Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
04
සියෝන් බෝම්බකරු බෝම්බ රැගෙන, බස් රථයකින් කොළඹ ඉඳන් මඩකලපුවට ගිය හැටි CCTV දර්ශණ මෙන්න - මෙතෙක් මාධ්‍යයට නිකුත් නොකළ ඡායාරූප රැසකුත් ජනපති කොමිසමේදී එළියට - Video

- සියෝන් බෝම්බකරු බෝම්බ රැගෙන, බස් රථයකින් කොළඹ ඉඳන් මඩකලපුවට ගිය හැටි CCTV දර්ශණ මෙන්න - මෙතෙක් මාධ්‍යයට නිකුත් නොකළ ඡායාරූප රැසකුත් ජනපති කොමිසමේදී එළියට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,796 Views
"බෝම්බකාරියගේ සහ දරුවන්ගේ සිරුරු කැබලි බවට පත් වී තිබුණා.."
 
සියෝන් දේවස්ථානය අසල තිබූ සියලු CCTV දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු හෙළි වූ දේ..
 
දේවස්ථානයේ විවේකාගාරය තුළට යන බෝම්බකරු ඇඳුම් මාරු කරගන්නවා..
 
මඩකලපුව සියෝන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් අසාද් බෝම්බ ද රැගෙන කොළඹ සිට මඩකලපුවට ගොස් ඇත්තේ මගී ප්‍රවාහන බස් රථයකින් බව අද අනාවරණ වුණා.
 
ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් එම ප්‍රහාරය විමසන ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී.

මේ අතර පාස්කු ඉරිදා දෙමටගොඩ මහවිල උද්‍යානයේ සිදු වූ පිපිරීම්වලට අදාළව මෙතෙක් මාධ්‍යට නිකුත් නොකළ ඡායාරූප පෙළක් අද මාධ්‍යයට නිකුත් කෙරුණා.
 
පාස්කු ඉරිදා මෙරට ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් 3කට, ලැගුම්හලකට සහ කිතුණු දේවස්ථාන 3කට එල්ල වූ බෝම්බ ප්‍රහාරමාලාව මෙන්ම දෙමටගොඩ නිවසක් තුළ පිපිරීම් දෙකක් සිදු වී මේ වනවිට වසරකට වැඩි කාලයක් ගතව අවසන්.
 
නමුත් එම ප්‍රහාර මාලාව ගැන සමාජය හමුවේ අනාවරණ නොවූ කරුණු රැසක් තවමත් පවතිනවා.
 
මේ දිනවල එම කරුණු එකින් එක හෙළිවෙමින් පවතින්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ විවිධ විමර්ශන නිලධාරීන් සාක්ෂි ලබාදීමත් සමඟ.
 
පාස්කු ප්‍රහාරය ගැන මෙතෙක් කලක් හෙළි නොවූ කරුණු රැසක් ඊයේත් අදත් කොමිසම හමුවේ අනාවරණ වුණේ ඒ අනුවයි.
 
පාස්කු ඉරිදා පෙරවරුවේ ෂැංග්‍රිලා හෝටලය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සහ කිංග්ස්බරි හෝටලය මෙන්ම කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය සහ මඩකළපුව සියොන් දොවස්ථානයත් බෝම්බකරුවන්ගේ ඉලක්ක බවට පත්වීමෙන් පසු මුළු රටම ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවුණා.
 
දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසක පස්වරු 2.36ට තවත් පිපිරීමක් සිදුවන්නේ ඒ අතරතුරයි.
 
ඒ වනවිටත් පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම බුද්ධි අංශ ඇතුළු විමර්ශන කණ්ඩායම් කිහිපයක්ම එම නිවසට පැමිණ සිටියා.
 
අදාළ නිවස තුළ දෙවන පිපිරීමක්ද සිදුවන්නේ පළමු පිපිරීමෙන් විනාඩි කිහිපයකට පසු පස්වරු 2.53ටයි.
 
එම පිපිරීමෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකුට ද දිවි අහිමිවුණා.
 
මෙම දෙමටගොඩ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ ස්ථානීය පරීක්ෂණය සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා සිය පරීක්ෂණය අතරතුර ලබාගත් ඡායාරූප පෙළක් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඉදිරිපත් කළා.
 
අදාළ ඡායාරූප ජනාධිපති කොමිසම විසින් මාධ්‍ය වෙතද ලබාදුන්නා.
 
මහවිල උද්‍යානයේ නිවස තුල සිදුවූ පිපිරීම් දෙක කෙතරම් ප්‍රබල ද යන්න මෙම ඡායාරූප ඔස්සේ පැහැදිළිවනවා.
ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් රංජිත් මුණසිංහ මහතා සඳහන් කළේ, පිපිරීම සිදුවූ දෙමහල් නිවසේ උඩුමහලේ කාමරයක් තුළ පළමු පිපිරීම සිදුව ඇති බවට නිරීක්ෂණය වූ බවයි.
 
පිපිරීම නිසා උඩුමහලේ පොළොවේ සිදුරක් නිර්මාණය වී තිබූ බවත් ඒ නිසා එම මහල තිබුණේ කඩා වැටීමේ අවදානමක බවත් රංජිත් මුණසිංහ මහතා වැඩිදුරටත් කොමිසම හමුවේ පැහැදිළි කළා.
 
එම ස්ථානය පරීක්ෂාකිරීමේදී පෙනී ගිය අන්දමට ටයිල් පොළොව මත බෝම්බය තබා බෝම්බකාරිය විසින් දරුවන් ද තමන් වෙත කැඳවාගෙන බිම හිඳගැනීමෙන් අනතුරුව බෝම්බය පුපුරුවා ගෙන ඇති බව නීරීක්ෂණය වී තිබෙනවා.
 
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසුවේ දෙවන පිපිරීම සිදුව ඇත්තේ වෙනත් ස්ථානයක බවත්, එය එක් පුද්ගලයෙකුට පමණක් රැඳී සිටිය හැකි කුඩා ස්ථානයක් ලෙස නිරීක්ෂණය කළ බවයි.
 
පිපිරීම වූ ස්ථානයේ තිබී උප පොලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාරගේ සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ සිරුරු හමුවූ බවත් සාක්ෂිකරු සඳහන් කළා.
 
එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ බෝම්බකාරියගේ සහ දරුවන්ගේ සිරුරු අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වන සේ කැබලි වී ගොස් තිබූ බවයි.
 
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නීතිඥ සමන් වීරසිංහ මහතායි.
 
ප්‍රහාරය වන අවස්ථාවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළා.
 
2019-04-23 වැනිදින සිට මොහු මඩකළපුව සියෝන් දේවස්ථානයේ වූ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු භාරව කටුයුතු කර තිබෙනවා.
 
සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළේ, තමන් මෙම ප්‍රහාරයේ විමර්ශන කටුයුතු භාර ගැනීමෙන් අනතුරුව සියෝන් දේවස්ථානය අසල තිබූ සියලු CCTV දර්ශන පරීක්ෂා කළ බවයි.
 
එහිදී මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් හෙලිකර ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකියාව ලැබී තිබෙනවා.
 
එහිදී අනාවරණ වී ඇති ප්‍රධානම කරුණ වන්නේ සියෝන් දේවස්ථානයේ ප්‍රහාරකයා වන මොහොමඩ් අසාද් බෝම්බ රැගෙනවිත් තිබෙන්නේ කොළඹ සිට බස්රථයකින් බව.
 
සියෝන් දේවස්ථානයේ බෝම්බකරු කොළඹ - මරදාන සහිරා විද්‍යාලය අසලින් කල්මුණේ - කොළඹ බස්රථයකට 2019-04-20 වැනිදා රාත්‍රී 08.51ට ගොඩවන ආකාරය දැක්වෙන් CCTV දර්ශනයක් සාක්ෂිකරු කොමිසමට ඉදිරිපත් කළා.
 
අදාළ පුද්ගලයා මෙම බස්රථය වෙන්කරවාගෙන ඇත්තේ කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බකරු මාර්ගයෙන් බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.
 
2019-04-21 වැනිදා අලුයම 02.16 ට පමණ මඩකළපුව නගරයෙන් බස්රථයෙන් බැසයන බෝම්බකරු පළමුව ජුම්මා මස්ජිද් දේවස්ථානයට පැමිණෙන්නේ ත්‍රිරෝද රථයකින්.
 
දේවස්ථානය තුළ පැය 2කට ආසන්න කාලයක් රැඳී සිටින බෝම්බකරු එහි දේව මෙහෙය සඳහා ද සහභාගිවන අතර ඔහුගේ ස්වරූපයෙන් පෙන්නුම් කෙරෙන්නේ දැඩි නොසන්සුන්තාවක්.
 
අනතුරුව දේවස්ථානයේ විවේකාගාරය තුළට යන බෝම්බකරු ඇඳුම් මාරු කර ගැනීමෙන් අනතුරුව දේවස්ථානයෙන් පිටව යනවා.
 
බෝම්බකරු සියෝන් දේවස්ථානයට පැමිණෙන ආකාරය ද CCTV කැමරාවක සඳහන්ව තිබුණා.
 
අනතුරුව සියෝන් දේවස්ථානය තුළ බෝම්බය පුපුරුවා හරින්නේ පෙරවරු 09.03 ටයි.
 
සිද්ධියෙන් අනතුරුව කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සියෝන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් අසාද් නමැති මොහු 2005 සහ 2012 යන වසරවලදී කටාර් සහ අබුඩාබි රාජ්‍යන් වෙත ගොස් යළි පැමිණ ඇති බවයි.
 
එමෙන්ම ප්‍රහාරය සිදුවූ දිනයේදී මොහොමඩ් අසාද්ගේ මව වන ආලියා ලතීෆා බිබී විසින් සිය පුතුගේ ඡායාරූප පුළුස්සා දමා ඇති බව අනාවරණය වූ බව කොමිසම හමුවේ සාක්ෂි දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළා.
 
සාක්ෂිකරු පැවසුවේ ඇය මේ වන විට සාක්ෂි වසන් කිරීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසු වන බවයි.
 
බෝම්බකරුගේ බිරිඳ එනම් අබ්දුල් රහීම් ෆෙරෝසා පාස්කු ප්‍රහාරයට පසු කාත්කන්කුඩි සයින්දමර්දු නිවසේ සිදුවූ පිපිරීම්වලින් මියගොස් ඇති බවද සාක්ෂිකරු අණාවරණය කළා.
 
ඔහු වැඩිදුරටත් පැවසුවේ 2019 අප්‍රේල් 18 වැනිදා රාත්‍රියේ අසාද් සහ ෆෙරෝසා වෑන් රථයකින් කල්මුණේ සිට කොළඹට පැමිණ ඇති අතර ඔවුන් කොල්ලුපිටියේ මහල් නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක් වෙත පැමිණි බව අණාවරණය වූ බවයි.
 
එහිදී කොමිසම විමසුවේ එම නිවසේ රැදී සිටියේ කවුරුන්ද යන්නයි.
 
සහරාන්, ඔහුගේ බිරිද, දරුවන් දෙදෙනා මෙන්ම කටුවපිටියට දේවස්ථානයේ ප්‍රහාරකයා වන හස්තූන් සහ ඔහුගේ බිරිදවන සාරා ජස්මින් හෙවත් පුලස්තිනී එහි රැදී සිට ඇති බව සාක්ෂිකරු සදහන් කළා.
 
20 වනදා පස්වරු එකට පමණ මොවුන් සියලු දෙනා පානදුර පිහිටි නිවසට පැමිණ ඇති අතර සහරාන්, අසාද්, හස්තූන් එහි නැවතී සිටියදී අනෙක් පිරිස සහරාන්ගේ සහෝදරයකු වන රිල්වාන් සමග කාත්තන්කුඩි බලා පිටත්ව ගොස් ඇති බවත් වැඩිදුරටත් සාක්ෂ්කරු අණාවරණය කළා.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top