වත්සලා ඉතින් කොහොමද ජීවිතේ?
ජීවිතය සුන්දරයි. හරිම සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.
ජීවිතය එක පැත්තකින් සුන්දරව ගෙවන කොට කලාවේ සුන්දර අතීතය අමතක වෙනවාද?
කවදාවත්ම නැහැ. කලාවට එදා වගේම අදටත් ආදරෙයි. කලාව මගේ ජීවිතයේ කොටසක්. කලා ජීවිතයයි, පෞද්ගලික ජීවිතයයි දෙක පටලවාගන්න මම කැමැති නැහැ.
කලාව ජීවිතයේ කොටසක් වුණාට, ඔබ නිර්මාණවලින් ඈත්වෙලා ගිහින් වගේ අපට දැනෙන්නේ?
අවුරුදු එකහමාරකින් විතර රඟපෑවේ නැහැ. සමහරු හිතන්නේ මම කලාවෙන් ඈත්වෙලා කියලා තමයි.
මෙච්චර කාලයක් නිහඬ වීමට හේතුවක් ඇති නේද?
මම ඉතින් එදා ඉඳලා තෝරා බේරාගෙන තමයි නිර්මාණවලට සම්බන්ධ වුණේ. දැන් හැදෙන සමහර නිර්මාණවලට මම කැමැති නැහැ. මේ යන රැල්ලට මම කොහොමත් කැමැති නැහැ.
හැබැයි වත්සලා ක්‍ෂේත්‍රයට ආපු කාලෙත් රැල්ලක් තිබුණා?
ඔව්. මම ඒක පිළිගන්නවා. නමුත් ඒ ඇතිවුණේ සුන්දර රැල්ලක්. ඒ නිර්මාණවල සුන්දර අතීතයක් තිබුණා. අඩු ගාණට රඟපාන්න ශිල්පීන් අද ඕනෑ තරම් ඉන්නවා. නිර්මාණ හැදුවාට සම්පූර්ණ පිටපතක් ඒ නිර්මාණවල නැහැ. එහෙම වැඩ කරන්න මම කැමැති නැහැ. ඉතින් එහෙම බලනකොට මෙහෙම නිහඬවෙලා ඉන්න එක හොඳයි කියලා මට හිතුණා.
හැබැයි ඔබට ආදරය කරපු ඔබේ ප්‍රේක්‍ෂකයන්ට ඔබ කරන්නේ අසාධාරණයක් නෙවේද?
මට ආදරය කරපු ප්‍රේක්‍ෂකයන් මම ගැන හොයන බව මම දන්නවා. මොකද මම නිර්මාණවල දකින්න නැති නිසා සමහරු හිතාගෙන ඉන්නේ මම ලංකාවේ නැහැ කියලා. මගේ ආදරණීය රසික රසිකාවියන්ට මම ආදරෙයි. ඔවුන්ට මම අසාධාරණයක් කරන්නේ නැහැ.
එයින් ඔබ අදහස් කරන්නේ නැවැත රඟපෑමට සූදානම් බවද?
ඇත්තටම හොඳ නිර්මාණයකින් මට ආරාධනා ලැබුණොත් මම එය ගැන සලකා බලනවා. මම කැමැති විවිධ චරිත රඟපෑමට. තවම මගෙන් හරිහමන් වැඩක් අරගෙන නැහැ. කොටස් ප්‍රමාණය අඩු හොඳ නිර්මාණයකට සම්බන්ධ වීමට මගේ ආශාවක් තිබෙනවා.
ටෙලිනාට්‍යවල ඔබ ඉඳහිට දුටුවත් චිත්‍රපටයකින් නම් ඔබව දැකගන්නට ලැබුණේම නැහැ?
චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ආශාවක් තිබුණා. දුව පොඩි කාලේ මට චිත්‍රපටයකින් ආරාධනා ලැබුණා. ඒත් දුවගේ වැඩ කටයුතුත් එක්ක මට එයට සම්බන්ධ වීමට බැරි වුණා.
වත්සලා ඔබගේ ෆේස්බුක් ගිණුම් හරහා ඔබේ චරිතයට හානියක් සිදුවෙමින් යනවා නේද?
මට ෆේස් බුක් ගිණුමක් නැහැ. මගේ නමින් ෆේස් බුක් ගිණුම් හතක් විතර හදාගෙන මම විදියට මැසේජ් කරනවා. එය මගේ චරිතයට හානි කිරීමක්. එය මටත් ප්‍රශ්නයක්. මම දන්න සමහරු මට කතා කරලා ඔය ගැන අහනවා.
වසන්ත විතාරණගේ
උපුටා ගැනීම "මව්රට" පුවත්පත