Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
05
ඡන්ද රැස්වීමක උපරිමය සීයයි, නම් ගම් සටහන් කිරීමත් අනිවාර්යයි - ඡන්දය වෙනුවෙන් තවත් මාර්ගෝපදේශන රැසක් - Video

- ඡන්ද රැස්වීමක උපරිමය සීයයි, නම් ගම් සටහන් කිරීමත් අනිවාර්යයි - ඡන්දය වෙනුවෙන් තවත් මාර්ගෝපදේශන රැසක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,744 Views
ඡන්ද පත්‍රිකා මුද්‍රණය අත්හිටුවා ඇති බව කියන කතාවලට මැකො දුන්නු උත්තරේ...
 
ලබාදුන් මාර්ගෝපදේශ ප්‍රධාන මාතෘකා 07 කින් සමන්විතයි...
 
ඡන්ද පත්‍රිකා මුද්‍රණය අත්හිටුවා ඇති බවට පළ වන ඇතැම් වාර්තා අසත්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
 
ලබන ඉරිදා වනවිට දිස්ත්‍රික්ක හයක පමණ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කළ හැකි බවට රජයේ මුද්‍රණාලයාධිපතිනිය තමන් දැනුවත් කර ඇති බවයි සභාපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර, කොරෝනා වසංගතය හමුවේ මහ මැතිවරණය පැවැත්වීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිසමට ලබාදුන් මාර්ගෝපදේශ ප්‍රධාන මාතෘකා 07 කින් සමන්විතයි.
 
ඒ යටතේ පළමුව අවධානය යොමුකර ඇත්තේ මැතිවරණයට පෙර ජනතාව දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සිදුකිරීම පිළිබඳවයි.
 
විශේෂයෙන් සේවා ස්ථානවල සිට සිය ගම්බිම් කරා පැමිණෙන ජනතාව මගින් රෝග සම්ප්‍රේෂණය වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
 
ඒ අනුව පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ විශාල සේවකයින් සංඛ්‍යාවක් ඇති රජයේ මෙන්ම පෞද්ගලික ආයතන සඳහා තැපැල් ඡන්ද ක්‍රමය හෝ කල්තියා ඡන්ද ප්‍රකාශ කිරීම වැනි ක්‍රමවේදයක් භාවිත කළ හැකි නම් එය රෝග සම්ප්‍රේෂණය අවම කිරීමට ඉවහල් වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදහස වන්නේ.
 
මැතිවරණ රාජකාරී සඳහා නිලධාරීන් කැඳවීමේදී නිරෝධයනය සහ පසු නිරෝධායනය යටතේ සිටින පුද්ගලයින් කැඳවිය නොහැකියි.
 
මෙම මාර්ගෝපදේශ මාලාවේ ප්‍රචාරක රැස්වීම් සම්බන්ධයෙන්ද අනුගමනය කළ යුතු උපදෙස් ඇතුළත්.
 
ඒ අනුව ප්‍රචාරණ කටයුතු සඳහා මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය භාවිත කිරීමෙන් රෝගය සඳහා නිරාවරණය වීම අවම වන අතර, මහජන රැලි අවම කිරීමද ඔවුන්ගේ තවත් නිර්දේශයක් වනවා.
 
ප්‍රචාරක රැස්වීම් සංවිධාන කරන්නේ නම් ඒ සඳහා සහභාගි වන පිරිස 100කට සීමාවිය යුතු අතර, දින 03කට පෙර අදාළ රැස්වීම පිළිබඳව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කළ යුතුයි.
 
රැස්වීම සඳහා සහභාගි වන සිමීත පිරිසද අවම මීටරයක පරතරය පවත්වා ගත යුතු අතර, මුහුණු ආවරණ පැළඳීමද අනිවාර්ය වනවා.
 
අත්පත්‍රිකා බෙදාහැරීමෙන් වැළකිය යුතු අතර, පැය 03 ක උපරිමයකට සීමාවන රැස්වීම් සඳහා සහභාගි වන සෑම පුද්ගලයෙකුගේම තොරතුරු එහි සංවිධායකවරයා ලබාගත යුතුයි.
 
ගෙයින් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු සිදුකිරීමේදී වරකට එලෙස ගමන් කරන පිරිස තුන් දෙනෙකුට සීමාවිය යුතු අතර, එම සෑම පුද්ගලයෙකුම මූලික සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම අනිවාර්ය කර තිබෙනවා.
 
කෙසේ වෙතත්, ඔවුන්ට නිවෙස්වලට ඇතුළුවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර නැහැ.
 
මෙම උපදෙස් මාලාවේ තවදුරටත් දැක්වෙන්නේ මැතිවරණ කාර්යාල ගණන, විවෘතව තබන වේලාවන් සහ කාර්යාලයක රැඳී සිටින පිරිස සීමා කිරීමට අවශ්‍ය උපරිම පියවර ගත යුතු වනවා.
 
එසේම, ඡන්ද මධ්‍යස්ථාන සහ ඡුන්දය ප්‍රකාශ කිරීමට අදාළව ද නිර්දේශ රැසක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කර තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top