ලක්දිව වැසියන් ශිෂ්ඨාචාරගත කරමින් සම්බුදු දහමේ මහිමය අපට ලැබුණු සුපින්වත් දිනය ලෙස පොසොන්පුර පසලොස්වක දිනය ඊයේ යෙදී තිබුණා.
පසුගිය වසරවලට වඩා මෙවර පොසොන් දිනය අතිඋත්කර්ශවත් අන්දමින් සැමරීමේ හැකියාවක් කිසිවෙකුට හිමි වුණේ නැහැ.
ඒ, මෙරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමඟ සමාජිය දුරස්ථභාවය ඇති කිරීමට පියවර ගැනීම හේතුවෙන්.
මෙවර බොහෝ පිරිස් සිල් සමාදන්වීම පවා නිවෙස් තුළටවී සිදු කිරීමටයි කටයුතු කළේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් ද සහ බිරිද සමඟ නිවස තුළටවී සිල් සමාදන් වූයේ මෙලෙසින්.
"ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලබන්නේය.." යනුවෙන් ද ඔහු සිය ට්විටර් ගිණුමෙහි සටහනක් ද තබා තිබුණා.