ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම 07 වන ඉරුදින සිට ආරම්භ කෙරෙන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ දිවයින පුරා පිහිටා ඇති මහජන බැංකු ශාඛා 60 කින් මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට අවශ්‍ය විධිවිධාන සලස්වා ඇති බවයි.
ඒ අනුව එම තැන්පත්කරුවන්ට ද ෆිනෑන්ස් සමාගමේ ශාඛා පිහිටා තිබූ නගරයන් හි ආසන්නතම මහජන බැංකු ශාඛා ඔස්සේ මෙම ගෙවීම් සිදුකෙරෙනු ඇති.