සැමියා බිරියානි ගෙනැවිත් ලබා නොදීම හේතුවෙන් සිරුරට ගිනි තබාගත් බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ, ඉන්දියාවේ, චෙන්නායිහි පදිංචිව සිටි දෙදරු මවක් වන සෞම්‍යා නමැති අයෙක්.
මොවුන් ජීවත් වන කුලි නිවෙසහි අයිතිකරු විසින් පසුගියදා තමන්ට බිරියානි පාර්සලයක් ගෙනැවිත් දෙන ලෙස මුදල් ලබාදී තිබුණා.
එය ඇසීමෙන් අනතුරුව සෞම්‍යා ද කම්කරුවෙකු වන සිය සැමියා වෙත කියා සිටියේ, තමන්ට ද බිරියානි ආහාරයට ගැනීමට අවශ්‍ය බවයි.
කොරෝනා වසංගතය ව්‍යාප්තවීමත් එරට බොහෝ සේවා ස්ථාන වසා දමා ඇති බැවින් බිරියානි මිලදී ගැනීම සඳහා වන මුදල් තමන් සතුව නොමැති බවයි එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
අනතුරුව අඹුසැමියන් අතර බහින් බස්වීමක් ද සිදුව ඇති බව සඳහන්.
ඉන් කෝපයට පත් සෞම්‍යා යතුරුපැදියෙහි තිබු පෙට්ට්‍රල් සිය සිරුරට වත්කරගෙන ගිනි තබාගෙන තිබුණා.
බරපතල තුවාල සහිතව රෝහල් ගත කළ ඇය එහිදී කියා සිටියේ, " මගේ සැමියා මාව බේරගනියි කියලා හිතුවා..දරුවන්ගෙන් සහ සැමියාගෙන් වෙන වෙන එක දුකයි.." යනුවෙන්.
එලෙස ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.