ඡායාරූප ගන්න උදව් කරන්නත් ගිහින්...
විදේශීය කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ, අක්මීමණ, අංකොක්කාවල, පීල්ලකන්ද ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.
කැනේඩියානු ජාතික කාන්තාවක පසුගිය 30 වනදා ඡායාරූප කිහිපයක් ගැනීමට ගාල්ල, කලුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණ තිබුණා.
එම කාන්තාවට උදව් කිරීමට පැමිණ ඇති සැකකරු අනතුරුව ඇය ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි වාර්තාකරු කියා සිටියේ.
ගාල්ල, ළමා කාන්තා කාර්යංශයට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඇය සතුව තිබු ඡායාරූපයක මාර්ගයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
අනතුරුව ඔහු ගාල්ල, අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ නියෝග කළේ, ලබන මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.