අගෝස්තු 1 වන දා සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සඳහා විවෘත කිරීමට සැලසුම් කළ ද එය තවදුරටත් ප්‍රමාද විය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.
ඒ අනුව අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් පැවසුවේ කටුනායක ගුවන් තොටුපළ විවෘත කරන දිනය අගෝස්තු 15 හෝ ඊටත් පසු විය හැකි බවයි.
මේ අතර, අද මහනුවර දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, කොරෝනා මර්දන කටයුතු පිළිබඳව අදහස් පළ කළ අතර ඔහු කියා සිටියේ ජනතාව තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු බවයි.