මනුෂ්‍යයාගේ මැදිහත් වීමෙන් මත්වීම, මත්ද්‍රව්‍ය භාවිතය, මානව සංසකෘතියට එකතු කරගත් දා සිටම නූතන සමාජය දක්වා විකාශය වීම අතරතුර, විවිධ මත්ද්‍රව්‍ය සොයා ගනිමින් භාවිතා කොට තිබෙනවා.
අද වන විට ලෝකය පුරා හෙරොයින්, කොකේන්, එල්එස්ඩී, ටැබ්ලඩ්, අයිස්, ගංජා යන එකී නොකී මත්ද්‍රව්‍ය මානව සමාජය පුරා ව්‍යාප්තව ඇති අතර ඉන් නිරාවරණය වීමම අභියෝගයක්........
විවිධ ඇබ්බැහි වීම් බහුල ලෝකයේ මතින් මත් නොවී සිටින නීරෝගී මානවයින් බිහි කිරීමට අපි කැපවෙමු.
"උමතු" යනු මතට ඇබ්බැහි වූවන් ගැන ඔබට කියන මුළු මහත් සමාජයම දැනුවත් කිරීම සඳහා වන හිරුටීවී ඔස්සේ විකාශය වූ නාට්‍යයක්..
මේ එහි 24 වන දිගහැරුමයි...
එක රෑනේ කුරුල්ලෝ වහන්නේ එකට.. එකට වහන කුරුල්ලන්ගේ බොහෝ සමානකම් තියනවා. හිතන්නේ පතන්නේ එකට. දුකේදීත් සැපේදීත් එහෙමයි...
හොඳ වැඩකට රෑන් ගැහෙනවා වගේම නරක වැඩකට රෑන් ගැහුණොත්? එහි ප්‍රතිඵලය.. භයානක බව ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ..
මත්වෙන්න හිත් ගත්ත කුරුල්ලන් අතර හිටිය... කෝඩුකාර කිරිල්ලියකගේ ඛේදවාචකය තමයි අපි ඔබට කියන්න හදන්නේ..
මේ උමතු රාත්‍රීයේ තවත් එක කතාවක් ඒක...
මේ කතාවෙන් අපිට මුණ ගැහෙන සුරූපිනිය "බිස්නස්කාරයෙකු"ගේ දුවක්. ඉතින් කිසිම විදිහක අඩුවක් ලුහුඩුවක් නොවුනු ඇය ජීවිතේ උපරිමයෙන් විඳින්න ගත්තු එකියක්...
ඇගේ පෙම්වතා වුනේ අසංක.. අසංකගෙයි ඇගෙයි සම්බන්ධෙට ගෙදරින් අකැමැත්තක් තිබුණේ නැහැ. කුඩා කාලයේ ඉඳන්ම ලැබුණූ නිදහස සීමාවන් ඉක්මවා ගිය සුරූපිනිය... මත්ද්‍රව්‍ය-වලට ක්‍රමයෙන් ඇබ්බැහි වෙන්නේ කවුරුත් නොහිතූ විදිහට...
"ගර්ල්ස් පාර්ටි" වලින් පටන්ගත්තු මේ මත්වෙන සෙල්ලම මහා ඛේදවාචකයකින් අවසන් වේවී කියලා ඇය හීනෙකින්වත් නොහිතන්නට ඇති...
එදා ඇගේ උපන්දිනය... හරියටම පෙබරවාරි මාසේ 22... ඇය ඇගේ හිත් ගත්තූ ආදරණීය පෙම්වතා අසංක එක්ක පාර්ටි එකකට යන්න සුදානම් වෙනවා.. මේක සෝෂල් මීඩියා එහෙම නැත්තම් ෆේස්බුක් එකෙන් ලෑස්ති කරපු වෙනස්ම විදිහේ පාර්ටි එකක්...
එතනදී පදමට ටැබ්ලට් සහ සිගරැට්ටු ඇතුළු මත්ද්‍රව්‍ය-වලින් මත් වෙන මේ සියලු දෙනාට අමුතුම ආකාරයේ "ෆීලින්ග්" එකක් දැනෙන්න ගත්තා. ඒ දේ කෙළවර වුණේ අසංක ගහක් කඩා වැටුණා වගේ බිම පත බෑවුනු එකෙන්.. එතනින් නොනැවතී... ටැබ්ලට්වලින් මත් වුනු බොහෝ පිරිසක් බිම කඩාගෙන වැටෙනවා...
අපේ කතා නායිකාවට සිහි මඳ ගතියක් තිබුණා වුණත් පස්සේ ඇය දැනගන්නවා තමන්ගේ පෙම්වතා ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වෙලා කියලා...
මේ ඒ සුරූපිනිය ජීවිතේ වරද්දගත්තු ඒ කතාව....
මත්ද්‍රව්‍ය-වලට ඇබ්බැහි වී ඔවුන් උරුමකරගත් ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට උරුම නොවීමට නම් මේ හෝරාව දෙස අවනත නැති හිත්අවනත කරවාගෙන මත් නැති නෙතින් නිවැරදි සිහියෙන් යුතුව දෑස් හැර බලන්න..
මතින් මත් නොවුණු පිණිසයි....!! VIDEO