ගුවන්තොටුපල විවෘත කිරීමේදී කොරෝනා වෛරසය යළි මෙරට ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.
එසේම, අප්‍රේල් 25 වනදා සිට මේ දක්වා සමාජය තුළින් රෝගීන් වාර්තා වී නොමැති පසුබිමක වුව ද, සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කළ යුතු බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ.
මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 20 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා අද රෝහල් වලින් පිටව ගියා.
ඒ අනුව, කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1639 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
එසේම, අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 19 දෙනෙකු ද වාර්තා වුණා.
ඔවුන් සියලූදෙනා බංග්ලාදේශයේ සිට දිවයිනට පැමිණි පිරිසක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.
එම පිරිසත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2033 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 383ක්.
මේ අතර, මුඛ ආවරණ පැලදීමකින් තොරව ප්‍රසිද්ධ ස්ථානවල හැසිරෙන පුද්ගලයින්ට අවවාද කර ඔවුන්ගේ තොරතුරු ලබා ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියළු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
එලෙස ලබා ගන්නා තොරතුරු පිළිබද සංඛ්‍යාත්මක වාර්තාවක් පොලිස් ස්ථාන අනුව කොට්ඨාශ මට්ටමින් සකස් කර ඉදිරි සතිය තුළ සෑම දිනෙකම තමන් වෙත යොමු කිරීමට පියවර ගත යුතු බවයි වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ.
මේ අතර, ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට කෝටියකට ආසන්න වෙමින් පවතිනවා.
ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව සඳහන් වන්නේ අනූනව ලක්ෂ 35,069ක් ලෙසයි.
ලොවපුරා මරණ හාර ලක්ෂ 97,547ක් සටහන් වනවා.