මෙරට සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක වන යශෝධා විමලධර්මගේ නම Walk of Fame names තරු සලකුණු අතරට එකතුව ඇති බවට පළවන සමාජ මාධ්‍ය වාර්තා කිසිදු සත්‍යතාවයකින් තොර බවට වාර්තා වනවා.
එම සමාජ මාධ්‍ය වාර්තාවල දකැවන්නේ, ලොස් ඇන්ජලිස් ප්‍රදේශයේ හොලිවුඩ් නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ගයේ ඇති Walk of Fame යන තරු සලකුණු අතරට ඇයගේ නම ද එකතු කර ඇති බවටයි.
කෙසේ වෙතත් මේ සුවිශේෂි අගය කිරීම ලැබෙන්නේ, ඇමරිකාවේ සිනමාව, සංගීතය, වේදිකාව, රූපවාහිනිය ආදී විවිධ කලා ක්ෂේත්රයන් තුළ අළෙවි වාර්තා තැබූ නිෂ්පාදනවලට දායකවුවන්ට පමණක් බවයි සිනමා මාධ්‍යවල දැක්වෙන්නේ.
මෙම මාර්ගය බොහෝ සංචාරකයින් ගැවසෙන ස්ථානයක් වන අතර එහි ඇති තමන්ගේ ප්‍රියතම කලාකරුවනගේ තරු සලකුණු අසළ හිඳ ඡායාරූප ලබාගැනීම සාමාන්‍ය දෙයක් ද වනවා.
එමෙන්ම එහි පලනාධිකාරිය කටයුතු කර ඇත්තේ, සංචාරක ආකර්ෂණය දිනා ඇති එහි පදික වේදිකාවල ඇති හිස් තරුවක තම නම සටහන් කර ඡායාරූප ගැනීමේ අවස්ථාවක් ලබා දීමටයි.
හිස් තරු අසල පිත්තල අක්ෂර සහ කලා අංශයේ සලකුණු රාශියක් තබාගෙන පුද්ගලයෙකු ඒ අසලම සිටින බව ද සඳහන්.
ඕනෑම කෙනෙකුට ඒ අකුරුවලින් මේ හිස් තරුව මත තමන්ගේ නම සටහන් කර, තමන් කැමති කලා සලකුණද තබා ඡායාරූපයක් ගැනීමට අවස්ථාව තිබෙනවා.
මේ සඳහා ඒ පුද්ගලයා අකුරු ගණන අනුව සුළු මුදලක් අයකරන අතරම ඔවුන් සතුව ඇකඩමි සම්මානයක ආකෘතියක්ද පවතින බවයි වාර්තා වන්නේ.
ඉන් තමන් කැමති සම්මානයක් සමඟ ද ඡායාරූප ගැනීමට හැකියි.
2018 වසරේ ලොස් ඇන්ජලිස් ප්‍රදේශයේ සංචාරයක නිරත වූ යශෝධා විසින් ගත් ඡායාරූප කිහිපයක් යළිත් කවුරුන් කෙනෙකු විසින් යළි මුදා හැරීම හේතුවෙනුයි මෙම වියවුල් සහගත තත්ත්වය හටගෙන ඇත්තේ.
සැබෑ ලෙස Walk of Fame names නම් අතරට එකතු වූවන්ගේ නම් එම තරුව තුළට කිඳාබැස තිබෙන ආකාරය ද දැකගත හැකි වනවා.
කෙසේ වෙතත්, යශෝධාගේ නම මතුපිටින් පෙනෙන බවත් එම ඡායාරූප නිරීක්ෂණය කිරීමේදී දැක ගැනීමට හැකියි.