Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
25
"උඹේ මිනිහවයි ළමයවයි දෙන්නවම මම ගන්නවා. අන්න ඒක දැන ගනින්.." - තමන්ට වඩා අවුරුදු 13ක් බාල තරුණයෙක් වූ සමීර සමඟ අනියම් කම් සැප විඳින්න ගිය, 50 හැවිරිදි රේණුකා, ගමක්ම කළඹමින් අමානුෂික ලෙස අවසන් ගමන් ගිය හැටි සුළමුල එළියට

- "උඹේ මිනිහවයි ළමයවයි දෙන්නවම මම ගන්නවා. අන්න ඒක දැන ගනින්.." - තමන්ට වඩා අවුරුදු 13ක් බාල තරුණයෙක් වූ සමීර සමඟ අනියම් කම් සැප විඳින්න ගිය, 50 හැවිරිදි රේණුකා, ගමක්ම කළඹමින් අමානුෂික ලෙස අවසන් ගමන් ගිය හැටි සුළමුල එළියටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,589 Views
"උඹ ...... කියලම තමයි ඒ ගෑනු කෙනා හැමතිස්සෙම මට බනින්නේ.."
 
"උඹේ පුතාව මම ගන්නවා කියලා සමීරගේ අම්මටත් තිස්සෙම බනිනවා.."
 
"අනේ සර් මට ඒකිගෙන් හරිම කරදරයි. බේරෙන්නම විදිහක් තිබුණේ නෑ.."
 
පස්දරු මවත් වූ රේණුකා පදිංචිව සිටියේ වැලිපැන්න පොලිස් වසමේ ඉතා දුෂ්කර ප්‍රදේශයක් වන පරෙයිගම, අළුත්හේන, පහළවෙල ප්‍රදේශයේයි.
 
විවාහක දූ දරුවන් සිටි මේ මව ගේ වයස අවුරුදු පනහක් වුණා. ඇය පරෙයිගම නිවසේ ජීවත් වූයේ සැමියා හා බාල පුතු සමඟයි.
 
මිත්තණියකව සිටියත් රේණුකාට හිත පාලනය කරගැනීමේ හැකියාවක් තිබුණේ නෑ. මාළු වෙළෙන්දෙකු වන සමීර හා රේණුකා අනියම් ඇසුරක පැටලෙන්නේ ඇගේ සිත පාලනය කරගැනීමට නොහැකි වුණූ තැනයි.

සමීරගේ වයස අවුරුදු තිස් හයයි. ඔහු විවාහක එක් දරු පියෙක්. ඔහුගේ වයසට ආසන්න වයස්වල පසුවන පුතුන්ද ඇයට සිටිනවා. එහෙත් මේ තරුණයාගේ වයස පිළිබඳවත් තමන්ගේ තත්ත්වය ගැනත් සිතන්නට රේණුකාට අවශ්‍ය වූයේ නැහැ.
 
ඔහුගේ තරුණ හැඩි දැඩි බවට බොහෝ සේ ඇලුම් කළ ඇයගේ එකම අවශ්‍යතාවය බොහෝ සේ ඇලුම් ක‍ළ ඇගේ එකම අවශ්‍යතාවය වූයේ ඔහු හා එක්ව කම් සැප විඳිමයි.
 
සමීර සමඟ ගෙන ගිය මේ සම්බන්ධය සිය නිවැසියන්ට රහසක් කරගැනීමට ද ඇය වග බලා ගත්තා.
 
"මට පිළිකාවක් හැදිලා.." මෙලෙසින් ඇය සිය සැමියාත් පුතාත් ඉදිරියේ පැවසුවේ දැඩි කළකිරුණු ස්වරූපයකින්. ඒ බොරුවට මේ දෙදෙනා හසුවූ බැවින් ඇගේ උපාය හිතුවාටත් වඩා සාර්ථක වුණා.
 
ඉන් අනතුරුව ඇය නිතර නිතර නිවසින් පිට වුයේ පිළිකාවට ප්‍රතිකාර ගත යුතු බව පවසමිනුයි.
 
ඊට අමතරව ඇය ගෙදරින් පැන යාම සඳහා තවත් උපක්‍රමයක් යෙදුවා. ඒ රෝහලෙන් කතා කරන ලෙස වරින් වර නිවැසියන්ට දුරකථන ඇමතුම් ලබා දීමයි. එම ඇමතුම් වලින් අනතුරුව ඇයට නිවසින් පිටවීමට කාගෙන්වත් බාධා එල්ල වූයේ නැහැ.
 
එලෙස සැමියාටත් පුත්‍රයාටත් බොරු බේගල් ඇද බා නිවසින් පිටවන ඇය සමීර සමඟ කොහේ හෝ දුර ප්‍රදේශයකට ගොස් හිතේ හැටියට කම් සැප වින්ඳා. එහෙත් ඇගේ ඇසුර සමීරට මහා හිසරදයක් වන්නට වැඩි කාලයක් ගත වූයේ නැහැ.
 
මැයි මස විසි හත්වැනිදා ඇය රෝහලට යන බව පවසමින් නිවසින් පිටව ගිය ද යළි පැමිණියේ නැහැ. ඇගේ දුරකථනයත් අක්‍රියවී තිබුණා. සිය බිරිය අතුරුදහන් බව කියමින් සැමියාත් පුතාත් වැලිපැන්න පොලිසියට පැමිණිල්ලක් දැමුවා.
 
එසේ දින තුනක් ගෙවී ගියා. එහෙත් ඇය ගැන තොරතුරක් දැනගන්නට ලැබුණේ නැහැ. මේ අතර පැලවත්ත ගඟේ මීගහ තැන්න බොතලාව ප්‍රදේශයේ තිබී කාන්තා මළසිරුරක් හමුවන්නේ පසුගිය 30 වැනි දිනයි.
 
මෙම නාඳුනන මළසිරුර ගැන තොරතුරු ලැබීමෙන් අනතුරුව මීගහතැන්න පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පාලිත රාමසිංහ මහතා මළසිරුර ගැන විමර්ශන ආරම්භ කළා.
 
විමර්ශන කණ්ඩායම් වල පළමු කාර්යය වූයේ මේ කාන්තාව කවුද යන්න සොයා ගැනීමයි. අවසානයේ ඔවුන්ට දැන ගැනීමට ලැබුණේ පසුගිය 27 වැනි දා බිරිඳ ආගිය අතක් නැති බවට පරෙයිගම පදිංචි අයෙකු සිය පුතා සමඟ පැමිණ පැමිණිල්ලක් සටහන් කර ඇති බවයි.
 
ඒ අනුව මළසිරුර තිබුණ ස්ථානයට එන පිය පුතු දෙදෙනා මේ නරක් වූ සිරුර තම බිරිඳගේ බවට සැමියා විසින්ද මේ සිය මව බවට පුතා විසින්ද හඳුනා ගනු ලැබුවා.
 
දිමුතු ආරච්චිගේ දෝන රේණුකා දමයන්තිගේ සිරුර හඳුනා ගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට කටයතු කෙරුණා. දින කීපයකට පසු නරක් වූ මළසිරුරක් ලෙස හමුවූ ඇයට සිදු වූයේ කුමක් දැයි යන්න පිළිබඳ ඒ ගැන දැන සිටි කා හටත් ඇති වූයේ විශාල සැකයක්.
 
මෙම අබිරහස් මරණයේ සුලමුල සොයා යමින් සිටි උප පොලිස් පරීක්ෂක මුණසිංහ මහතා ඇගේ දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබා ගන්නේ කෙසේ හෝ පොටක් සාදා ගැනීමටයි.
 
මෙම විශ්ලේෂණයේදී හෙළි වූයේ රෝහලෙන් ඇමතුම් දෙන ලෙස සැමියාට හා නිවැසියන්ට කතා කර ඇත්තේ රේණුකා විසින්ම බවයි. මේ අනාවරණයත් සමඟ රේණුකාගේ පවුලේ අයගේ ඇස් උඩ යන්නේ සිදුව ඇත්තේ කුමක් දැයි අදහාගත නොහැකිවයි.
 
සැමියාට හා දරුවන්ට මෙතරම් කපටිකම් කීමට ඇයට තිබූ වුවමනාව කුමක්දැයි යන්න ඊළඟ සැකය වුණා. ඇය වැඩි වශයෙන් ඇමතුම් ගත් අංකයක් සොයා ගැනීමට මෙහිදී පොලිසියට හැකි වුණා. ඒ ඔස්සේ හොරවල මාරමුල්ල පිහිටි නිවසකට ගිය පොලිසියට නිවැසියන් පැවසුවේ මේ අංකයෙන් වරින් වර තමන්ට තර්ජනය කර කාන්තාවකගෙන් ඇමතුම් ලැබෙන බවයි.
 
අංශභාග රෝගය වැළඳීමෙන් ආබාධිත තත්ත්වයට පත් වූ තමාත් 11 හැවිරිදි දියණියත් තනිකර දැමූ සිය සැමියා වන සමීර බඹරැන්ද ප්‍රදේශයේ කාමරයක තනිවම ජීවත් වන බව ඇය පැවසුවා.
 
"උඹේ මිනිහවයි ළමයවයි දෙන්නවම මම ගන්නවා. අන්න ඒක දැන ගනින් කියලා තර්ජනය කරනවා. උඹ...... කියලම තමයි ඒ ගෑනු කෙනා හැමතිස්සෙම මට බනින්නේ. උඹේ පුතාව මම ගන්නවා කියලා සමීරගේ අම්මටත් තිස්සෙම බනිනවා.."
 
ඇගේ ඒ වචන පොටක් සාදා ගැනීමට හේතු පාදන බව නිලධාරින්ට වැටහුණා. පොලිසිය සමීර සොයා යද්දි බඹරැන්ද පාර දිගේ පැලවත්ත දෙසට ඔහු ගමන් කරමින් සිටියේ ප්‍රදේශයෙන් පලා යාම සඳහායි.
 
එහෙත් පාලම මතදී ඔහුගේ දෑතට මාංචු වැටුණේ අබිරහසක් වීමට ගිය රේණුකාගේ මරණය ගැන පුවත අනාවරණය කරමිනුයි.
 
යුද හමුදාවේ සංඥා බලකායේ සේවය කර ඇති සමීර 2008 දී ඉන් පලා විත් මාළු වෙළඳාමේ යෙදී ඇත්තේ වෙනත් රැකියාවක් නොමැති තැනයි.
 
ඔහුට රේණුකා හමුවන්නේ ඒ අතරතුරයි. වසර 8ක් පමණ ඇය සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ අතර ඔවුන් දෙදෙනාට මොරටුව ප්‍රදේශයේ දී නිතර මුණ ගැසීමට අවස්ථාව උදා වුණා. ඒ රේණුකා ගේ දියණියක් එම ප්‍රදේශයේ පදිංචිව සිටි නිසා එහි යන බව පවසා ඔහු හමුවීමට ඇය මඟ පාදා ගන්නා නිසායි.
 
ඇගේ මේ ඉමක් කොනක් නැති සම්බන්ධය කල් යත්ම සමීරට හිසරදයක් බවට පත්වුණා. සමීරට ඇගෙන් ගැලවීමක් තිබුණේම නැහැ. මේ නිසා ඔහු නිතර කල් පනා කළේ කෙසේ හෝ මේ උගුලෙන් නිදහස් වීමේ ක්‍රමයක්.
 
පසුගිය 27 වැනිදාට පෙර දින කිහිපයක සිට සුපුරුදු පරිදි රෝහලෙන් යැයි කියමින් රේණුකාගෙන් නිවසට ඇමතුමක් එන්නේ පිළිකාවට බෙහෙත් ගැනීමට කළුබෝවිල රෝහලට එන ලෙස දන්වමින්.
 
ඒ අනුව 27 වැනිදා අළුයම අවදිවන ඇය රුපියල් හැටදාහක් රැගෙන නිවසින් පිට වන්නේ පිළියන්දල සිටින දියණියගේ නිවසට ගොස් රෝහලට යන බව පවමිනුයි. නිවසින් පිටවූ ඇය අතරමඟදී සමීරට පවසන්නේ හවස මතුගමට පැමිණෙන ලෙසයි.
 
ඇයට පිළිකාවක් නොමැති වුවත් නිවැසියන් සිතුවේ ඇය පිළිකා රෝගයකින් පෙළෙන බවයි.
 
එදින උදේ පරෙයිගම නිවසින් පිටවුණූ රේණුකා කෙළින්ම යන්නේ මෝල්කාවේ සිටින ඥාති සහෝදරියකගේ නිවසටයි. එහිදී දවල් ආහාරය ගන්නා ඇය රුපියල් අට දහසක් සහෝදරියට දෙන්නේ පරණ ණයක් බේරීම සඳහායි.

ඉන්පසුව ඇය පිළියන්දල යා යුතු බව රේණුකා පවසද්දි සහෝදරිය කියා සිටියේ තදින් වැස්ස ඇති නිසා නොයන ලෙසයි. ඇගේ වචන නොඅසාම රේණුකා පිළිකාවට බෙහෙත් විදීමට ඇති බව පවසා නිවසින් පිටවුණා. ත්‍රීරෝද රියකින් ඇය මතුගම බලා පැමිණෙන අතර සමීරට ඇමතුමක් ලබා ගන්නේ කෙසේ හෝ ඔහු ගෙන්වා ගැනීමටයි.
 
යතුරු පැදියෙන් ඇය හමුවීමට පැමිණෙන ඔහු ඇය එහි නංවාගැනීමේ මීගහතැන්නට කැඳවාගෙන යන්නේ මරුවා හමුවට බව ඇය දැන සිටියේ නැහැ. යටියන බාර් එකෙන් අරක්කු මිලදී ගන්නා ඔහු යෝගට් දෙකක් හා කිරි පැකට් එකක් ද මිලදී ගන්නවා.
 
අගලවත්ත පාර ඔස්සේ පොල්ගම්පල හන්දියට පැමිණ රත්මලේ අතුරු පාරෙන් හැරෙන්නේ මීගහතැන්නට යාමටයි.
 
මීගහතැන්නට පෙර බෝහලාව හමුවන අතර බඹරැන්ද පාර ඔසේසේ මීටර් 100ක් පමණ ගිය විට හමුවන රබර් වත්ත ප්‍රදේශයට එන විට අඳුර වැටී තිබුණා. ඉතාම පාළු ප්‍රදේශයක් වන මෙම රබර් වත්තේ යතුරුපැදිය සඟවන මොහු ඇය සමඟ අඩිපාර ඔස්සේ ඇතුළට යන්නේ ඔහු හඳුනන සුදු මහත්තයාගේ ගේ තේ වත්තටයි.
 
එහි දළු මඩුව ඔවුන්ගේ සුපුරුදු නවාතැන් පොළක් වන නිසා ඇයට කිසි බියක් දැණූනේ නැහැ.
 
දළු මඩුවට ගොස් රැගෙන ගිය මත්පැන් බාගය දෙදෙනා සමඟ පානය කරන අතර පැලවත්ත ගඟේ මාළු බෑමට යන තිදෙනෙක් එහා පැත්තේ සිටින බව දකින්නේ එවිටයි.
 
ඒ නිසා තේවත්ත මැද්දෙන් ටික දුරක් ඈතට යන ඔවුන් උස මැහෝගනී ගහක් යට නතර වන්නේ කිසිවෙකුටත් නොපෙනෙන ලෙසයි. තවත් භාගයක් හිස් කරන දෙදෙනා යෝගට් හා කිරි පැකට් ද හිස් කරන්නේ ඊළඟ පියවර සඳහා යි.
 
ඒ වන විට මධ්‍යම රාත්‍රී ද පසුවෙමින් තිබූ අතර සමීර ඈතට ගොස් බලන්නේ මාළු බාන අය සිටීද කියායි. කිසිවෙකුත් නොමැති බව සැක හැර අවබෝධ කරගත් ඔහු මැහෝගනී ගස වෙත එන්නේ යක්ෂයාගේ හෝරාව එළඹෙන විටයි. ඔහු යතුරු පැදියේ බඩු බැඳගෙන යාම සඳහා යොදා ගන්නා රබර් පටිය වේලාසනින්ම සාක්කුවේ දාගත්තා.
 
ඒ වන විට ඇය ගස යට හිඳගෙන සිටියේ හොඳටම වෙරි මතින්. ඔහු ආපසු පැමිණෙන බව දුටු ඇය අග පග ගා නැගිට ගසට හේත්තු වූයේ හිටගෙන සිටීමට වාරු නොමැති නිසයි.
 
එවිට සමීර රබර් පටිය ගෙන ඇගේ බෙල්ලට දමා තද කළත් එය කැඩී යන්නේ ඇය බිම වැටෙන අතරයි. ඇගේ කටේ පැත්තකින් සෙම වැගිරෙන අතර ගොර ගොර ශබ්දයක් පිට වුණත් ඇය මිය ගොස් නොමැති නිසා දෑතින්ම ගෙල මෙන්ම නාසය තද කරන්නේ ඉක්මනින්ම මේ කරදරයෙන් නිදහස් වීම සඳහායි.
 
ඉන්පසු ඇගේ කරාබු දෙක හා මාලය ගලවා ගලවා ගන්නා ඔහු ගග හා මහෝගනී ගස අතර ඇති අඩි 10ක පමණ දුර ඇය ඇදගෙන යන්නේ කකුල් දෙකෙනි.
 
මෙලෙස පාදවලින් ඇදගෙන යන ඇය ගඟට දමන්නේ සඳහටම මෙය රහසක් කිරීම සඳහායි. ඇගේ බෑගයේ තිබූ රුපියල් විසි දෙදහස් හයසීයයක් ගන්නා සමීර එහි තිබූ සියලුම ගඟට දමා සියල්ල නිම කරන ඔහු ගඟ මැද සිමෙන්ති ඒදණ්ඩ උඩට පැමිණ ඉතුරු මත්පැන් බාගයද ඉවර කර බෝතලය ගඟට දා එතනින් ඉවත්ව යනවා..
 
"අනේ සර් මට ඒකිගෙන් හරිම කරදරයි. බේරෙන්නම විදිහක් තිබුණේ නෑ.."
 
ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු එලෙස පැවසුවේ ඇය තමන්ට කරදරයක් බව පුන පුනා කියමින්. බිරිඳට හා මවට තර්ජනය කිරීමද ඔහුට වදයක් මෙන්ම ඇය කෙරෙහි වෛරයක් ඇති කිරීමට මුල් වී තිබෙනවා.
 
සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කළේ සමීරගේ මඟ පෙන්වීමට අනුවයි. රේණුකාගේ ගෙල සිර කළ රබර් පටිය මහෝගනී ගස මුල සඟවා තිබියදී සොයා ගත් අතර ඇගේ මාලය හා කරාබු යුවළ ව්‍යාජ ඒවා වූ නිසා ඒවාද කැලයට විසි කර දැමූ බව ඔහු ප්‍රකාශ කළා.
 
විනිතා මානෙල් ගමගේ
(මෙම සම්පූර්ණ ලිපිය හා ඡායාරූප උපුටා ගැනුම "මාංචු" පුවත්පතෙන්.)
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top