එහි නිවාඩු නිකේතනයක නැවතී සිටි මෙම යුවළට දරුවන් තිදෙනෙකුම සිට ඇති අතර රාත්‍රී 10ට පමණ මැඩලීන් පමණක් අතුරුදහන් වී ඇති බවට ඇගේ මව විසින් සොයා ගනු ලැබුවා.
කෙසේ වෙතත්, ඇගේ අතුරුදහන් වීම ලොව පුරා කතාබහට ලක්වූයේ එය අභිරහස් අස්ථානගතවීමක් නිසාවෙනුයි.
මෙම සංවේදී නඩු විභාගය සංවේදී හදවත් ඇති සියලු දෙනාවම හැඬවූ පුවතක් වූ අතර මාස ගණනක් තිස්සේ මේ කුඩා දැරියගේ මුහුණත බ්‍රිතාන්‍යය මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්වුණා.
මංමුළා වූ ලෙසින් තම දියණිය ගෙනත් දෙන ලෙස ආයාචනා කරන දෙමව්පියන්ට සියලු දෙනාගේම අනුකම්පාව හිමිවුණා.
කෙසේ වෙතත්.. දැරියගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් එක්තරා සැකකරුවෙකු කෙරෙහි පොලිසියේ අවධානය යොමුව තිබූ අතර මෙම සැකකරු දැරිය අතුරුදහන් වීමට දින හතරකට පෙර පවුලේ මහල් නිවාසයෙන් ඉවත්ව ඇති බව "ද සන්" වාර්තා කරනවා.
සාහසික මුහුණත් ඇති අපරාධකරුවෙකුගේ ඡායාරූපය මාධ්‍ය වෙත නිකුත් කළ නමුත් ඔහු කිසිවෙකුට හමුවී නැහැ.
මැයි 3 වැනි දිනත් දුඹුරු පැහැ මිනිසුන් දෙදෙනෙකු ගැන ඇය විස්තර කළ බවක්, ඇගේ සහෝදරියකට මතක තිබුණා.
ඒ මැඩලීන් අස්ථාන ගතවීමට පෙර වූ අවසාන දර්ශණයයි..
කෙසේ වෙතත් දැරිය නැවත එනතුරු ඇගේ දෙමව්පියන් දෑස් දල්වමින් මඟ බලා සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.