මේ අතර කුඩු අංජු නැමති විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ උපන් දිනය වෙනුවෙන් මත්ද්‍රව්‍ය බෙදූ කාන්තාවක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තා.
ඒ රත්මලාන - අඟුලාන ප්‍රදේශයේදී.
වැල්ලේ ජයනි ලෙස ප්‍රසිද්ධ එම කාන්තාව 31 හැවිරිදි වියේ පසුවන්නියක්.
ඇයට විකිණීම සඳහා දින 5 කට වරක් මත්ද්‍රව්‍ය ලැබෙන බවයි දැනට සිදුකර ඇති පරීක්ෂණ වලින් අනාවරණ වී ඇත්තේ.
කෝල් කරලා මොනවද කිව්වේ අංජු..?
කුඩු බොන අයගේ නම් ටික ලියා ගන්න කිව්වා
අංජුද කතා කළේ ධර්මසිරි ද..?
කෑලි කොච්චර එව්වද, කැට..?
ඔයාගේ අතට බඩු හම්බ වුණේ කොහොමද..?
ත්‍රීවිල් එකක තමයි ගෙනත් දුන්නේ
සල්ලි එකවුන්ට් එකට දානවාද..?