මේ වන විට ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වෙලා තියෙන විදිහට ඔහු කොරෝනා ආසාදිතයෙක් බව විදෙස් වාර්තා කියනවා..
කොහොම නමුත්... සුදු ජාතික පොලිස් නිලධාරියෙකුගේ දණිස්සට විනාඩි අටක කාලයක් යටවුණු ඔහු නොසිතූ විදිහට මරු වැළඳ ගන්නේ එක්සත් ජනපදයම ගිනි අවුළවමිනුයි...
දැන් මේ කළු ජාතිකයා පිළිබඳව සුරූපී මේගන් කුමරියත් මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරලා.
රජ පවුලෙන් නික්ම හැරී කුමරුන් සමඟ වෙනම වාසය කරන මේගන්, ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය ගැන කියපු කතාවට ලෝකයේම අවධානය යොමු වෙලා තියනවා.
"කළු ජීවිත වැදගත් නැද්ද?" යනුවෙන් ප්‍රකාශ කරන ඇය ඔහුගේ මරණය ගැන සතියක් ප්‍රමාද වී කතා කිරීම ගැන කණගාටුව පළ කළා.
එමෙන්ම.. මෑත කාලිනව එක්සත් ජනපදයේ පොලිස් නිලධාරින් විසින් ඝාතනය කරනු ලැබූ වෙනත් අප්‍රිකානු (කළු ජාතික) ඇමරිකානුවන් ගැනද ඇය හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.
'ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ජීවිතය වැදගත් වූවා වගේම බ්‍රෝනා ටේලර්ගේ ජීවිතයත් ෆිලැන්ඩෝ කැස්ටිල්ගේ ජීවිතය තමීර් රයිස්ගේ ජීවිතයත් වැදගත් වුණා..'
මේ වන විට එක්සත් ජනපදයේ වාසය කරන සුරූපී මේගන්, කළු ජාතිකයාගේ මරණය වෙනුවෙන් "හඬක් නොනැඟීම" ගැන බොහෝ දෙනාගේ විවේචනයට බඳුන් වී සිටියා.