Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
27
කොරෝනා අස්සේ, කාටත් හොරෙන් ගෙදරින් එළියට බැස්ස ආක්ෂේ කුමාර් කළ දේ - Photos

- කොරෝනා අස්සේ, කාටත් හොරෙන් ගෙදරින් එළියට බැස්ස ආක්ෂේ කුමාර් කළ දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,864 Views
කොරෝනා වසංගතය හේතුවෙන් පනවා ඇති විවිධ සීමා තහංචි නිසා මේ දිනවල සිනමා නළු නිළියන්ටත් සිය රඟපෑමේ කටයුතුවලින් ඈත් වීමට සිදුව ඇති බව රහසක් නොවෙයි. ඔවුන් බොහෝ දෙනකු දැන් මාස කිහිපයක සිටම කාලය ගත කරන්නේ වැඩ නැතිවයි.
 
ඉන්දියාව වගේ රටවල සමහර නළු නිළියන් නම් මේ ගැන සතුටු වන ආකාරයකුත් දකින්න ලැබුණා. දිගු කාලයකට පසු තම අඹු දරුවන්, සමීපතමයන් සමඟ කල් ගෙවීමට දිගු නිවාඩුවක් ලැබුණු නිසයි ඒ.

කෙසේ හෝ වේවා කොරෝනා පැතිරෙන අතරේම වුවත් පසුගිය දිනවල ආක්ෂේ කුමාර් නම් රූපගත කිරීමකට සහභාගි වී තිබුණා. නමුත් එය සිනමාපටයක් නොව ප්‍රචාරක දැන්වීමක් බවයි සඳහන් වන්නේ. 
 
එයට පසුබිම් වන්නේත් කොරෝනා වසංගතයටම අදාළ කාරණයක්. වසංගතය හේතුවෙන් මේ වනවිට පනවා ඇති සංචරණ සීමා ආදිය ලිහිල් කිරීමෙන් පසු ජනතාව කටයුතු කළ යුතු ආකාරය සහ ඔවුන්ගේ වගකීම් ගැන දැනුවත් කරන දැන්වීමක් බවයි සඳහන් වන්නේ. 
 
මෙම දැන්වීම රූපගත කර තිබුණේ මුම්බායි හිකමලිස්තාන් චිත්‍රාගාරයේයි. එය අධ්‍යක්ෂණය කර තිබුණේ සුප්‍රකට අධ්‍යක්‍ෂවරයකු වන ආර්. බල්කි. මෙම දැන්වීම ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද්දක් බවත්, එය රූපගත කිරීමේදී සියලුම සෞඛ්‍යාරක්‍ෂක උපදෙස් පිළිපදිනු ලැබූ බවත් ඔහු මෙන්ම ආක්ෂේ ද සඳහන් කර තිබුණා. මෙය රූපගත කිරීමේදී තමා ලැබූ අත්දැකීම් ගැන ආක්ෂේ පසුව මාධ්‍ය සමඟ විස්තර කර තිබෙනු ද දැකිය හැකි වුණා.
 
“ඇත්තටම කාලෙකට පස්සේ කැමරාවක් ඉස්සරහට යන්න ලැබීම ගැන මගේ හිතේ ලොකු සතුටක් තිබුණා. නමුත් එය තරමක් වෙනස් සහ අමුතු අත්දැකීමකුත් වුණා. රූපගත කරන ස්ථානයේ හිටියේ වෙනදා ඉන්න සංඛ්‍යාවට වඩා බොහොම අඩු පිරිසක්. 
 
සාමාන්‍යයෙන් අපි රූපගත කිරීමකට ගියාම එකිනෙකා සිප වැලඳගෙන, අතට අත දීලා ආචාර කර ගන්නවා. නමුත් මෙවර ඒ කිසි දෙයකට ඉඩක් තිබුණේ නැහැ. ඈත ඉඳන් ආචාර සමාචාර පැවැත්වීමත් අමුතු අත්දැකීමක් වුණා. මට බල්කි සර්වවත් වැලඳගන්න ලැබුණෙ නැහැ. 
 
එහි තිබුණු  හැම දෙයක්ම නිතරම විසබීජහරණයට ලක් කළා. ඒ වගේම එතැනට ආ හැමෝගේම උණ බැලුවා. හැමෝම මුහුණු ආවරණ පැලඳගෙනයි වැඩ කළේ. සහාය අධ්‍යක්‍ෂවරයා දර්ශන ගැන විස්තර කළෙත් අෑතින් ඉඳගෙනයි. ඔහුත් මුහුණු ආවරණයක් පැලඳගෙනයි හිටියෙ.
 
 සමහරු මුළු මුහුණම වැහෙන්න ප්ලාස්ටික් ආවරණ පවා පැලඳගෙන හිටියා. හරියට අපි ඔක්කොම යුද්ධෙකට යන්න ලෑස්ති වෙනව වගෙයි දැනුණෙ'' ආක්ෂේ සඳහන් කර තිබුණා.
 
ඉන්දියාව කෙමෙන් සංචරණ සීමාවන් ආදිය ලිහිල් කරමින් සිටින මෙම අවස්ථාවේ මෙවැනි සෞඛ්‍යාරක්‍ෂක පියවර අනුගමනය කිරීමේ වැදගත්කම ගැනත් ඔහු අවධාරණය කරනවා. “බොහෝ කාර්යාල ආදිය දැන් විවෘත කරමින් සිටිනවා. නමුත් ඔබට තවදුරටත් නිවෙසේ සිට වැඩ කිරීමේ හැකියාව තිබෙනවා නම් කරුණාකර එම පිළිවෙත අනුගමනය කරන්න. නමුත් ඔබ රැකියාවට යෑම සඳහා නිවෙසින් පිටතට එනවා නම් ඔබේ නාසයත්, මුවත් වැසෙන ආකාරයෙන් මුහුණු ආවරණයක් පලඳින්න.
 
 නාසය හෝ මුව හෝ නොවැසෙන ආකාරයෙන් මුහුණු ආවරණ පලඳින කට්ටියත් මම අනන්තවත් දැකලා තියෙනවා.  එහෙම කරන්න එපා. නාසයයි, මුවයි සම්පූර්ණයෙන් වැසෙන ආකාරයෙන් ඒවා පලඳින්න. නිතරම ඔබේ දෑත් සෝදන්නත් පියවර ගන්න. ඒ වගේම මෙම දුෂ්කර අවස්ථාවේ ඔබේ උදවු අවශ්‍ය අයට, ඔබට තරම් වරප්‍රසාද නොමැති අයට උදවු කරන්නත් අමතක කරන්න එපා” ආක්ෂේ තවදුරටත් සඳහන් කරනවා.
 
පසුගිය දිනවල ආක්ෂේ ගැන විශාල මාධ්‍ය අවධානයක් යොමු වූ තවත් කාරණාවක් තිබුණා. එනම් ලෝකයේ වැඩිම ආදායම් උපයන (කලාකරුවන්,  ක්‍රීඩකයන් වැනි) ප්‍රසිද්ධ පුද්ගලයන් (Celebrities) 100 දෙනා අතරට ඔහු ද එක්ව සිටීමයි. ඉන්දියාවෙන් මෙම 100 දෙනාගේ ලැයිස්තුවට එක්ව සිටි එකම පුද්ගලයා වූයේත් ඔහුයි. පසුගිය වසරක කාලය තුළ උපයන ලද ආදායම් පදනම් කර ගනිමිනුයි. ෆෝබ්ස් (Forbes) නමැති ජාත්‍යන්තර ව්‍යාපාරික සඟරාව මෙම ලැයිස්තුව සකස් කර තිබුණේ. ආක්ෂේ එම වසර තුළ උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 48ක් ලෙස සටහන් වුණා. එය ලංකා රුපියල්වලින් කෝටි 900කට ආසන්නයි. 
 
මෙහි ඇති තවත් විශේෂත්වයක් වූයේ ලෝකයේ අතිශයින් ජනප්‍රිය කලාකරුවන් වන ටොම් කෲස්, බ්‍රැඩ් පිට්, ජැකීචෑන්, ජෙනිෆර් ලෝපස්, ලේඩි ගාගා වැනි අය පවා අභිභවා යෑමට පසුගිය වසර තුළ ආක්ෂේ සමත්ව සිටීමයි. ආක්ෂේ මෙම ලැයිස්තුවේ සිටින්නේ 52 වැනි ස්ථානයේයි. ඔහු මෙම ලැයිස්තුවට ඇතුළත් වූ පළමු අවස්ථාව මෙය නොවන බවත් සඳහන් කළ යුතුයි.  “මට මුල් කාලෙ හිතුණෙ රුපියල් කෝටියක් විතර හම්බකර ගත්තම හොඳටම ඇති කියලයි. 
 
ඒත් මමත් මනුස්සයෙක්නේ. පළමුවැනි කෝටිය හම්බ කළාට පස්සෙ හිතුණා ඇයි මට කෝටි 100ක් විතර හම්බකර ගන්න බැරි කියලා. ඊට පස්සෙ ඉතින් නැවතිල්ලක් තිබුණෙම නැහැ" තමුන්ගේ මුදල් ඉපැයීම ගැන ආක්ෂේ ඔන්න ඔහොමයි වරක්  සඳහන් කර තිබුණේ.
 
පසුගිය වසරේ තිරගත වූ, ආක්ෂේ රඟපෑ චිත්‍රපට කිහිපයක්ම වාණිජ අතින් අතිශයින් සාර්ථක වීමත් ඔහුගේ  ආදායම් ඉහළ යෑමට හේතුවක්. මිෂන් මංගල්, හවුස් ෆුල් 4, Good Newwz  වැනි චිත්‍රපට ඒ අතරින් ප්‍රධානයි.
 
සනත් වික්‍රමගේ


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top