ශ්‍රී ලංකාවට බුදු දහමේ උරුමය රැගෙන අනුබුදු මිහිඳු මාහිමියන් වැඩම කළ උතුම් පොසොන් පුර පොහෝ දිනය වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධාන කළ හිරු ශ්‍රද්ධාභිවන්දනා අසදෘෂ මහා පුන්‍යකර්මය අද දවස පුරා බුත්තල ඓතිහාසික යුධගනාව රජමහා විහාරස්ථානයේදී ක්‍රියාත්මක වුණා. රට තුළ පවතින කොරෝනා වසංගතය හේතුවෙන් බෞද්ධ ජනතාවට මෙවර පොසොන් පොහොය සමරන්නට සිදුවූයේ නිවෙස්වල සිටයි. දුටුගැමුණු මහරජතුමන් සිය යුධ ජයග්‍රහණය උදෙසා අධිෂ්ඨාන පූජා පැවැත්වූ, ඔහුගේ සොහොයුරු සද්ධාතිස්ස රජතුමන් විසින් ස්ථාපනය කළ බුත්තල - යුදගනාව රජමහා විහාරස්ථානයේ සිට අද හිමිදිරියේ ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන ආරම්භ කෙරුණා.
නිවසේ සිට හිරු සමඟ එක්වුණු සැදැහැවතුන් සීල සමාධියේ ඒකාත්මික කරමින් සිල් සමාදන් කරවීම සිදුකළේ යුධගනාව රජමහා විහාරාධිපති පූජ්‍ය ගල්ටැම්වත්තේ නන්දරතන හිමියන් විසින්. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා උතුම් පොසොන් පුන් පොහෝ දිනයේදී හිරු මාධ්‍ය ජාලය සෑම වසරකදීම ක්‍රියාත්මක කරන කුලදරුවන් සසුනට පූජා කිරීමේ හිරු ශාසනාවතරණය වැඩසටහන මෙවරත් ක්‍රියාත්මක වුණා. හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ උදාරතර සංකල්පයක් මත 8 වන වරටත් ක්‍රියාත්මක වූ එම වැඩසටහන යටතේ අද දිනයේදී කුලදරුවන් 13 දෙනෙකු උතුම් සම්බුද්ධශාසනය උදෙසා පූජා කිරීම සිදුකෙරුණා. මෙවර, කුලදරුවන් ශාසනයට ඇතුළත් කිරීම සිදුවූයේ සිංහරාජ ආරණ්‍ය සේනාසනය, කරන්දෙණිය - උණගස්වල සිරිනිවේසාරාමය, මාතර - කණුකැටිගොඩ පූර්වාරාමය හා අහුන්ගල්ල - වැලිකන්ද පවර බෝධිරාජාරාමය යන විහාරස්ථාන මූලික කරගෙනයි. ගතවූ වසර 8 පුරාවට හිරු ශාසනාවතරණය වැඩසටහන යටතේ සම්බුදු සසුන වෙනුවෙන් කුලදරුවන් 93 දෙනෙකු පැවිදි බිමට ඇතුළත් කර තිබෙනවා. එම සියලූ භික්ෂුන් වහන්සේගේ ගිහි භාරකාරිත්වය, හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා යටතේ පවතින අතර, උන්වහන්සේගේ අධ්‍යාපනය ඇතුළු සියලූ කටයුතු සිදුකරන්නේ ද හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා විසින්. උතුම් පොසොන්පුර පසලොස්වක පොහෝ දිනය පුරා හිරු සමග ඒකාත්මික වෙමින් නිවසේ සිට පෙහෙවත් සමාදන් වූ උවැසි උවැසියන් වෙනුවෙන් කාලීන ධර්ම සාකච්ඡාමය වැඩසටහනක්. ඉන් අනතුරුව පැවැත්වුණේ විද්වත් මඩුල්ලක සහභාගිත්වයෙන්. දවස පුරා හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන ක්‍රියාත්මක කෙරුණු බුත්තල ඓතිහාසික යුධගනාව රජමහා විහාරස්ථානය වෙත හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා විසින් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ පූජා කෙරුණේ අද පස්වරුවේයි. වැඩසටහනේ නිමාව සනිටුහන් කෙරුණේ ඓතිහාසික යුධගනාව චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියස පැවති අධිෂ්ඨාන පූජාවෙන් අනතුරුවයි. චෛත්‍ය රාජයාණන් වහන්සේ සුවඳ දුමින් නහවා ශබ්ද පූජා පවත්වා රට ජාතියට සෙත් පතමින් එම අධිෂ්ඨාන පූජාව සිදුවුණා.
ඓතිහාසික යුදගනාව රජමහා විහාර පුදබිමේ දී ශබ්ද පූජාවක් පැවැත්වීම VIDEO යුදගනාව රජමහා විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙනමක් නිරාවරණය කිරීම... VIDEO ඓතිහාසික යුදගනාව රජමහා විහාර පුදබිමේ දී සුවඳ දුම් පූජාව පැවැත්වීම... VIDEO