එක සැරයක් අවවාද කරලා...
15 හැවිරිදි පාසල් සිසුවියෙකුට පෙම් හසුනක් ලබා දුන් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 66 ක් වූ පුද්ගලයෙක්.
ඔහු ඉන්දියාවේ, කොවෛ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.
එම ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි සිසුවියක මෙලෙස එම පුද්ගලයා විසින් මෙම පෙම් හසුන ලබාදී තිබෙනවා.
සිසුවිය මේ සම්බන්ධයෙන් සිය මව දැනුවත් කිරීමෙන් අනතුරුව ඇය අදාළ පුද්ගලයා හට මෙලෙස නැවත වරක් සිදු නොකරන ලෙසත්, එලෙස කළහොත් පොලිසිය වෙත යන ලෙසත් අවවාද කර තිබුණා.
කෙසේ වෙතත් දින කිහිපයක් ගත වීමෙන් අනතුරුව එම පුද්ගලයා විසින් යළිත් ඇයට තවත් ලිපියක් ලබාදී ඇති බව සඳහන්.
ඉන් අනතුරුවයි සිසුවියගේ දෙමාපියන් විසින් පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.