මාස පහක් වයසැති ඩොම් ඇන්ඩ්‍රේඩ් රෝහල්ගත කිරීමෙන් පසු ඔහුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී තිබුණා.
"අපි මුලින් හිතුවේ බැක්ටීරියාවක් ආසාදනය වෙලා ඇති කියලයි.."
"නමුත් බෙහෙත් වැඩ කළේ නැහැ.. පස්සේ මමත් බිරිඳත් ඔහුව රෝහලකට අරන් ගියා. පසුව කළ පරීක්ෂා කිරීම්-වලින් කොරෝනා කියලා තහවුරු වුණා.." දරුවාගේ පියා පවසනවා.
ඔහුට වෛරසය කෙසේ ආසාදනය වුවාද යන්න තහවුරු නොවන අතර දෙමව්පියන් විශ්වාස කරන්නේ අසල්වැසියෙකුගෙන් ඔහුට රෝගය වැළඳෙන්නට ඇති බවයි.
රෝහලේ සම්බන්ධිකාරක වෛද්‍යවරුයෙකු දරුවා වෛරසයට මුහුණ දුන් ආකාරය පිළිබඳව ඔහු ප්‍රශංසා කර තිබුණා.
මේ වන විට මාස 12ට අඩු ළමුන් 25ක් කොරෝනා නිසා මරණයට පත්ව ඇති බව වාර්තා වී තිබෙනවා.
බ්‍රසීලයේ පසුගිය ඉරිදා දිනයේ පමණක් රෝගීන් 16, 409ක් වාර්තා වූ අතර ගෙවුණු පැය විසිහතරක් තුළ එරටින් නව මරණ 480ක් ද වාර්තා වුණා.