ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනයේ සැකකරුවන් 08 දෙනා යළි ජූලි 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
ඒ ඔවුන් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය 10 වනදා මිරිහාන ප්‍රදේශයේ පිහිටි ලීසිං සමාගමක් ඉදිරිපිටදී එම ආයතනයේ සේවකයන් පිරිසක් සිදුකළ පහරදීමකින් සුනිල් ජයවර්ධන මහතා ජීවිතක්ෂයට පත්වුණා.
ඊට පසුදින සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.