Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
04
ලෝකයක් කම්පා කරවමින්, අමානුෂික ලෙස අවසන් ගමන් යැවූ, කළු ජාතිකයා වෙනුවෙන් පැවැත්වෙන විරෝධතා-වලට පොලිස් නිලධාරිනුත් එක් වෙයි - ඝාතනය වූ ෆ්ලොයිඩ්ට කොරෝනා බව කියූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න - Video

- ලෝකයක් කම්පා කරවමින්, අමානුෂික ලෙස අවසන් ගමන් යැවූ, කළු ජාතිකයා වෙනුවෙන් පැවැත්වෙන විරෝධතා-වලට පොලිස් නිලධාරිනුත් එක් වෙයි - ඝාතනය වූ ෆ්ලොයිඩ්ට කොරෝනා බව කියූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21 Views
පුද්ගලයින් 200කට අධික පිරිසක් අත්අඩංගුවට අරන්...
 
ඔස්ට්‍රේලියානු මාධ්‍ය වේදියෙකුට ලන්ඩන් නුවරදී විරෝධය !!
 
අමෙරිකාවේ මිනිසෝටාහි කළු ජාතික පුද්ගලයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙක් විසින් පාදයෙන් ගෙල සිරකර මරා දැමුවේ පසුගිය 25 වැනිදායි.
 
මෙම සිදුවීමට විරෝධය පාමින් අමෙරිකාව පුරා පැවැත්වෙන විරෝධතා දැඩි ප්‍රචණ්ඩකාරී මුහුණවරක් ගෙන තිබෙන්නේ එරට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් 19 අවදානමද මධ්‍යයේයි.

වර්ගවාදයට එරෙහිව සහ මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට යුක්තිය ඉල්ලා වීථි බසින ජනතාව හේතුවෙන් අමෙරිකාවේ නගර 40කට අධික සංඛ්‍යාවකට මේවන විට හදිසි ඇඳිරිනීතිය පනවා තිබෙනවා.
 
විරෝධතාවල නිරතවන පුද්ගලයින් 200කට අධික පිරිසක් මේ වන විට නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් පමණක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
කෙසේ වෙතත් ඇතැම් ප්‍රාන්තවල පොලිස් නිලධාරීන් විරෝධතාවන්ට සහය පළ කළේ මේ අයුරින්.
 
ෆ්ලොයිඩ්ගේ ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකර ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව මිනිසෝටාහි නීතිපතිවරයා නිවේදනය කළද ලොව රටවල් රැසක් අමෙරිකානු පොලිසියේ මෙම අත්තනෝමතික ඝාතනයට එරෙහිව විරෝධතා ආරම්භ කර තිබෙනවා.
 
කළු ජාතිකයින්ට එරෙහිව අමෙරිකාවේ සිදුවන වර්ගවාදයට එරෙහිව එරට සිටින ශ්‍රී ලාංකික තරුණියක්ද විරෝධතාවලට සහය පළ කළ අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
 
මේ විරෝධතා මාධ්‍යයේ සජීවී විස්තර වාර්තාකරණයකට එක්වූ ඔස්ට්‍රේලියානු මාධ්‍ය වේදියෙකුට ලන්ඩන් නුවරදී විරෝධය එල්ලවූ අයුරුයි.
 
මේ අතර, ඝාතනයට ලක්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය ව තිබී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
කළු ජාතිකයින්ගේ විරෝධතාවන්ට අදහස් දක්වමින් අමෙරිකාවේ 43 වන ජනාධිපතිවරයා වන රිපබ්ලිකන් පාක්ෂික ජෝර්ජ් බුෂ් කියා සිටින්නේ අමෙරිකාවේ ඛේදනීය වත්මන් අසාර්ථකත්වය සම්බන්ධයෙන් නැවත අමෙරිකාව නැවත සිතාබැලිය යුතු කාලය එළැඹී ඇති බවයි.
 
විරෝධතා මැඩලීමට සහ යුක්තිය ඉෂ්ට කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙනයන අසාර්ථක වඩපිළිවෙළ මේවන විට ජාත්‍යන්තරයේ දැඩි දෝෂදර්ශනයට ලක්වී තිබෙන අතර, එරට 39 වන ජනාධිපති ධුරය හෙබවූ ජිමී කාටර් අනතුරු අඟවන්නේ කළු ජාතිකයින්ගේ නිහැඬියාව ඉදිරියේදී මාරාන්තික ස්වරූපයක් දක්වා වර්ධනය විය හැකි බවටයි.
 
මේ අතර අමෙරිකාවේ හිටපු කළු ජාතික ජනාධිපතිවරයෙකු ලෙස ලොව පුරා ගෞරවාධරයට පාත්‍රවූ බැරැක් ඔබාමා අමෙරිකාව නැවත ගොඩනැගිය යුතු කාලය එළැඹ ඇති බව පවසනවා.
 
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් එළිමහන් ගෙවත්තක් අසලදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් සිටි අතරතුර අලුතින් සකසන ලද තණබිස්සට හානි සිදුවන බව පවසමින් නිවැසියෙක් අගමැතිවරයාට ඉන් ඉවත්වන ලෙසට බැණවදින දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළා.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top