Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
27
"කුමාරයා මං ළඟ ඉන්නවා වගේ හැඟීමක් දැනෙනවා, ඒ කූඩය අරගෙන දුවද්දී පවා. කවුරුවත් මාව එකපාර තරුවක් කළේ නැහැ.." - හිරු මාධ්‍ය ජාලයේ දැවැන්ත ටෙලි නිර්මාණයට රංගනයෙන් එක් වෙන, රිතූ ආකර්ෂා කියූ කතාව - Photos

- "කුමාරයා මං ළඟ ඉන්නවා වගේ හැඟීමක් දැනෙනවා, ඒ කූඩය අරගෙන දුවද්දී පවා. කවුරුවත් මාව එකපාර තරුවක් කළේ නැහැ.." - හිරු මාධ්‍ය ජාලයේ දැවැන්ත ටෙලි නිර්මාණයට රංගනයෙන් එක් වෙන, රිතූ ආකර්ෂා කියූ කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

49 Views
"මහා අව්වේ කට්ට කාගෙන රඟපාන්න අකැමැති නම් මම මේ වැඩේ භාරගන්නෙත් නැහැ.."
 
"මම නිළියක් කියලා ඔළුව උදුම්මගෙන ආඩම්බරයෙන් ඉන්න කෙනෙක් නෙමෙයි.."
 
"තවම මම තනිකඩයි.. එයාලා නම් දැන් බඳින්න කියලා චුරු චුරු ගානවා.."
 
වසර 2563කට ප්‍රථම ගෞතම බුදුන් වහන්සේගේ ප්‍රාර්ථනය යථාවත් කරන්නට ශාක්‍ය වංශයෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ නරපතියා වූ ලාංකේය රාජ්‍ය වංශයේ ප්‍රථම ශාක්‍යවංශික මහරජු වූ පණ්ඩුවාසුදේව රාජ්‍ය සමය අළලා, ඉතිහාසයේ සිදු වූ සත්‍ය කථාව ඇසුරෙන් නිර්මාණය වූ 'මහවිරු පණ්ඩු' හිරු ටී.වී ඔස්සේ සතියේ සෑම දිනකම රාත්‍රී 7.30ට විකාශය වනවා.
 
ජනප්‍රිය, දක්ෂ රංගන ශිල්පිනියක් වන රිතූ ආකර්ෂා මෙම ටෙලි නාට්‍යයෙන් අපට හමුවන්නේ 'ගුම්බකබූත' නම් චරිතයෙන්. මේ ඇය ඒ ගැන වගේම... පෞද්ගලික ජීවිතේ තොරතුරු ගැනත්.. සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක්...

රිතු මේ දවස්වල ඉතිහාසයට මුහුවෙලා අලුත් මුහුණුවරකින් දකින්න ලැබෙනවා. ඒ ගැන මුලින්ම කතා කරමු?
ඔව්. මේ දවස්වල සනත් අබේසේකර මහත්මයා අධ්‍යක්ෂණය කරන 'මහවිරු පණ්ඩු' ටෙලි නිර්මාණයෙන් මාව ප්‍රේක්ෂකයන්ට මුණගැහෙන්නේ 'ගුම්බකබූත' කියන චරිතයෙන්. ඉතිහාසයේ හිටපු අපි ඉගෙන ගත්ත චරිතයකට පණපොවන්න ලැබීමම සතුටට කාරණාවක්. ආයෙත් ඒ වගේ චරිතයකට පණපොවන්න ලැබීමට තරම් මම ගොඩක් වාසනාවන්තයි.
 
කුමාරයෙක් ආරක්ෂා කරන්නයි රිතූ වෙහෙසෙන්නේ?
ඇත්තටම පණ්ඩුකාභය කුමාරයා ආරක්ෂා කරන්න තමයි මම මහන්සි වෙන්නේ. කුමාරයා මං ළඟ ඉන්නවා වගේ හැඟීමක් දැනෙනවා. ඒ කූඩය අරගෙන දුවද්දී පවා. ඇත්තටම අපි අහලා තියෙන ඉතිහාස චරිතයක් නිරූපණය කිරීම හිතන තරම් පහසු නැහැ. කලින් මේ කතා පුවත චිත්‍රපටයකට නැඟිලා තියෙනවා. ඒ චිත්‍රපටයෙදී ගුම්බකබූත කියන චරිතයට දුලානි අනුරාධා දක්ෂ ලෙස රංගනයේ යෙදුණා. ලොකු අභියෝගයක් මම සතුටින් භාරගත්තා. පිටපත කියවලා විතරක් නෙමෙයි අධ්‍යයනයකින්, කැපවීමකින් මේ චරිතය කරන්න මම මහන්සි වෙනවා.
 
මෙය රිතූගේ රංගන ජීවිතයේ හොඳ හැරවුමක් වෙයිද?
මෙය මගේ රංගන ජීවිතයේ ලොකු කඩඉමක් වෙයි කියලා මම හිතනවා. මම එදිනෙදා ජිවිතයේ සිදුවෙන සිදුවීම් ටිකක් රඟපානවට වඩා අධ්‍යයනයකින් මහන්සි වෙලා නිර්මාණ කරන්න ආසයි. මේ වගේ චරිත නිරූපණ මම කරලා තිබ්බත් මේක මට සුවිශේෂී චරිත නිරූපණයක්. මෙයින් මට චිත්‍රපටවලටත් එකතු වෙන්න හොඳ අවස්ථාවක් ගොඩනැඟෙයි කියලා මම හිතනවා.
 
රිතු එක දිගට රංගනයේ පේන්න ඉන්න නිළියක් නෙවෙයි. තෝරා ගැනීම්ද ඔබට නිවාඩු දෙන්නේ?
මම ක්ෂේත්‍රයට ආව දවසේ ඉඳන් ආව හැම වැඩේම කරපු කෙනෙක් නෙමෙයි. මම තුන්සිය හැටපස් දවසෙම කාර්යබහුල වෙන්න කැමැති කෙනෙකුත් නෙමෙයි. මම එක දිගට කාර්ය බහුල වෙන්න කැමැති නැහැ. මම ටික දවසක් නිවාඩුවක් ගන්න එකෙන් මට ඊළඟට කරන චරිතයකට වුණත් සාධාරණයක් කරන්න පුළුවන් පසුබිම නිර්මාණය වෙනවා. මුදල්ම බලාගෙන නෙමෙයි රඟපාන්න ඕනේ. මම කැමැතියි ස්වර්ණා මල්ලවආරච්චි වගේ රංගන ශිල්පිනියක් වෙන්න. තව අවුරුදු ගාණක් ගිහින් කවුරු හරි කිව්වොත් මම රිතු ආකර්ෂා වගේ නිළියක් වෙන්න කැමැතියි කියලා ඒක මට සම්මානයකටත් වඩා වටිනවා.
 
මේ වෙනකොට රිතූට තිබෙන ඉල්ලුම සහ වටිනාකම ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?
ඔව්. මම ලැබෙන දෙයින් සතුටු වෙන කෙනෙක්. මම එක දවසින් තරුවක් වුණු කෙනෙක්වත්, කවුරුවත් මාව එකපාර තරුවක් කළේවත් නැහැ. මට තියෙන්නේ මගේ දක්ෂතාවයෙන්, මහන්සියෙන් ආපු ගමනක්. මම මට ලැබිච්ච අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගත්තා. මගේ මහන්සියේ ප්‍රතිඵල මට තියෙනවා. රංගනයට ආපු දවසේ ඉඳන් තාමත් අඩුවක් නැතිව වැඩ ලැබෙන්නත්, මට ඒ ලැබෙන දේවල්වලින් තෝරාගෙන වැඩ කරන්නත් ලැබුණා. ප්‍රේක්ෂකයන්ට මතක හිටින කෙනෙක් වෙන්නත් මට පුළුවන් වුණා. මට ලැබුණු දේවල්, ලැබෙමින් තියෙන දේවල් ගැන සෑහීමකට පත්වෙනවා. මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහයක් විතර වෙනවා. කවදාවත් මගේ නාට්‍යයක් ප්‍රේක්ෂකයන්ට දකින්න නොලැබිලා නැහැ.
 
රූපෙට, හැඳුනුම්කම්වලට, සම්බන්ධතාවලට ක්ෂේත්‍රයේ සමහර නිළියන්ට අවස්ථා ලැබෙනවලු. රිතූ එහෙම අවස්ථා ලබාගෙන නැද්ද?
මාව නිර්මාණයකට ගන්නේ ඒ නිර්මාණයට මාව අවශ්‍ය නම් විතරයි. දක්ෂතාවට තමයි මට අවස්ථා ලැබෙන්නේ. ලස්සන තිබ්බට මේ ක්ෂේත්‍රයේ රැඳෙන්නට බැහැ. දක්ෂතාවය උනන්දුව, ප්‍රායෝගිකකම, නිහතමානීකම, කැපකිරීම් කියන මේ හැමදේම අවශ්‍යයි ක්‍ෂේත්‍රයේ රැඳෙන්න. ඔය එකක් හරි මඟහැර ගත්තොත් තමයි වැඩ නැති වෙන්න පටන්ගන්නේ.
 
රිතූ කියන්නේ පවුල් පසුබිමකින් මේ ක්‍ෂේත්‍රයට ආපු කෙනෙක් නෙමෙයි. තනියම ක්‍ෂේත්‍රයට එන්නත්, ක්‍ෂේත්‍රයේ ගමනක් යන්නත් අපහසු වුණ අවස්ථා නැද්ද?
මට මගේ ගමන යන්න අපහසු වුණේ නැහැ. හිරු ටී.වී. නාළිකාවේ 'හිරු තනිවෙලා' කියන නාට්‍යයේ රඟපාලා තමයි මම ක්‍ෂේත්‍රයට ආවේ. මම මට ලැබිච්ච පළමු අවස්ථාවෙන්ම ප්‍රයෝජනයක් ගත්තා. පවුල් පසුබිම තියාගෙන රංගනයට ආවත් හැකියාව, දක්ෂතාවය, කැපවීම නැත්නම් මේ ක්‍ෂේත්‍රයේ කාටවුණත් රැඳිලා ඉන්න අමාරුයි. මට අවස්ථා ලැබුණේ එකිනෙකාගේ කැමැත්ත නිසා නෙමෙයි. චරිතයට අවශ්‍ය වුණාම මාව ඒ නිර්මාණවලට සම්බන්ධ කරගත්තා. අපි අපේ ගමන හරියට හදාගන්න දැනගන්න ඕනෑ.
 
රිතූ ජනප්‍රියත්වය හොයන කෙනෙක්ද?
මට හැමදාම ඕන වුණේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන්න නෙමෙයි. හොඳ චරිතාංග රංගන ශිල්පිනියක් වෙන්නයි මට ඕන වුණේ. ඒ වෙනුවෙන් හොඳ චරිත කරන්න තමයි මට අවශ්‍ය.
 
රිතූට සම්මානනීය ඇගයුම් දුරද?
රංගන ක්‍ෂේත්‍රයට ආපු මුල් කාලේ ඉඳන් මාව ජනප්‍රිය නිළි සම්මානයට නිර්දේශ වුණා. මට ඕනේ ජනප්‍රිය සම්මානයට වඩා හොඳම නිළි සම්මානය. සම්මානනීය ඇගයුමක් ලබන්න හැමෝම කැමැතියිනේ. හොඳම දේවල් හම්බවෙන්න කල් යනවනේ. ජනප්‍රිය සම්මාන අහිමි වෙන්නෙත් පහුවෙලා හරි මට හොඳම දේ ලැබෙන්න වෙන්නත් පුළුවන්. අපි දකිනවා සමහර වෙලාවට ජනප්‍රිය සම්මාන එහෙම ලැබෙන්න ඕන කෙනාට නෙමෙයි ලැබෙන්නේ. මට ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර ජනතා සම්මානය විදිහට ලැබිලා තියෙනවා. කවදා හරි සම්මාන උළෙලක ලොකුම සම්මානය ලබාගන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ.
 
ඒ කියන්නේ මුදල් දීලා, හැඳුනුම්කම්වලින් ජනප්‍රිය නිළියක් වෙන්නත් රිතූට ඕනේ නැද්ද?
මුදල්වලට හරි, කවුරු හරි මට අරන් දෙන ජනප්‍රිය නිළි සම්මානයක් ගන්න ස්ටේජ් එකකට නඟින්න හරි මට ලැජ්ජයි. ඒ විදිහට සම්මානයක් අරන් වේදිකාවෙදී අනෙක් අයට ස්තූති කරන්න, හරි විදිහට සම්මාන ගන්නේ නැතුව වෙන අය අරන් දෙන සම්මානයක් අරන් ඡායාරූප ගන්න හරි මට ලැජ්ජයි. එහෙම සම්මාන නම් මට එපා.
 
රිතූ කියන්නේ රංගනය වෙනුවෙන් ඕනම කට්ටක් කන්න පුළුවන් නිළියක්ද?
මට හොඳ පිටපතක්, හොඳ අධ්‍යක්ෂවරයෙක්, හොඳ කැමරා අධ්‍යක්ෂවරයෙක් එකතුවුණු හොඳ වැඩක් ලැබුණොත් මම ඕන කට්ටක් කනවා. මහවිරු පණ්ඩු නාට්‍යයට වුණත් මම ඒ කැපවීම කරනවා. මගේ මුළු ඇඟම හම ගිහින් තියෙන්නේ. ලොකු පෙට්ටියක් අරන් දුවලා මගේ කොන්ද පවා රිදෙනවා. පාන්දර තුනේ ඉඳන් නැඟිටගෙන මහා අව්වේ කට්ට කාගෙන රඟපාන්න අකැමැති නම් මම මේ වැඩේ භාරගන්නෙත් නැහැ. හොඳ නිර්මාණයකට ඕන කට්ටක් කන්න මම ලෑස්තියි.
 
රිතූ ක්ෂේත්‍රයේ කාත් එක්කවත් නොහොඳ නෝක්කාඩු ඇති කරගෙන නැද්ද?
මම කවදාවත් එහෙම නොහොඳ නෝක්කාඩු ඇති කරගෙන නැහැ. කේලම් කියාගෙන ගිහින් නැහැ. මාත් එක්ක වැඩ කළ හැමෝම මට ආදරෙයි. මමත් ඔවුන්ට ආදරෙයි. අපේ පරපුරේ අය වුණත් හොඳ සහයෝගයකින් වැඩ කරනවා. එකිනෙකා අගය කරනවා.
 
රිතූට වැඩිපුරම ආකර්ෂණය ලැබිලා තියෙන්නේ ප්‍රේක්ෂකයන්ගෙන්ද?
ඔව්. ප්‍රේක්ෂකයන්ගෙන් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ගෙවල්වල ඉන්න අම්මලා, ආච්චිලා මට ගොඩක් කැමැතියි. මාව දැක්කත් එයාලා මුහුණ අත ගාලා ආදරයෙන් කතා කරනවා. ඒ වගේම මට ඉස්කෝලේ යන මල්ලිලත් කැමැතියි. ඒ මම මියුසික් වීඩියෝවලටත් සම්බන්ධ වෙන නිසා. මට හැම ප්‍රේක්ෂකයන්ගෙන්ම ඇත්ත ආදරයක් ලැබෙන්නේ.
 
පුංචි තිරයෙන් දකින චරිත නිසා ප්‍රේක්ෂකයන් රිතූ මෙන්න මේ වගේ චරිතයක් වෙන්න ඇති කියලා හිතාගෙන ඉන්නවනේ. හැබැයි ඔබ හරියටම කොයි වගේ කෙනෙක්ද කියලා දන්නේ රිතුම විතරයි නේද?
ගොඩක් ප්‍රේක්ෂකයන් හිතාගෙන ඉන්නේ මම නපුරු වස, ආඩම්බර චරිතයක් කියලා. මාව පාරෙදි හරි ඇත්තටම දැකලා තියෙනවා නම් මාත් එක්ක කතා කරලා තියෙනවා නම්, මාත් එක්ක වැඩ කරලා තියෙනවා නම් කවුරුවත් මම නපුරුයි කියලා කියන එකක් නැහැ. මම නිළියක් කියලා ඔළුව උදුම්මගෙන ආඩම්බරයෙන් ඉන්න කෙනෙක් නෙමෙයි. නමුත් හැම ගැහැනියකටම තිබෙන ආඩම්බර ගතිය මගෙත් තියෙනවා. හැබැයි මම නිළියක් කියලා කාටවත් ලොකුකම් දාගෙන නැහැ.
 
රිතූ දැන් පෙම්වතියක් කිව්වොත්?
ඇත්තමයි මම පෙම්වතියක් නෙමෙයි. හොඳම දේ හොයන එක තමයි ඒකටත් මුල. තවම මම තනිකඩයි. අපිට හරියන කෙනා හරි වෙලාවේදී හම්බවෙයි.
 
අම්මා තාත්තා රිතූට මනමාලයෝ හොයන්නේ නැද්ද?
මම පොඩි කාලේ ඉඳන් තැන්දලා දෙන්නා එක්ක හැදුණේ. එයාලා නම් දැන් බඳින්න කියලා චුරු චුරු ගානවා. අම්මයි, තාත්තයි නම් තවම එහෙම කියන්නේ නැහැ. මම කැමැතියි මට හරියන කෙනා මමම තෝරගන්න. තමන්ට වඩා තමන් ගැන දන්න කෙනෙක් නෑනේ. ආදරයට වඩා අපිට ඕන වෙන්නේ තේරුම් ගැනීම එක්ක ජීවත්වීම. කෙනෙක්ව තෝරගනිද්දී තේරුම් ගැනීම. කැපවීම සහයෝගය ලැබෙන කෙනෙක් ගැන හිතන්න ඕනේ.
 
තිළිණි කෞශල්‍යා විජේසිංහ
උලුටා ගැනීම - මව්බිම "හදගැස්ම"


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top