Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
26
"ඇත්තටම ජීවිතයේ දෙපැත්තක් තියෙනවා. ප්‍රශ්න එනවා. ඒවටත් මුහුණ දෙනවා.." - ක්‍රිකට් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධන

- "ඇත්තටම ජීවිතයේ දෙපැත්තක් තියෙනවා. ප්‍රශ්න එනවා. ඒවටත් මුහුණ දෙනවා.." - ක්‍රිකට් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,590 Views
පන්දුවෙන් පිත්තෙන් දස්කම් දක්වන මිලින්ද සිරිවර්ධනගේ මේ දිනවල ලොකුම බලාපොරොත්තුව ආපහු ජාතික කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව ලබාගැනීම. ඒ වෙනුවෙන් මොනවගේ කැප කිරීම්ද සිදුකරන්නේ කියලා මිලින්ද කියන්නේ මෙලෙසයි.

මිලින්ද පසුගිය දවස්වල පුහුණුවිම් ආරම්භ කළා නේද?
මෙහෙමයි. කොරෝනා ප්‍රශ්නයත් සමග මාස දෙකක් විතර අපිට ගෙදරට වෙලා ඉන්න සිද්ධවුණා. ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අපිට ලබාදෙන පුහුණුවීම් නිවසේ සිටම සිදුකළා. ඔය අතරේ පන්දුයැවීමේ පුහුණුවීම් කටයුතු වගේම පිතිකරණයේ පුහුණුවීම් ටිකක් විතර මගහැරුණා. දැනට ජාතික කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භකළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තවම අපේ පුහුණුවීම් ආරම්භ කළේ නැහැ. ඒ වුණාට අපි දෙන්නා දෙන්නා වගේ පිටියට ගිහිං පුහුණුවීම් ආරම්භ කළා.

ගෙවීගිය කාලේ ඇත්තටම මොනවාද කලේ ?
ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවන් ලබාදෙන කාලසටහනට අනුව වැඩකළා. ව්‍යායාම් පුළුවන් විදිහට කළා.

මේ කාලයේ ශරීරයේ සමබරතාව රැකගන්න ගොඩක් මහන්සිවෙන්න එහෙමත් ඇතිනේද?
ඔව්. අපිට දුවන්න පුළුවන් තැන්වල දිව්වා. අනික පුළුවන් විදිහට ගෙදර ඉඳන් කරන්න පුළුවන් ව්‍යායාම් පවා කළා.

නිවාඩුපාඩුවේ ක්‍රීඩාවට අමතරව මොනව ගේ දේවල්ද කළේ ?
ලොකුම දේ තමයි බිරිඳ, දරුවන් සහ දෙමව්පියන් සමග වැඩිපුර කාලය ගතකරන්න ලැබුණා. ඒක ඇත්තටම ලොකු සතුටක්. මම හිතන්නේ අවුරුදු පහළොවකට විතර පස්සේ තමයි මෙච්චර කාලයක් ගෙදරට වෙලා හිටියේ.

ඒ කාලේ ගෙදරින් ලැබුණේ මොනවගේ ප්‍රතිචාරද?
ඇත්තටම ඒ ගොල්ලන්ටත් සතුටුයි. මොකද අපිත් සෑහෙන කාලයකින්නේ ගෙදර හිටියේ. මොකද අපි හැමදාම පුහුණුවීම්වලනේ යෙදුණේ.

පහුගිය දවස්වල ගොඩක් ක්‍රිකට් ක්‍රීඩකයෝ ගෙවතු වගා කටයුතුවල නියැළුණා. මිලින්ද ගෙවතු වගා කටයුතු කළේ නැතිද?
කළා. මොකද මගේ ගම කළුතර. අපිට ඒ දේවල් පුරුදු නැති දේවල් නෙමෙයි. පුංචි කාලේ ඉඳන් අපි වගාකටයුතු කරනවා. මේ ලැබුණ පුංචි විරාමයේදී ගෙදර අයත් එකතුවෙලා පුංචි පුංචි ගෙවතු වගා කටයුතු ටිකක් කළා.

දැන් පුතාට වයස කීයද ?
පුතාට දැන් වයස අවුරුදු පහයි.

ක්‍රිකට් සමග ගෙවන ජීවිතය ?
මම මේ දිනවල ජාතික කණ්ඩායමේ ලැයිස්තුවේ නැහැ. එ හින්දා අපිට පුහුණුවීවලට එන්න කියලා නැහැ. එ වුණාට අපි තනියම කරන පුහුණුවීම් සියල්ල සිදුකරනවා.

ළඟදීම ක්‍රිකට් තරග පටන්ගන්න පුළුවන් වේවි කියලා විශ්වාස කරනවාද?
මම හිතන්නේ ක්‍රිකට් ආයතනය කර ගෙන යන වැඩපිළිවෙල එක්ක අන්තර් සමාජ ක්‍රීඩා තරග ටිකක් නුදුරේදීම ආරම්භ කරන්න පුළුවෙන් වේව කියලා.

අන්තර් සමාජවල ඔබ නියෝජනය කරන කණ්ඩායමේ වැඩකටයුතු එහෙම කොහොමද?
ක්‍රිකට් ආයතනයෙන් තවම අපට අනුමැතිය දීලා නැහැ පුහුණුවීම් ආරම්භ කරන්න. අපේ ක්‍රීඩා සමාජයේ පුහුණුකරු කපුගෙදර. එයත් එක්ක අපි තනි තනියම වැඩ කරනවා.

කපුගෙදර මොනවගේ උපදෙස්ද ලබාදුන්නේ ?
අපි නිංක මුණගැහුණත් ක්‍රිකට් ගැන තමයි කතා කරන්නේ. ඔහු ගොඩක් වෙලාවට උපදෙස් ලබාදුන්නේ ක්‍රිකට් පුහුණුවීම් වීඩියෝ නරඹන්න, සාමාන්‍ය පුහුණුවිම් කටයුතු සිදුකරන්න, පරණ තරග නරඹන්න කියන වගේ ගොඩක් උපදෙස් ලබාදුන්නා. අන්තිම කාලයේ බැටින් සෙෂන් දෙකක් විතර කළා.

පසුගිය කාලයේ සහෝදර ක්‍රිකට් ක්‍රීඩකයන් සමග කතාබහ කළේ නැතිද?
කතාබහ කළා.

නැවත ඔබට සුපුරුදු විදිහට දස්කම් දක්වන්න පුළුවන් වේවි කියලා විශ්වාසයක් තියෙනවාද?
අනිවාර්යයෙන්ම. ලොකු විශ්වාසයක් තියෙනවා. කොරෝනා වසංගතය එන්නත් කලින් මම ක්‍රීඩා කරපු තරගවල සුපුරුදු විදිහට දස්කම් දැක්වූවා. මම හිතනවා ඒ නිසා මට යළිත් එ විදිහට දස්කම් දක්වන්න ලැබේවි කියලා.

ආපහු ජාතික කණ්ඩායම නියෝජනය කරන්න හැකියාවක් ලැබේවි කියලා හිතනවාද?
මම විශ්වාස කරනවා මට අවස්ථාවක් ලැබේවි කියලා. ඩොමැස්ටික් එකේ සුපර් එයිට් වටයේ තරග කිහිපයක් ඉතිරිවෙලා තියෙනවා. ඉදිරියේදී එම තරග පැවැත්වූවාට පසුව මට අවස්ථාවක් ලැබේවි කියලා හිතනවා.

මිලින්ද ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොවුනා නම් ?
මම හිතන්නේ ව්‍යාපාරිකයෙක් වේවි. ගොඩක් ව්‍යාපාර පැත්තට මගේ ලොකු ආසාවක් තිබුණා.

ක්‍රිකට් ක්‍රීඩාවට බිරිඳ ගෙන් මොනවගේ සහයෝගයක්ද ලැබෙන්නේ ?
ලොකු සහයෝගයක් ලැබෙනවා. මම ගෙදර නැතිවෙලාවේ එයා තමයි ගෙදර වැඩ සියල්ල ඉටු කරන්නේ. දරුවන්ගේ වැඩත් ඇය සියල්ල ඉටු කරනවා.

විවාහ වෙලා කොච්චර කාලයක් වෙනවාද?
අවුරුදු අටක් විතර වෙනවා.

විවාහ ජීවිතය ගෙවෙන්නේ මොන විදිහටද?
ඇත්තටම ජීවිතයේ දෙපැත්තක් තියෙනවා. ප්‍රශ්න එනවා. ඒවටත් මුහුණදීලා බොහොම සතුටින් සමබරව දෙන්නත් එක්ක ජීවිතය ගෙවෙනවා.

මිලින්ද දැන් පදිංචිය ?
දැනට පදිංචිය තලවතුගොඩ.

මිලින්ද අනුකරණය කරන ක්‍රිකට් ක්‍රීඩකයන් එහෙම සිටිනවාද?
අනුකරණය නෙමෙයි මම ගොඩක් කැමැති ක්‍රීඩකයෝ දෙන්නෙක් තමයි කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන කියන දෙදෙනාට. ඔවුන් දෙදෙනා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක්. ඔවුන් ගේ වැඩ බලන්න සහ ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේදී ගන්නා තීන්දු තීරණ වලට මම හරි කැමැතියි.

ඔබ වඩාත්ම කැමැති බැට් කරන්නද, බෝල් දාන්නද?
මම මුලින්ම පන්දු යවන්නෙක් විදිහට තමයි කටයුතු කළේ. ඇත්තටම මට ඇතිවුණ ආබාධයක් හේතුවෙන් තමයි පිතිකරණයට යොමුවුණේ. මම දැන්නම් දෙකටම කැමැතියි. හැබැයි වැඩිපුර කැමැති බැට් කරන්න.

පිතිකරණයේදී ඔබට අභියෝග පන්දු යවන්නෝ එහෙමත් සිටිනවාද?
ජාත්‍යන්තරයේදී මට අපහසු වුණා ජෙමී ඇන්ඩර්සන් සහ මිචෙල් ස්ටාක්ගෙන්.

දිනේෂ් විතාන
දිවයින
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top