Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
25
"මම කාගෙවත් හිත රිදෙන විදිහට වැරදි දෙයක් ප්‍රකාශ කළේ නැහැ. මම මේ රටේ ජනතාවට ආදරෙයි.." - කොරෝනා-වලට වඩා භයානකයි කියපු කරුණා අම්මාන්, අද මාධ්‍යට කියපු අලුත් කතාව - Video

- "මම කාගෙවත් හිත රිදෙන විදිහට වැරදි දෙයක් ප්‍රකාශ කළේ නැහැ. මම මේ රටේ ජනතාවට ආදරෙයි.." - කොරෝනා-වලට වඩා භයානකයි කියපු කරුණා අම්මාන්, අද මාධ්‍යට කියපු අලුත් කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,074 Views
මේක ලොකු මාතෘකාවක් කරගෙන වැඩක් නෑ..
 
ශ්‍රී ලංකාවේ හමුදාව මම අවතක්සේරු කරන් නෑ..
 
ඔවුන් ජනතාව වෙනුවෙන් කැපවෙලා වැඩකරපු අය..
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පැය 7 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදුන්නා.
 
ඒ, අම්පාර ප්‍රදේශයේ පැවැති දේශපාලන රැස්වීමකදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළවයි.

පසුගිය ජූනි 17 වැනිදා අම්පාර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී කරුණා අම්මාන් සදහන් කර තිබුණේ තමන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරීව සිටියදී හමුදා සාමාජිකයින් 2000 ත් 3000ත් අතර ප්‍රමාණයක් එක රැයකදී ඝාතනය කළ බවයි.
 
"කරුණා අම්මාන් කියන්නේ කොරෝනා වලට වඩා භයානකයි කියලා සමහරු කියලා තියනවා. ඒකනම් ඇත්ත. කොරෝනා වලින් 9 දෙනෙක් විතරයි මිය ගිහින් තියෙන්නේ.අපි ආණඉරෛව් ප්‍රදේශයේදී එක රැයක් තුල හමුදා සෙබලුන් 2000ක් 3000ක් විතර මරලා තියනවා. එයා හරියට කියලා තියෙන්නේ. ඒ නිසා කමක් නැහැ.ඒ වගේම කිළිනොච්චියෙත් කොච්චර දහස් ගානක්. එයා ඒක දන්නේ නැතිව ඇති.."
 
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන්, වහාම පරික්ෂණයක් ආරම්භ කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය සඳුදා නියෝග කළා.
 
ඒ අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස විනගයමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට දැනුම්දුන්නද නීතීඥයෙකු මාර්ගයෙන් ඔහු දැනුම් දී තිබුණේ තමා අසනීපයෙන් පසුවන බවයි.
 
කෙසේ වෙතත් ඔහු අද පෙරවරු 10.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.
 
මේ අතර කරුණා අම්මාන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ඌව පළාත් සභාව ඉදිරිපිට අද පෙරවරුවේ උද්ඝෝෂණයක් ද පැවැත්වුණා.
 
මේ අතර කරුණා අම්මාන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩුවෙල මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු වන බෝසෙත් කලෙහේ පතිරණ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.
 
අදාළ ප්‍රකාශය තුළින් දණ්ඩ නීති සංග්‍රහයේ 293 සහ 294 යන වගන්ති වලට අනුව මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන සම්මුති පනත යටතේ කරුණා අම්මාන් වරදක් සිදු කර ඇති බව එම පෙත්සම මගින් පෙන්වා දී තිබෙනවා.
 
එමෙන්ම පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ සාක්ෂි ආඥා පනතේ 17(1) වගන්තිය ප්‍රකාරව මෙම ප්‍රකාශය අපරාධයක් කළ බවට පිළිගැනීමක් මෙන්ම පාපොච්චාරණයක් ද වන බවයි.
 
ඒ අනුව කරුණා අම්මාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි වැඩබලන පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත්කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top