Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
05
රට ඉඳන් එන රාජ්‍ය තාන්ත්‍රිකයින්ට PCR අනිවාර්යයි - ගතවූ පැය 24 තුළ මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින්ගේ සම්පූර්ණ විස්තරේ මෙන්න - Video

- රට ඉඳන් එන රාජ්‍ය තාන්ත්‍රිකයින්ට PCR අනිවාර්යයි - ගතවූ පැය 24 තුළ මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින්ගේ සම්පූර්ණ විස්තරේ මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18 Views
ප්‍රතිකාර ලබන කොවිඩ් 19 ආසාදිතයන් ගණන 931 ක්...
 
858 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටව ගිහින්..
 
කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් 19 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව යාමත් සමග පූර්ණ සුවය ලැබූ මුලු ගණන 858 ක් දක්වා ඉහළ ගියා.
 
අද දිනයේ ආසාදිතයින් සිව්දෙනෙක් වාර්තා වූ අතර ඔවුන්ගෙන් දෙදෙනෙක් බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණි අය වන අතර, අනෙක් ආසාදිතයින් දෙදෙනා නාවික හමුදා සාමාජිකයින්.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 1,801 ක්.
 
ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ සිට පැමිණි තිදෙනෙක්, බංග්ලාදේශයේ සිට පැමිණි දෙදෙනෙක්, ඩුබායි සිට පැමිණි එක් පුද්ගලයෙකු සහ නාවික හමුදා සාමාජිකයන් 42 දෙනෙක් කොවිඩ් 19 ආසාදිත බව PCR පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තිබෙනවා.
 
ඔවුන් සියලු දෙනා මේ වනවිට කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.
 
වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලැබූ 858 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා.
 
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් 19 ආසාදිතයන් ගණන 931 ක්.
 
මේ වන විට වෛරසය ආසාදිත මුළු නාවික හමුදා සාමාජිකයන් ගණන 844 ක් වන අතර ඉන් 443 දෙනෙකුම මේ වන විට පූර්ණ වශයෙන් සුව වී අවසන්.
 
මේ, හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටි වැලිසර නාවික හමුදා කදවුරේ සාමාජිකයන් 125 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර අද පිටව ගිය අයුරුයි.
 
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 25 දෙනෙකු ද එම මධ්‍යස්ථානයෙන් පිටව ගියා.
 
මේ අතර, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මෙරටට පැමිණීමේදී අනුගමනය කළ යුතු අනිවාර්ය ක්‍රමවේද කිහිපයක් විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
 
එහි දැක්වෙන පරිදි මෙරට පිහිටා ඇති තානාපති කාර්යාල හරහා ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මෙරටට ඇතුල්වීමට පෙර ප්‍රමාණවත් කාලයක් තුළදී ඔවුන්ගේ පවුල්වල විස්තර, රටට ඇතුල්වන දිනය ආදිය විදේශ සබඳතා අමාත්‍යාංශයට ලබාදිය යුතුයි.
 
රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩල හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ශ්‍රී ලංකාවට ඇතුල්වීමේදී අදාළ රටවලින් පිටවීමට පැය 72ක් ඇතුළත ලබාගත් PCR පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ යුතුයි.
 
එලෙස PCR පරීක්ෂණ වාර්තා ඉදිරිපත් නොකරන්නේනම් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී PCR පරීක්ෂණයට භාජනය වීම අනිවාර්ය වේ.
 
රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානීන් දින 14ක කාලයක් නිල නිවාසවලදී ස්වයං නිරෝධායනයට ලක්විය යුතු අතර, සෙසු රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩල සහ ඔවුන්ගේ පවුල්වල පිරිස් රජය විසින් අනුමත කරන ලද හෝටලයක නිරෝධායනයට යොමුවිය යුතුයි.
 
දින 14 ක ස්වයං නිරෝධායන කාලය අවසන් කිරීමෙන් පසු දෙවන PCR පරීක්ෂණයට භාජනය විය යුතු අතර, එම වාර්තා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ආරම්භ කළ යුතුයි.
 
රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මෙරටට පැමිණීමට පැය 48කට පෙර ඔවුන්ගේ ගුවන් ගමන් විස්තර විදේශ සබඳතා අමාත්‍යාංශයේ සන්ධාන ප්‍රධානී වෙත ලබාදිය යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
 
මෙම උපදෙස් මාලාව නිකුත් කෙරුණේ ඊයේ අමෙරිකානු තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු PCR පරික්ෂණ ප්‍රතික්ෂේප කරමින් මෙරටට පැමිණි පසුබිමකයි.
 
කෙසේ වෙතත් ඔහු මෙරටට පැමිණ ඇත්තේ මෙරට නිරෝධායන සීමා කිරීම් සහ කොවිඩ් 19 මාර්ගෝපදේශ තරයේ පිළිපදින බව අමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළා.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top