Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
26
"ඔයාට මගෙන් කරගන්න ඕනි දේවල් කරගත්තානේ.. දැන් ගහලා මදි.. මාව මරලා දාපන්...!" - දරුවෙක් ලැබෙන්න හිටපු තමන්ගේ බිරිඳ තිලිණිව, SPA එකක පිරිමින්ගේ පහසට දුන්නු, නරුම සැමියෙකු කළ තිරිසන් ක්‍රියාව - Video

- "ඔයාට මගෙන් කරගන්න ඕනි දේවල් කරගත්තානේ.. දැන් ගහලා මදි.. මාව මරලා දාපන්...!" - දරුවෙක් ලැබෙන්න හිටපු තමන්ගේ බිරිඳ තිලිණිව, SPA එකක පිරිමින්ගේ පහසට දුන්නු, නරුම සැමියෙකු කළ තිරිසන් ක්‍රියාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25 Views
"මේකට කැමති නොවුණොත් මම උඹව මරලා දානවා.. ඒක දැනගනින්.."
 
"මම කවදාවත් ඒ වගේ රස්සාවක් ගැන හිතලා තිබුණේ නැහැ.."
 
"මට ඒ එන උන් ගැන හැඟීමක් දැණූනේ නැහැ.. හැඟීම් ගල් වෙනවා මිසක.."
 
වටිනාකම් කියන දේවල්... ඔබටවත් මටවත් ජීවිතේ බලෙන් අත්පත් කරගන්න අමාරුයි... ඒ දේවල් අපිට හිමිවන්නේ අපි සමාජයේ කොතරම් හොඳින් ජීවත් වනවාද ? යන කාරණාව මත... අපි කොයි තරම් ආදරණීය ද? අපි කොයි තරම් කරුණාවන්ත ද? කොයි තරම් විශ්වාසවන්ත ද ? කියන කාරණා ඒකේ දී බලපානවා...
 
ඒ වගේම තමයි ආදරය.. ගෞරවය... විශ්වාසය.. වගේ දේවල්... බිඳ වැටුණොත් එහෙම නැවත එක්කාසු කරන්න හරි අමාරුයි... අද අපේ කතාවත් ඒ වගේ බිඳ වැටුණු විශ්වාසයන් ගැන කතාවක්........
 
එහෙමනම්... හැඟුම් ගණුදෙනුවට පෙර තව පාරක් හිතන්න...

සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 122 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.....
 
ඇගේ නම තිලිණි... ගමක හැදුණු කෙල්ලක්.. ඇගේ ගම පොළොන්නරුවේ... මේ පුංචි කෙල්ල උසස් පෙළට සුදානමිනුයි හිටියේ.. ඇගේ අයියා ගුරුවරයෙක්. ඉතින් අයියාගේ යාළුවෙක් වුනු සපුමල් තමයි තිලිණිගේ පළවැනි ආදර කතන්දරේ අයිතිකරු...
 
ඒත් ඒ කතාව එච්චර ලස්සන එකක් නෙවෙයි. තිලිණි තමන් සතුව තිබුණූ පරිස්සම් කරපු හැමදේම සපුමල්ට පූජා කරන්න දෙපාරක් හිතුවේ නැත්තේ ඇය ඒ තරම් සපුමල්ට ආදරය කරපු නිසයි..
 
ඒත්.. ඒ හැම ආශාවක්ම තමන් සන්තක කරගත්ත සපුමල් ඇයව අත් හරින්නේ ඇය බලාපොරොත්තු නොවුනු විදිහටයි. මේ සිදුවීමෙන් කළකිරීමට පත් වුනු තිලිණි තමන්ගේ පැරදුණූ ආදර මතක අමතක කරන්න හිතාගෙන කොළඹ රටට සේන්දු වෙනවා..
 
ඒත්... ඇය ඇත්තටම ඒ ගමන නොආවනම් කියලා ඈ දැන් හිතනවා ඇති...
 
කොළඹ රටේ ඉන්නකොට තිලිණිට මුණ ගැහුණු ඊළඟ අහඹූ පෙම්වතා වුනේ අසංක. අසංකගේ ඇසුරත් දුර දිග යන්නේ කාලය යන ඉක්මනින්මයි. කාලය රවටන්න බැරි වුනු තැන අහම්බෙන් වගේ තමන්ට අසංක නිසා දරුවෙක් ලැබෙන්න ඉන්න බව ඇය දැනගන්නවා.
 
රටට ලෝකයට මුහුණ දෙන්න බැරිවුණු තිලිණිගේ දෙමවුපියන්, අසංකව ගෙන්නලා තිලිණිට විවාහ කර දෙන්න තීරණය කරනවා.
 
අසංක... තිලිණිවත් එක්කරගෙන ආයෙම කොළඹ රටට යනවා. ඒත් අසංක කියන්නේ තිලිණි හිතපු විදිහේ "ශාන්ත දාන්ත තීන්ත කූඩුවක්" නොවෙයි.. ඔහු මතට ඇබ්බැහි වුනු සුළු රැකියාවක් කරන තරුණයෙකු විතරයි.. තමන්ට මත් වෙන්න සල්ලි නැති තැන ඔහු තමන්ගෙම බිරිඳව "ස්පා" එකකට යවන්න තීරණය කරනවා.
 
ඒ තිරිසන් ක්‍රියාව නිසාම අන්ත අසරණ වෙන තිළිණි තමන්ගේ දරුවා වෙනුවෙන් ඒ දේවල් දරාගන්න තීරණය කරනවා.
 
දිගින් දිගටම පිරිමින්ගේ ඇඟ පත අත ගානවට අමතරව තමන්ගේ ශරීර කූඩුව ඔවුන්ට විකුණපු තිලිණිට අන්තිමට සිද්ධ වුණේ කවුරුත්ම නොහිතපු විදිහේ දෙයක්...
 
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
 
මේ හමුවීම සහ සමුගැනීම අතර ඇයට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
 
තිලිණිගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්.......


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top