Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
04
දින දෙකක් තුලදී කොරෝනා ආසාදිතයින් සියය ඉක්මවයි, අද හමුවූ COVID-19 ආසාදිතයින්ගේ තොරතුරුත් එළියට - ඇඳිරි නීතිය ගැන ජනතාවට කළ දැනුම් දීම - Video

- දින දෙකක් තුලදී කොරෝනා ආසාදිතයින් සියය ඉක්මවයි, අද හමුවූ COVID-19 ආසාදිතයින්ගේ තොරතුරුත් එළියට - ඇඳිරි නීතිය ගැන ජනතාවට කළ දැනුම් දීම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,193 Views
රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු පීසීආර් පරීක්ෂණවලට යොමු නොවී රටට ඇතුළු වෙලා..
 
සමස්ථ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව838 ක්...!!
 
විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය සේවා නිලධාරීන්ට කළ දැනුම් දීම !
 
විදේශයන්හි සිට පැමිණෙන්නන්ගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිපල කඩිනම් කිරීමට ගුවන්තොටුපළ පරිශ්‍රයේම පරීක්ෂණාගාරයක් ස්ථාපිත කිරීමට කොවිඩ් 19 මර්දන කාර්ය සාධක බලකාය සහ විශේෂඥ වෛද්‍යවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී තීරණය වී තිබෙනවා.
 
මේ අතර නව ආසාදිතයින් 41ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1790ක් දක්වා ඉහළ ගියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් 19 මර්ධන කාර්ය සාධක බලකාය සහ විශේෂඥ වෛද්‍යවරුන් සමඟ අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක නිරත වුණා.
 
මෙහිදී විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පිරිස් පීසී ආර් පරීක්ෂනයට භාජනය කිරීමේදී සහ නිරෝධායනය කිරීමේදී මුහුණ පැමට සිදුවන ගැටළු සහ ඒවා විසදිය යුතු ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවී තිබෙනවා.
 
ඊට විසඳුමක් ලෙස විදේශවල සිට මෙරටට පැමිණෙන්නන් පීසීආර් පරීක්ෂණයට භාජනය කොට එහි ප්‍රතිපළ ගුවන්තොටුපල පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනය සදහා යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අදාළ නිලදාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
 
මේ අතර ඇමරිකානු තානාපති කාර්යාල රාජ්‍ය තාන්ත්‍රික නිලදාරියෙකු කටුනායක ගුවන් තොටුපළෙදී පීසීආර් පරීක්ෂණවලට යොමු නොවී රටට ඇතුළුවී ඇතිබවත් වාර්තාවුණා.
 
අද උදෑසන 1.40ට පමණ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් ඔහු මෙරටට පැමිණ ඇති අතර ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ ජේෂ්ඨ නිලධාරියෙකු සදහන් කළේ තානාපති වරප්‍රසාද යටතේ ඔහු මුදාහැරිබවයි.
 
මේ සම්බන්ධයෙන් අප කල විසීමකදී එක්සත් ජනපද තානාපති කාර්යාල ජේෂ්ඨ නිලධාරියෙකු සදහන් කළේ එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩල නිලධාරීන් මෙරට නිරෝධායන සීමා කිරීම් ඇතුළුව කොවිඩ් 19 මාර්ගෝපදේශ තරයේ පිලිපදින බවයි.
 
ඒ අනුව අදාළ නිලධාරියා ද මෙරටට පැමිණ ඇත්තේ එම මාර්ගෝපදේශන්ට අනුකූලව බව නිලධාරියා සඳහන් කළා
එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මෙරටට පැමිණිමේදීත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් එක්සත් ජනපදයට පැමීනීමේදීත් වියානා සමුලුවේ දක්වා ඇති ප්‍රමිතීන් හා ක්‍රියාපටිපාටිවලට අනුකූලව කටයුතු කරන බවයි එම නිලධාරියා වැඩිදුරත් සදහන් කළේ.
 
මේ අතර කොවිඩ් 19 ආසාදිත පළමු නාවික හමුදා සාමාජිකයා මෙරටින් වාර්තාවුණේ පසුගිය අප්‍රේල් මස 21වනදායි.
 
ඒ අනුව අද වන විට කොවිඩ් 19 ආසාදිත වු සමස්ථ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව838 ක්.
 
ඉන් 426 දෙනෙක් මේ වන විට පුර්ණ සුවය ලබා තිබෙනවා.
 
මෙලෙස නාවික හමුදා සාමාජිකයන් ආසාදිත වීම ආරම්භ වූයේ වැලිසර නාවික හමුදා කදවුර කේන්ද්‍රකර ගනිමින්.
මෙම තත්ත්වය කොතෙක්දුරට පවතීවිද..?
 
මේ අතර කොවිඩ් 19 ආසාදිතයන් 40ක් අද වාර්තා වු අතර ඉන් 36ක් නාවික හමුදා සාමජිකයන් වන අතර 3දෙනෙක් ඉන්දියාවේ සිට පැමිණ සහ බංග්ලාදේශයේ සිට පැමිණ නිරෝධාදන ම්‍ය්‍යස්ථානවෙත යොමු කර සිටි අයයි
 
ඒ අනුව මේවන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1789 ක් වන අතර, සුවය ලබා පිටව ගොස් ඇති පිරිස 839ක් වනවා.
 
මේ අතර අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ සීටී ස්කෑන් යන්ත්‍රයක් ස්ථාපානය කිරීම සදහා මොරටුව විශ්වවිද්‍යාලයේ 92 – 93 ඉංජිනේරු සංගමයේ සාමාජිකයන්ගේ මූල්‍ය දායකත්වයෙන් නාවික හමුදාව විසින් ඉදිකළ නව ගොඩනැගිල්ල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදු වුණා.
 
මේ අතර ඇමරිකා එක්සත් ජනපද රජය ශ්‍රී ලංකා රජයට ලබාදුන් පොරොන්දුවක් මත ශ්වසන ආධාරක යන්ත්‍ර 200ක් මෙරටට ලැබීමට නියමිතයි.
 
අප කළ විමසීමකදී ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාල ජේෂ්ඨ නිලාධාරියෙක් සදහන් කළේ එහි පළමු තොගය ජුලි මාසය අවසන්වනවිට මෙරටට භාරදීමට හැකි වනු ඇති බවයි.
 
මේ අතර දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රී 10 ට පැනවූ ඇඳිරිනීතිය ජුනි 06 සෙනසුරාදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි.
 
එමෙන්ම පවතින තත්ත්වය මත පොසොන් උත්සවය වෙනුවෙන් දන්සැල් සංවිධානය කිරීම සඳහා කිසිදු අනුමැතියක් ලබාදීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් දී නොමැති බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනය කරනවා.
 
මේ අතර සියලුම රජයේ සෞඛ්‍ය සේවා නිලධාරීන් ජුනි මස 10 වෙනිදාට පෙර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය සේවා නිලධාරීන්ට දැනුම් දෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top