Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
26
අද අළුයම පොලිසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් අන්තිම ගමන් ගිය, නම ගිය පාතාල වෙඩික්කරුවාගේ කැරැට්ටුව හෙළි වෙයි - Video

- අද අළුයම පොලිසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් අන්තිම ගමන් ගිය, නම ගිය පාතාල වෙඩික්කරුවාගේ කැරැට්ටුව හෙළි වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,563 Views
බන්ධනාගාරගතව සිටින ගනේමුල්ල සංජීවගේ වෙඩික්කරුවෙක්...
 
රිවෝල්වරයක්, යතුරු පැදියක් සහ රුපියල් 48,000ක මුදලකුත් සොයා ගනී..
 
පොලිසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් ගම්පහ - මල්වතුහිරිපිටිය ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කැටවලපිටිගේ සම්පත් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
අද අලුයම මෙලෙස මියගොස් ඇත්තේ පාතාල නායකයෙකු වන ගනේමුල්ල සංජීවගේ වෙඩික්කරු ලෙස ප්‍රචලිත අයෙක්.

ගම්පහ, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේදී අද අලුයම 5.30 ට පමණ මෙම වෙඩි හුවමාරුව සිදුව තිබෙනවා.
 
ලද තොරතුරක් මත මල්වතුහිරිපිටිය - පුවක්පිටිය, රබර්වත්ත පාර ප්‍රදේශයේදී ක්ෂණික පොලිස් මාර්ග බාධකයක් යොදා යතුරු පැදියක් නැවැත්වීමට පොලිසිය උත්සහකර තිබුණා.
 
එහිදී අණ නොතකා ධාවනය කළ එම යතුරු පැදිය පොලිසිය ලුහුබැඳ ඇති අතර අදාළ යතුරුපැදිකරු රබර් කැළයකට ගොස් සැඟවී පසුව පොලිසියට වෙඩි තැබූ බව පොලිසිය සඳහන් කළා.
 
එම අවස්ථාවේ පොලිසිය එල්ල කරන ලද ප්‍රතිප්‍රහාරවලින් අදාළ සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයා තුවාල ලබා ඇති අතර මල්වතු හිරිපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය පැවසුවේ.
 
පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණේ 25 හැවිරිදි රන්කොත් පේඩිගේ සම්පත් හෙවත් කැටවලපිටිගේ සම්පත් නමින් ප්‍රසිද්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක්.
 
ඔහු මීවිටිය, එල්ලක්කල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
 
ජීවිතක්ෂයට පත් වූ සැකකරු දක්ෂ වෙඩික්කරුවෙක් ලෙස නම් දරා සිටින පුද්ගලයෙක්වන අතර 2018 වර්ෂයේදී කඩවත ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක චූදිතයෙක්දවනවා.
 
කැටවලපිටිගේ සම්පත් දැනට බන්ධනාගාර ගතව සිටින ගනේමුල්ල සංජීවගේ වෙඩික්කරුවෙකු බව පොලිසිය වැඩිදුරටත් තහවුරු කළ අතර තවත් අපරාධ කල්ලිවලට සම්බන්ධ වෙඩික්කරුවෙකු ලෙසද කටයුතු කළ පුද්ගලයෙක්.
 
සැකකරු සන්තකයේ තිබූ විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, යතුරු පැදියක් සහ රුපියල් 48,000ක මුදලක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. 
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ උතුර අපරාධ කොට්ඨාසය හා මල්වතුහිරිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
 
මේ අතර පසුගිය මැයි 19 වැනිදා ගල්කිස්ස , සොයිසාපුර ප්‍ර දේශයේ පිහිටි හෝටලයකට මන්නා පිහි උපයෝගී කර ගනිමින් පහර දීමේ සිද්ධියට සහ මැයි මස 29 වැනිදා එම හෝටලයටම වෙඩි තබා අලාභහානී සිදු කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
එම සැකකරුගෙන් අණාවරණ කර ගත් තොරතුරු වලට අනුව ඔහු පදිංචිව සිටි අඟුලාන , සමුද්‍රදිසි මාවත ප්‍රදේශයේ නිවස ඉදිරිපිට සඟවා තිබූ විදේශීය රටක නිශ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් හා ජීව උණ්ඩ 05 ක් සොයා ගැනීමට විමර්ශන කණ්ඩායම් සමත් වී තිබෙනවා.
 
මේ අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලද තොරතුරක් මත ඊයේ පස්වරු 2 ට පමණ මොරගහහේන පොලිස්වසමේ ගෝනපොළ හංදිය ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 28 ක් සමඟ කාන්තාවක් සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
පොලිසිය සදහන් කළේ අත්අඩංගුවට ගත් සැකකාරිය විදේශ ගතව සිටින ප්‍රබල පාතාල කල්ලි සාමාජික මොරටුවේ කුඩු අංජු නැමැත්තාගේ ගෝලයෙකු වූ දැනට බන්ධනාගාර ගතව සිටින මර්වින් ජානා විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා මෙහෙයවා ඇති බවයි.
 
මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් කොස්තාපල්වරුන් කිහිපදෙනෙකුටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූයේයැයි එල්ලවන චෝදනා පිළිබඳවද අප පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් කළා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top