Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
26
"පෞද්ගලිකවම මම පිරිමි කෙනෙකුව සිප ගැනීමට තිබෙන අකමැත්ත නිසා මම ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළා.." - නිනෝ අරලිය ජයකොඩි

- "පෞද්ගලිකවම මම පිරිමි කෙනෙකුව සිප ගැනීමට තිබෙන අකමැත්ත නිසා මම ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළා.." - නිනෝ අරලිය ජයකොඩිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39 Views
"ඇඳිරිනීතිය දාන දිනට පෙර දවසේ අන්තිම කෝච්චියේ තමයි මමත් ගෙදර ආවේ..."

"නිකන් හිටියට කවුරුත් අතට සල්ලි ගෙනත් දෙන්නේ නැහැ..."


කාලයක් පුරාවට තරුණ තරුණියන්ගේ ආදරය දිනාගත් ආදරණීය රංගන ශිල්පියෙක් ලෙස නිනෝ අරලිය ජයකොඩිව හඳුන්වන්න පුළුවන්. පුංචි තිරය මෙන්ම රිදී තිරය ජයගත් රංගන ශිල්පියෙක් වන නිනෝට මේ අවුරුද්ද නම් ටිකක් කාර්යබහුලයිලු. මේ ඔහු ගැනයි

කරගෙන ආපු වැඩක් මග නතර වුණා. ඇඳිරිනීතිය දාන දිනට පෙර දවසේ අන්තිම කෝච්චියේ තමයි මමත් ගෙදර ආවේ. වැඩකටයුතු කිහිපයක් නතර වුණත් මම කොරොනා කාලය දකින්නේ පොඩි සුබවාදී කාලයක් විදිහටයි. එක් අතකින් අපට නිදහසක්, නිවාඩුවක් ලැබුණා. අපිට මිනිස්සු කවුරුද කියලා දැන හඳුනාගන්න පුළුවන් වුණා. මිනිහෙක්ට තව කෙනෙක් ගැන හිතන්න පුළුවන්කමක් ඇතිවුණා. මිනිස්සුන්ට රොබෝ ගතියෙන් මිදෙන්න හැකි වුණා. මගේ ජීවිතෙත් ඒ කාලේදී ගොඩක් දේවල් වෙනස් වුණා.

කාලෙකට සැරයක් තිරයේ මුහුණ පෙන්වන්නේ ඇයි?
මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහ හතකට වැඩියි. මම ආසාවෙන් තමයි ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ. මේක ඇතුළේදි හමුවුණු යාළුවෝ හරි ආදරයෙන් තමයි මාව පිළිගත්තේ. මම වැඩවලින් ඈත්වෙලා හිටියේ නැහැ. හැබැයි වැඩ මගෙන් ඈත්වුණු අවස්ථා තිබුණා. ඒ ගැන පසුතැවෙන්න කාලයක් මට නැහැ. මොකද මම ඒ කාලය මගේ හැකියාව දියුණු කරගන්න යොදවන නිසා. මම වැඩ තෝරා බේරා ගෙන කරපු අවස්ථා නැතුවම නොවෙයි. උදාහරණයක් විදිහට 'සයපෙති කුසුම' චිත්‍රපටය සඳහා මට ආරාධනාවක් ලැබුණා සම ලිංගික චරිතයක් නිරූපණය කරන්න. පෞද්ගලිකවම මම පිරිමි කෙනෙකුව සිප ගැනීමට තිබෙන අකමැත්ත නිසා මම සයපෙති කුසුමට දායක වුණේ නැහැ. මම චරිතයක් නිරූපණය කරනකොට ඒකට උපරිම සාධාරණය සිදු කරන්න ඕනේ. එතකොට මට බාගෙට රඟපාන්න බැහැනේ. මම ඉතා බොහොම සුහදව ඔවුන් සමග ඒ පිළිබඳව සාකච්ඡා කරලා ඒ චරිතය ප්‍රතික්ෂේප කළා.

ඔබ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද?
ඇත්තටම මම කලාවට පොඩි කාලේ ඉඳලා ලොකු ආසාවක් තිබුණා. මගේ ආන්ටි කෙනෙක් ඉන්නවා ශීලා කියලා. එයා හරහා මට ගීතා කාන්ති ජයකොඩි මහත්මියව හඳුනාගන්න ලැබෙනවා. ඇය මාව එක් දිනක ඔවුන් රූපගත කරන නාට්‍යයක ලොකේෂන් එකකට රැගෙන ගියා. මට දුන්නේ තත්පර දෙකක පුංචි චරිතයක්. ඊට පස්සේ මට තුසිත ද සිල්වා මහතාගේ 'මධු නම් ඇය' කියන ටෙලි නාට්‍යයේ පාසැල් සිසුවෙකුගේ චරිතයක් කරන්න ලැබෙනවා. එතැනදි මට හමුවෙනවා චාමර ප්‍රියදර්ශණ, සුරංග ගුණතිලක කියන යාළුවෝ දෙන්නා. ඔවුන් හරහා මහේන්ද්‍ර අයියාගේ වැඩමුළුවලට සහභාගී වෙනවා. එතනින් ඇරඹෙන ගමන තමයි මේ.

ඔබ කාලයක් විදේශ ගත වෙනවා?
ඔව්. මම කාලයක් රැකියාවක් සඳහා විදේශ ගත වුණා. නමුත් මම මාස දෙකයි එහෙ හිටියේ. ආයෙත් ලංකාවට ආවා.

ඇයි ඒ?
මට කලාව ඇතුළේ දෙයක් කරන්න තිබෙනවා. ඒකට අවශ්‍ය ප්‍රතිපාදන මම සකස් කරගන්න ඕනේ. නිකන් හිටියට කවුරුත් අතට සල්ලි ගෙනත් දෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම විදේශ ගත වෙන්නේ. එහේ ගිහින් මාස දෙකක් යද්දි මම කල්පනා කරනවා ලංකාව වගේ රටක ඉඳලා කරන්න පුළුවන් දේවල් තියෙද්දි ඇයි මම මේ රට ගිහිල්ලා දුක් විඳින්නේ කියලා. ඊටපස්සේ කෙලින්ම ලංකාවට ආවා.

ඔබ සිනමාවේ ප්‍රධාන චරිතයක් වන්නේ 'නිනෝ ලයිව්' චිත්‍රපටයට පමණයි නේද?
විමුක්ති ජයසුන්දර මහතාගේ 'අහසින් වැටෙයි' කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මට ලැබුණා. කොහොමහරි මගේ පෞද්ගලික ප්‍රශ්නයක් හේතුවෙන් මට ඒ චිත්‍රපටයට දායක වෙන්න බැරි වුණා. ඒ වගේ පුංචි පුංචි නොදැනුවත්කම් නිසා මට නැතිවුණු අවස්ථාත් තියෙනවා. නිනෝ ලයිව් තමයි මම ප්‍රධාන චරිතයක් කරේ. මගේ පලවෙනි චිත්‍රපටය නම් මචං චිත්‍රපටයයි. ඊටපස්සේ ආකාස කුසුම් චිත්‍රපටයටත් දායක වුණා. මේ අවුරුද්දේ අපි තව ලස්සන චිත්‍රපට දෙකක් කරනවා.

ඔබට රංගනයෙන් දායක වෙන්න බැරිවුණ චරිතයක් තිබෙනවාද?
ඔව්. ඇත්තටම මම චරිත කරලා නැහැ. මට රඟපාන්න ලැබිලා තියෙන්නේ සාමාන්‍ය ජීවිතයේදී හමුවෙන සාමාන්‍ය චරිත කිහිපයක් තමයි. මමත් ආසයි චරිතාංග නළුවෙක් වෙන්න. මාව විශ්වාස කරලා අධ්‍යක්ෂවරයෙක් වෙනස් චරිතයක් දෙනවා නම් මම ආසයි ඒක බාරගෙන උපරිම සාධාරණය කරන්න.

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
අළුත් ටෙලි නාට්‍යයේ වැඩ තියෙනවා. ඒ වගේම දායක වෙන්න බලාපොරොත්තුවෙන් තියෙන ෆිල්ම එකක නළු නිළියන් තෝරාගැනීම සඳහා මමත් සහයෝගය දෙනවා. ඒක අගෝස්තු මුල ආරම්භ කරනවා. මේ අවුරුද්දේ ඉදිරි කාලය නම් ටිකක් කාර්යබහුල වෙයි.

මතක් කළ යුතු විශේෂ පිරිසක් ඉන්නවාද?
ඔව්. අවුරුදු දාහතක් පුරාවට මගේ පස්සෙන් හිටියා මගේ අම්මයි, තාත්තයි, මගේ සහෝදරියයි. ඒ වගේම මගේ රසිකයෝ, හිතවතුන් සියළු දෙනාවත් මතක් කරන්න ඕනේ. විශේෂයෙන් මගේ පෙම්වතියවත් ආදරයෙන් මතක් කරනවා.

කැළුම් දේවින්ද
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top