මනුෂ්‍යයාගේ මැදිහත් වීමෙන් මත්වීම, මත්ද්‍රව්‍ය භාවිතය, මානව සංසකෘතියට එකතු කරගත් දා සිටම නූතන සමාජය දක්වා විකාශය වීම අතරතුර, විවිධ මත්ද්‍රව්‍ය සොයා ගනිමින් භාවිතා කොට තිබෙනවා.
අද වන විට ලෝකය පුරා හෙරොයින්, කොකේන්, එල්එස්ඩී, ටැබ්ලඩ්, අයිස්, ගංජා යන එකී නොකී මත්ද්‍රව්‍ය මානව සමාජය පුරා ව්‍යාප්තව ඇති අතර ඉන් නිරාවරණය වීමම අභියෝගයක්........
විවිධ ඇබ්බැහි වීම් බහුල ලෝකයේ මතින් මත් නොවී සිටින නීරෝගී මානවයින් බිහි කිරීමට අපි කැපවෙමු.
"උමතු" යනු මතට ඇබ්බැහි වූවන් ගැන ඔබට කියන මුළු මහත් සමාජයම දැනුවත් කිරීම සඳහා වන හිරුටීවී ඔස්සේ විකාශය වූ නාට්‍යයක්..
මේ එහි 19 වන දිගහැරුමයි...
මේ කතාවේ අපිට මුණ ගැහෙන්නේ තරුණ කෙල්ලක්... මත්ද්‍රව්‍ය නිසාම ජීවිතේ නන්නත්තාර කරගත්තු කෙල්ලක්.. ඇය පෝසත් පවුලක ඉපැදුණු එකියක්.. ඒ නිසාම අඩුවක් පාඩුවක් තිබුණේ නැහැ...
අම්මා තාත්තට අමතරව මේ කෙලි පැටික්කියගේ පවුලට සමීප තවත් කෙනෙක් හිටියා. ඒ ප්‍රනාන්දු අංකල්..
ගෙදර නිතරම වගේ තිබුණු "පාටි"වලදී තාත්තා සිහි නැතිවෙන්න බිව්වම, ඔහුටත් නොදැනෙන්න ප්‍රනාන්දු අංකලුයි අම්මයි කරන දේවල් මේ කෙල්ල දෑහින් දැකගන්නවා.. ඒ නිසාම ඇය තමන්ගේම අම්මා එක්ක වෛරයක් ඇති කරගන්නවා.
මේ අතරතුර තමයි.. තාත්තාට හදිසියේම විදේශගත වෙන්න වුණේ. ඒ අවසරයෙන් ගෙට අරක්ගත්තු ප්‍රනාන්දු කෙල්ලට හැමදාම තෑගී ගෙනත් දෙන්න පටන් ගත්තා..
අම්මා එක්ක තිබුණූ තරහත්, වෛරයත්, අම්මා තාත්තාට කරන ද්‍රෝහිකම් නිසාම මේ කෙල්ල අම්මාට පාලනය කරන්න බැරි හිතුවක්කාර එකියක් බවට පත් වෙනවා.
ඇගේ යාළුවෝ දෙන්නා වුණු නිශි, නතාශා එක්ක ඇය "පාටි" වලට යන්න එන්න ගත්තා. ඒ අතරතුර තමයි ඈ ආසම කරන "ටැබ්ලට්" එක "ස්මාර්ට් කොල්ලෙක්" ඈට තෑගි දෙන්නේ... දැණුනු සනීපය නිසාම අන්තිමේදී ඒ ටැබ්ලට් එකට ඇය ඇබ්බැහි වෙනවා.
අම්මාගේ ඉස්සරහා සිගරට් බොන්න ගන්න ඈ මේ යන ගමන "මහා භයානක" එකක් බව ඇයට තේරුණ් නෑ..
ඇය මතින් මත්වෙලා අවසානයේ තරුණයින් කිහිප දෙනෙකු අතින්ම ජීවිතේ විනාශ කරගත් අනුවේදනීය කතාවයි මේ...
මත්ද්‍රව්‍ය-වලට ඇබ්බැහි වී ඔවුන් උරුමකරගත් ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට උරුම නොවීමට නම් මේ හෝරාව දෙස අවනත නැති හිත්අවනත කරවාගෙන මත් නැති නෙතින් නිවැරදි සිහියෙන් යුතුව දෑස් හැර බලන්න..
මතින් මත් නොවුණු පිණිසයි....!! VIDEO