මහ බැංකුව කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර සඳහා 4%ක පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාර 13,861ක් සඳහා රුපියල් බිලියන 28ක මුදලක් අනුමත කර තිබෙනවා.
කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර පුනර්ජීවනය කිරීම හා රටේ ආර්ථික කටයුතු යළි ගොඩ නැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, රජය හා එක්ව සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ නවමු ව්‍යාපෘතියක් ලෙස “සෞභාග්‍යා COVID – 19 පුනරුද සහන“ ප්‍රතිමූල්‍ය පහසුකම 2020 මාර්තු මස 24 වන දින ප්‍රකාශයට පත් කළා.
ශ්‍රී ලංකා මහ බැංකුව, මෙම ණය යෝජනා ක්‍රමයෙහි පළමු අදියර යටතේ ව්‍යාපාර 13,861ක් සඳහා රුපියල් බිලියන 27.9ක මුදලක් අනුමත කර ඇති අතර 2020 ජූනි 24 දිනට බැංකු පද්ධතිය තුළින් දිවයින පුරා ව්‍යාපාර 7,274ක් සඳහා රුපියල් බිලියන 14.8ක් මුදා හැර තිබෙනවා.
මෙම ණය යෝජනා ක්‍රමය 4%ක සහනදායී වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ මාස 6ක සහන කාලයකට යටත්ව මාස 24කින් ආපසු ගෙවා නිම කළ හැකි වන පරිදි ක්‍රියාත්මක කර ඇති බවයි මහබැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
එසේම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ණය යෝජනා ක්‍රමයෙහි දෙවන අදියර යටතේ රුපියල් බිලියන 120ක් 1%ක වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ වාණිජ බැංකු වෙත ලබා දෙනු ලබන අතර එම අරමුදල් බැංකු පද්ධතිය හරහා කොරෝනා ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර යළි ගොඩ නැංවීම සඳහා 4%ක සහනදායී පොලී අනුපාතිකයක් යටතේ මුදා හැරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.