Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
27
"ඕකිට සාපවේවා, සාපවේවා, සාපවේවා.! මම කවදාවත් වරදක්‌ කළේ නැහැ. ස්‌වාමිනි.." - 5 වසරේ දැරිය කාටත් රහසින් රැගෙන ගොස් දූෂණය කළ, නරුම ගුරුවරයෙකුට, වසර 14කට පසු අත් වූ ඉරණම

- "ඕකිට සාපවේවා, සාපවේවා, සාපවේවා.! මම කවදාවත් වරදක්‌ කළේ නැහැ. ස්‌වාමිනි.." - 5 වසරේ දැරිය කාටත් රහසින් රැගෙන ගොස් දූෂණය කළ, නරුම ගුරුවරයෙකුට, වසර 14කට පසු අත් වූ ඉරණමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,999 Views
"ප්‍රශ්න පත්තර බලන්න ඕනි කියලා දැරියව නවත්ත ගෙන..."
 
කාමරයක්‌ තුළට කැඳවාගෙන ගොස්‌ බංකුවක්‌ මත තබා දූෂණය කළ හැටි එළියට...
 
"මේ අපරාධය බරපතලයි.. එහි ප්‍රතිඵලය ඇගේ විවාහයටත් බලපායි.."
 
වයස අවුරුදු 10 ක පාසල් දැරියක්‌ පාසලේ පන්ති කාමරයක්‌ තුළදී දූෂණය කළ ගුරුවරයකු වැරදිකරු බවට තීන්දු කළ රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඔහුට බරපතළ වැඩ සහිත වසර 18 ක සිර දඬුවමක්‌, රුපියල් 25,000 ක දඩයක්‌ සහ වින්දිත දැරියට ලක්‍ෂ 5 ක වන්දියක්‌ ද ගෙවන ලෙසට 25 දා නියෝග කළා.
 
එසේ දඬුවම් නියම වූයේ බලන්ගොඩ පදිංචි හේරත් මුදියන්සේලාගේ සෝමවර්ධන නොහොත් අනුර නමැති බලන්ගොඩ පදිංචිකරුවකුට යි.

2006 අගෝස්‌තු මස 9 වැනි දින සහ සැප්තැම්බර් මස 15 වැනි දින අතර කාලයේදී ඕපනායකදී වයස අවුරුදු 10 ක දැරියකට ස්‌ත්‍රී දූෂණයක්‌ සිදු කළේ යෑයි විත්තිකරුට රත්නපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලැබ සිටියා.
 
විත්තිකරු චෝදනාවට නිවැරැදිකරු බව පවසන ලදුව ඉතා දීර්ඝ ලෙසින් නඩුව විභාගයට ගනු ලැබුවා.
 
චෝදනාව අංගසම්පූර්ණ ලෙසින් පැමිණිල්ල විසින් ඔප්පු කර ඇති බව නඩු විභාගය අවසන් කරමින් විනිසුරු පැවසුවා.
 
වින්දිත දැරිය 5 වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටියදී විත්තිකරු ඇගේ පන්ති භාර ගුරුවරයා ලෙසත් ශිෂ්‍යත්ව ගුරුවරයා ලෙසත් සිටි බවත් පාසල් වේලාවෙන් පසු ඔහු ඉගැන්වීම සඳහා තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්‌ඩායමක්‌ සමග වින්දිත දැරිය ද එම පන්තියට සහභාගීව සිටි බවත් නඩුවේදී කියෑවුණා.
 
සවස 4.30 ට පමණ සිය පන්තිය අවසන් කළ ගුරුවරයා වින්දිත දැරිය ප්‍රශ්න පත්‍ර බැලීමට යයි පවසා නතර කරගෙන සෙසු ළමයින් පිටත් කර තිබෙනවා.
 
පසුව ඔහු දැරිය අසළ තිබූ කාමරයක්‌ තුළට කැඳවාගෙන ගොස්‌ එහි තිබූ බංකුවක්‌ මත නිදිකරවා ඇය දූෂණය කළ බව නඩුවේදී හෙළි වුණා.
 
විත්තිකරු වරදකරු කිරීමෙන් පසු ඔහුට දඬුවම් නියම කිරීමට පෙර දඬුවම් ලිහිල් කරවා ගැනීමට යමක්‌ පැවසීමට ඇත්නම් කරුණු දක්‌වන ලෙසට විත්තිකරුගේ නීතිඥවරියට විනිසුරුවරයා දන්වන ලදුව ඇය මෙසේ පැවසුවා.
 
"උතුමාණනි, චූදිත ගුරුවරයෙක්‌ වශයෙන් සමාජයට විශාල සේවයක්‌ කළ අයෙක්‌. ඔහුට පෙර වැරදි මෙන්ම පවතින නඩු ද නැහැ. ඔහුට දියණියන් දෙදෙනෙක්‌ සිටිනවා. එක්‌ දියණියක්‌ රත්නපුර බාලිකා විදුහලක උසස්‌ පෙළ හදාරන අතර වැඩිමල් දියණිය උසස්‌ පෙළ අවසන් කර රැකියාවක්‌ බලාපොරොත්තුවෙන් සිටිනවා. පවුලේ එකම ආදායම් උපයන්නා ඔහුයි. ඒ නිසා දරුවන් උස්‌ස තත්ත්වයකට ගෙනඒමේ ඔහුගේ ඒකායන බලාපොරොත්තුවට බාධාවක්‌ නොවන ආකාරයේ ලිහිල් දඬුවමක්‌ ලබාදෙන ලෙසට මම ඉල්ලා සිටිනවා."
 
විත්තිකරුට උපරිම දඬුවමක්‌ පනවන ලෙස ඉල්ලමින් පැමිණිල්ලේ රජයේ අධිනීතිඥ සමදරී පියසේන මහත්මිය ද අධිකරණයට කරුණු දැක්‌වූවා.
 
"ඉතාම ලාබාල දැරියක්‌ (වයස අවු. 10 ක) ඇය අධ්‍යාපනය ලබමින් සිටි පන්තියේ ගුරුවරයා විසින්ම පාසල් භූමියේදී කෙලෙසීම කෙතරම් නින්දනීය ක්‍රියාවක්‌ද ස්‌වාමිනී, දරුවා බලා ගැනීම, ආරක්‍ෂාව දීම හා අධ්‍යාපනය ලබාදීම යන වගකීම් රාශියක්‌ දරා සිටින තැනැත්තෙක්‌ ඔහු. අවුරුදු 44 ක විවාහක ගැහැණු දරුවන් දෙදෙනකු සිටින කෙනෙක්‌. දැරියගේ ආරක්‍ෂාව සුබසාධනය භාරව සිටි ඔහු හය හතර නොතේරෙන දැරියට සිදු කළ අපරාධය බරපතළයි. අද ඒ දැරිය අවුරුදු 24 ක තරුණියක්‌ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපාධියක්‌ හදාරනවා. සිදුවූ අපරාධයේ ප්‍රතිඵලය ඇගේ විවාහයටත් බලපායි. එබැවින් විත්තිකරුට දියහැකි උපරිම දඬුවම දෙන අතරේ දැරියට ලබාදිය හැකි ඉහළම වන්දිය ඇයට ලබාදෙන.." ලෙසට ද ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
 
විත්තිකරුට දඬුවම් නියම කරන අවස්‌ථාවේ විවෘත අධිකරණයට සඳහනක්‌ කළ විනිසුරු නවරත්න මාරසිංහ මහතා,
 
"ඉතා කුඩා වයසේ කිසිදු අවබෝධයක්‌ නොමැතිව සිටීම දඩමීමා කරගෙන විත්තිකරු පාසල් භූමියේදී දැරිය සමස්‌ත ගුරු පරපුරටත් සමස්‌ත පියවරුන්ගේ සංහතියටත් කළ නින්දාවක්‌. දරුවකු පාසලට ගිය පසු සමස්‌ත රැකවරණයම ගුරුවරුන් සිදු කළ යුතුව තිබියදී ඒ වෙනුවට විත්තිකරු කර ඇත්තේ හය හතර නොතේරෙන දැරියකගෙන් තම ආශාව ඉටු කර ගැනීම" බවද පැවසුවේය.
 
විනිසුරුවරයා විත්තිකරුට දඬුවම් නියම කිරීමෙන් පසු විත්තිකරු අධිකරණයට යම් ප්‍රකාශයක්‌ කිරීමට සූදානම් වුවද ඊට ඉඩ ලැබුණේ නැහැ.
 
පසුව ඔහු විසින් කූඩුවෙන් බසින අවස්‌ථාවේ හදිසියේම අසල සිටි නඩුවේ පැමිණිලිකාරිය දෙසට වේගයෙන් පැන අතක්‌ ඔසවා ඇයට පහර දෙන්නට සූදානම් වුවද බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනකු ඔහු සමග පොර බැද මෙල්ල කරගෙන සිර මැදිරිය දෙසට කැඳවාගෙන යන ලදී. ඒ යන අතරේ ඔහු
 
"ඕකිට සාපවේවා, සාපවේවා, සාපවේවා. ගරු ස්‌වාමිනී ඔබතුමාට බුදු බව අත්වේවා මම කවදාවත් වරදක්‌ කළේ නැහැ. ස්‌වාමිනි.." යනුවෙන් ද කෑගසමින් කියා තිබෙනවා.
 
රත්නපුර විශේෂ - තිලකසිරි දැලබණ්‌ඩාර
උපුටා ගැනීම දිවයින පුවත්පත
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top