Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
27
බිබිල රෝහලට ඇතුළත් කළ කාන්තාවකගෙන් ලබාගත් තොරතුරු මත, හොර දොස්තරවරයෙකු රහසේම පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් වැටලූ හැටි මෙන්න

- බිබිල රෝහලට ඇතුළත් කළ කාන්තාවකගෙන් ලබාගත් තොරතුරු මත, හොර දොස්තරවරයෙකු රහසේම පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් වැටලූ හැටි මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,691 Views
බිබිල පොලිසිය තොරතුරු රැසක් අනාවරණය කර ගනී...
 
ඖෂධ වර්ග 19කුත් පොලිසියට භාරයට... කලිනුත් නඩු වැටුණු කෙනෙක්..
 
උදරයේ ආබාධයක්‌ සහ අධික රුධිර වහනය වීමක්‌ හේතුවෙන් බිබිල රෝහලට ඇතුළත් වූ කාන්තාවකගෙන් ලබාගත් තොරතුරු මත සෞඛ්‍ය නිලධාරීන් කණ්‌ඩායමක්‌ එක්‌ව ගබ්සා මධ්‍යස්‌ථානයක් වටලා තිබෙනවා.
 
මෙහිදී බටහිර වෛද්‍යවරයකු ලෙස පෙනීසිටි මුස්‌ලිම් ජාතිකයකු හා ගබ්සා සඳහා යොදා ගත් විවිධ ඖෂධ වර්ග 19ක්‌ද මෙහිදී වැටලීම් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට පත් මෙම පුද්ගලයා මුස්‌ලිම් ජාතිකයකු වන අතර ඔහු විසින් ගබ්සාවක්‌ සිදුකරමින් සිටි සිංහල කාන්තාවක අසාධ්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා බිබිල රෝහලට ඇතුළත් කර ඇති බව බිබිල පොලිසිය සිදු කළ මූලික පරීක්‌ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
 
මෙම ගබ්සා සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ පී. ඩී. කේ. අධිකාරි මහතාට ලද දැනුම් දීමකට අනුව ඒ මහතාගේ උපදෙස්‌ මත බිබිල අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක්‌ මත බිබිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා, මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් හා බිබිල පොලිසිය ද සමග ඒකාබද්ධව මෙම වැටලීම සිදු කොට තිබෙනවා.
 
2015 අංක 5 දරන ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ ව්‍යාජ වෛද්‍යවරයාට නඩු පවරන අතරම, මනුෂ්‍ය ඝාතනයක්‌ සිදුකිරීමේ චෝදනා යටතේ අදාළ කාන්තාවටද නඩු පැවරීමට කටයුතු කරන බව ආහාර හා ඖෂධ පරීක්‌ෂක පුෂ්පකුමාර මහතා පැවසුවා.
 
මෙම සැකකාර ව්‍යාජ වෛද්‍යවරයා බිබිල නගරය සීමාවේ බලපත්‍රයක්‌ නොමැතිව ඖෂධ සන්තකයේ තබාගෙන විකිණීම යටතේ 2016 වර්ෂයේදී ද නඩු පවරා ඇති අයකු බවත් ඉන්පසු මොහු නගර සීමාව අත හැර ගම්මානය වෙත ගොස්‌ මෙම ජාවාරම සිදු කරගෙන ගොස්‌ ඇති බවටත් තොරතුරු ලැබී ඇතැයි ආහාර හා ඖෂධ පරීක්‍ෂක පුෂ්ප කුමාර මහතා වැඩිදුරටත් කියා සිටියා.
 
සැකකරු බිබිල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
 
මත්තල - දිලීප් එන්. ජයසේකර
උපුටා ගැනීම - මව්බිම පුවත්පත
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top