Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
26
පාස්කුදා ඛේදවාචකයෙන් පීඩාවට පත් වූවන්ට සහන සලසන්න දුන් ඇමරිකානු ඩොලර් මිලියන 5ක චෙක් පතට මොකද වුණේ ? කොමිසමේදී තවත් රහසක් හෙළි වෙයි - Video

- පාස්කුදා ඛේදවාචකයෙන් පීඩාවට පත් වූවන්ට සහන සලසන්න දුන් ඇමරිකානු ඩොලර් මිලියන 5ක චෙක් පතට මොකද වුණේ ? කොමිසමේදී තවත් රහසක් හෙළි වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

57 Views
"කැනඩාව බලා ගිය දේවගැතිවරයෙක් තවමත් පැමිණ නැහැ.."
 
"කටුවාපිටිය දේවස්ථානයේදී පවුල් 78කට අයත් පුද්ගලයන් 115ක් ජිවිතක්ෂයට පත්වුණා.."
 
පාස්කු ඉරිදා දේවස්ථානවලට එල්ලවූ ප්‍රහාරයන්ගෙන් පීඩාවට පත් ජනතාවට සහන සැළසීමට ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානයක් විසින් ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 5 ක මුදලින් මෙතෙක් කිසිදු දායකත්වයක් ලැබී නොමැති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනපති කොමිසම හමුවේ අණාවරණය වුණා.

කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී උත්සවයක් ද පවත්වමින් අදාළ මුදල ලබා දී තිබුණේ එවක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතයි.
 
එමෙන්ම මඩකලපුව සියෝන් දේවස්ථානය වෙනුවෙන් අගරදගුරු හිමියන් පරිත්‍යාග කළ රුපියල් මිලියන පහක චෙක්පත රැගෙන කැනඩාව බලා ගිය එවක එම දේවස්ථානයේ ප්‍රධාන දේවගැතිවරයා තවමත් පැමිණ නැති බවද කොමිසමේදී හෙළිවුණා.
 
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ රාත්‍රියේ සාක්ෂි ලබාදුන්නේ, කොළඹ අගරදගුරු පදවියෙහි සමාජ සුබ සාධන ආයතනය වන සෙත්සරණ ආයතනයේ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමන්.
 
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පවුල් 78කට අයත් පුද්ගලයන් 115 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවත් ඒ අතරින් 32කු දරුවන් බවත් පියතුමන් ප්‍රකාශ කළා.
 
මියගිය අය අතර එක් බෞද්ධ තරුණයෙකු හා ඉස්ලාම් දියණියක වූ බවද උන්වහන්සේ කොමිසමට පෙන්වා දුන්නා.
 
පියතුමන් වැඩිදුරටත් සඳහන් කළේ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පිපිරීමෙන් පවුල් 42කට අයත් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවත් ඒ අතර හින්දු පවුල් 13ක පුද්ගලයන් හා බෞද්ධයන් 5 දෙනෙකු වන බවයි.
 
එම පිපිරීම් දෙකෙන් පුද්ගලයින් 381 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඊට කොළඹ මෙන්ම නුවරඑළිය, මස්කෙළිය, හැටන් සහ යාපනය ප්‍රදේශවල පිරිස්ද අයත්.
 
රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අවසන් රෝගියාද පසුගිය සතියේ සිය නිවෙස බලා පිටත්ව ගිය ද එම රෝගියා ඇතුළු නිවෙස් තුළ ප්‍රතිකාර ලබන 37 දෙනෙකුගේ තත්ත්වය ඉතා අවදානම් මට්ටමක පවතින බව පියතුමන් කොමිසමට පෙන්වා දුන්නා.
 
කොමිසම එහිදී විමසුවේ රජය විසින් ලබාදෙන බව පැවසූ මුදල් දේවස්ථාන වෙත ලැබුණේද යන්නයි. රජයෙන් මුදල් ලැබෙන තෙක් බලා නොසිට පීඩාවට පත් කතෝලික මෙන්ම බෞද්ධ, හින්දු හා ඉස්ලාම් සියලු පවුල් වෙත අගරදගුරු හිමියන්ගේ උපදෙස් මත මූල්‍ය උපකාර සිදුකළ බව පියතුමන් පිළිතුරු දෙමින් සඳහන් කළා.
 
ඒ අනුව කොච්චිකඩේ දේවස්ථානය තුළ සිදුවූ බෝම්බ පිපිරීමෙන් පීඩාවට පත් පවුල් 114ක් සදහා රුපියල් මිලියන 42.9ක මුදලක් ද, කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බ පිපිරීමෙන් පීඩාවට පත් පවුල් 281ක් සදහා රජයෙන් රුපියල් මිලියන 95.5ක මුදලක්ද ලබාදුන් බව උන්වහන්සේ පෙන්වා දුන්නා.
 
එමෙන්ම මඩකලපුව සියෝන් දේවස්ථානයේ පිපිරීමෙන් පීඩාවට පත් පවුල් හඳුනා ගැනීමෙන් පසු පළමු අදියරේදී රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා දී තිබෙනවා.
 
පසු අවස්ථාවක අගරදගුරු හිමියන් විසින් චෙක්පතක් මාර්ගයෙන් රුපියල් මිලියන 5ක් එම දේවස්ථානයේ එවක ප්‍රධාන දේවගැතිවරයා ලෙස කටයුතු කළරොෂාන් දේවගැතිවරයා වෙත ලබාදුන් බවද පියතුමන් කොමිසම හමුවේ සඳහන් කළා.
 
නමුත් පියතුමන් පැවසුවේ මෙතෙක් කිසිඳු මුදලක් නොලැබුනු බවට එහි තවත් දේවගැතිවරුන් පිරිසක් මෙම කොමිසමට ප්‍රකාශ කර ඇති බව තමන් ජනමාධ්‍ය මගින් දැනගත් බවයි.
 
රොෂාන් නමැති ප්‍රධාන දේවගැතිවරයා රුපියල් මිලියන 5ක චෙක් පත ලැබීමෙන් පසු කැනඩාව බලා පිටත් ව ගොස් ඇති බවත් තමන් ඔහුව දුරකතනයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේ නැවත දිනක ලංකාවට පැමිණි පසු මුදල් සම්බන්ධයෙන් ලේඛන ඉදිරිපත් කරන බවට එම දේවගැතිවරයා සදහන් කළ බවත් පියතුමන් කොමිසමට පැවසුවා.
 
කෙසේවෙතත් පියතුමන් වැඩිදුරත් සඳහන් කළේ අදාල දේවගැතිවරයා සිදුකර ඇති මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවයි.
 
එමෙන්ම ප්‍රහාරයෙන් විනාශ වූ දේවස්ථාන යළි පිළිසකර කිරීම වෙනුවෙන් සතිපතා පැවති සාකච්ඡාවන් සදහා සියෝන් දේවස්ථානයේ රොෂාන් දේවගැතිවරයාට ආරාධනා කර තිබුණද ඔහු පැමිණ නැහැ.
 
රොෂාන් දේවගැතිවරයා වෙනත් ස්ථානයකින් ඉඩමක් ලබාදී එහි අලුත් පල්ලියක් ඉදිකර දෙන ලෙස ඉල්ලීමක් කළ බව අදාළ සාකච්ඡා සඳහා එක්වූ මඩකලපුව ප්‍රාදේශීය ලේකම්වරිය වරෙක සඳහන් කළේයැයි පියතුමන් කොමිසමට සාක්ෂි දෙමින් සඳහන් කළා.
 
නමුත් අලුත් ඉඩම ලබාගැනීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති නිසා සියෝන් දේවස්ථානයේ පිළිසකර කිරීම් යුධ හමුදාව වෙත භාර දීමට රජය පියවර ගෙන තිබෙනවා.
 
මේ අතර, පාස්කු ඉරිදා දේවස්ථානවලට එල්ලවූ ප්‍රහාරයන්ගෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානයක් විසින් කොළඹ නෙළුම් පොකුණේදී උත්සවයක් පවත්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇමරිකානු ඩොලර් මිලියන 05 ක අනුරූප චෙක්පතක් ලබාදී තිබූ බව පියතුමන් කොමිසමට පැවසුවා.
 
කෙසේ වෙතත් බෝම්බ පිපිරීමෙන් හානි වූ කිසිවෙකුටත් එම මුදලින් මෙතෙක් කිසිදු දායකත්වයක් ලැබී නොමැති බවත් එම මුදලට කුමක් සිදුවූයේදැයි මෙතෙක් නොදන්නා බවත් උන්වහන්සේ කොමිසම හමුවේ අනාවරණය කළා.
 
මේ අතර රාජ්‍ය බුද්ධි අංශයේ වත්මන් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා ද පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදුන්නා.
 
පැය 9 කට අධික කාලයක් කොමිසම බුද්ධි අධ්‍යක්ෂවරයාගෙන් සාක්ෂි විමසූ අතර එම අවස්ථාව මාධ්‍යයට අනාවරණ කළේ නැහැ.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top