංකාවේ ආදිවාසීන් පිළිබඳව හා ඔවුන්ගේ සමාජ ආර්ථික පරිසරය පිළිබඳව මගේ නිබන්ධනයක් ඇය අන්තර්ජාලයෙන් අධ්‍යයනය කරලා ඇය මා වෙත ඊමේල් පණිවුඩයක් එවලා තිබුණා. ශ්‍රී  ලංකාවේ ආදිවාසීන්ගේ මානසික  සෞඛ්‍ය තත්ත්වය ගැන ගවේෂණයක් සිදු කිරීමට තමාගේ ශ්‍රී  ලංකාවේ උපදේශකයා වන්නැයි ඇය මගෙන් ඉල්ලා සිටියා. මා ඊට එකඟ වුණා. ඒ අනුව තමයි පසුගිය මාර්තු 15දා සින්ඩි ශ්‍රී  ලංකාවට පැමිණියේ. 
 
ඇය පැමිණියේ කොරෝනා වයිරසය රටට ශීඝ්‍රයෙන් බලපාමින් පැවැති කාලයේයි. සින්ඩි කියන්නේ ඌව - වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට විදේශීය විශ්වවිද්‍යාලයකින් පශ්චාත් අධ්‍යයනයක් සඳහා පැමිණි පළමු සිසුවියයි. ඇය ආවේ රටේ සියලු ආයතන මෙන්ම විශ්වවිද්‍යාලයන්ද වසා දමා තිබූ විටෙකයි. ඒක මට ලොකු අභියෝගයක් වුණා. මං උගන්වන්නේ ආගන්තුක සත්කාර සහ සංචාරක අධ්‍යයනය. 
 
එහෙම තියෙද්දී යුරෝපයෙන් ආපු ළමයෙක් අතරමං කරන්නේ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ නිසා මම විශ්වවිද්‍යාලයේ විවේකාගාරය ඇයට ලබාදුන්නා. ඇය දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් වුණේ එහි සිටයි. ඇය වෙනුවෙන් වෙනම වාහනයක් සහ රියැදුරු මහතෙක් ලබාදුන්නා. එමෙන්ම විවේකාගාරයේ භාරකාර මහතාත් ඇයට අවශ්‍ය සහාය ලබාදෙමින් නිරෝධායනය වුණා. විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා, ලේඛකාධිකාරි සහ සංචාරක අධ්‍යයන අංශයේ කථිකාචාර්ය චන්දි කරුණාරත්න මහත්මිය ආදීන් ගැන සඳහන් කළ යුතුයි.  අපට පුළුවන් වුණා මේ විදේශ සිසුවියගේ මානසික තත්ත්වය යහපත් අතට හරවන්න. 
 
සින්ඩිට අවශ්‍ය වුණා මිනිසුන්ට තමන්ගේ සෞඛ්‍ය පවත්වාගෙන යන්නට මොන වගේ දේවල්ද හරියන්නේ කියලා බලන්න. ආයුර්වේදයද භාවනා කිරීම්ද සාම්ප්‍රදායික දේවල්ද කියන එක ගැන සින්ඩි රිසර්ච් එකක් කරන්නට පෙලඹුණා. ඒ පර්යේෂණය සඳහා අපි බොහෝම සාර්ථකව සින්ඩිට සහාය දුන්නා. සින්ඩිත් දැන් ඉන්නේ සතුටින්. මම සින්ඩිගේ ශ්‍රී  ලංකාවේ උපදේශක විදිහට සතුටු වෙනවා. "
 
මව්බිම
බදුල්ල - ඒ.අයි. හසන්
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top