වෙල්ලාවේලී පොලිසිය හෙළි කරගත් තොරතුරු මෙන්න...
"ප්‍රශ්න පත්‍ර කළේ නැත්තේ ඇයි" කියමින් ගුරුවරිය දොස් කියලා..
මඩකළපුව වෙල්ලාවේලි ප්‍රදේශයේ වයස අවුරුදු 15 දැරියකගේ මෘත ශරීරයක් පසුගියදා (01දා) සොයාගෙන තිබෙනවා.
ප්‍රශ්න පත්‍ර නොකළාට ගුරුවරිය දොස් කිවූ නිසා දිවි නසා ගන්නා බවට දැරිය ලියා තිබුණු ලිපියද සොයාගෙන ඇති බව වෙල්ලාවේලි පොලිසිය පවසනවා.
වෙල්ලාවේලි කාක්කාච්චිවටාට්හි ප්‍රදේශයේ දැරියකයි මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ..
දැරියගේ මෘතදේහය පරීක්ෂණය සඳහා මඩකළපුව ශික්ෂණ රෝහලට භාරදී ඇති අතර වැඩිදුර පරීක්ෂණ වෙල්ලාවේලි පොලිසිය පවත්වනවා.
මඩකළපුව - ජේ.ඛාන් (මව්බිම පුවත්පතෙනි.)