Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
04
"මම මොකක්ද කරන්නේ කියලා හිතා ගන්නවත් බැරි වුණා, මම ගැහැනු ළමයෙක්..." - කොරෝනා නිසා ඌව සරසවියෙ හිරවුණු නෙදර්ලන්ත සිසුවියක් කියන කතාව

- "මම මොකක්ද කරන්නේ කියලා හිතා ගන්නවත් බැරි වුණා, මම ගැහැනු ළමයෙක්..." - කොරෝනා නිසා ඌව සරසවියෙ හිරවුණු නෙදර්ලන්ත සිසුවියක් කියන කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
"හැබැයි මට හිතාගන්න බැරි විදිහට හැම දෙනාම මට උදවු කළා.."

"ආරක්ෂාව, කෑම, බීම හැම දෙයක්ම දුන්නා. නිතර නිතර මා ගැන සොයා බැලුවා.."

කොරෝනා වසංගත සමයේදී අධ්‍යාපන කටයුත්තක් සඳහා ලංකාවට පැමිණි නෙදර්ලන්ත විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍රපති උපාධිය හදාරන 24 හැවිරිදි සින්ඩි හඩ්සි නැමති තරුණිය මාස දෙකහමාරකට ආසන්න කාලයක් ඌව - වෙල්ලස්ස විශ්වවිද්‍යාලය තුළ සිරව ඉඳ ඇත. ඇය එම කාලය තුළදී අපූරු අත්දැකීම් සමුදායකට මුහුණදී ඇති අතර එම අත්දැකීම් පිළිබඳව මෙසේ අදහස් පළ කළාය.

“මම ලංකාවට එන්නේ මාර්තු 14 වැනිදා. මම එන්නේ ශ්‍රී ලාංකික වැදි ජනතාවගේ මානසික සෞඛ්‍යය පිළිබඳ පර්යේෂණයකට. මම 15 වැනිදා බදුල්ලට එනවා. ඒ එන්නේ ඌව - වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආචාර්ය රුවන් රණසිංහ මහතා හමුවන්න. ඒ මහතා තමයි ලංකාවේ මගේ උපදේශක හැටියට කටයුතු කරන්නේ.

නමුත් ලෝකෙටම බලපාපු කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක මගේ අධ්‍යාපන කටයුත්ත කර ගන්න බැරි වුණා. ඇතිවූ තත්ත්වයත් එක්ක මට නැවත නෙදර්ලන්තයට යන්නත් බැරි වුණා. මම ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය තුළ සිරවුණා. මගේ බලාපොරොත්තු බිඳ වැටුණා. මම මොකක්ද කරන්නේ කියලා හිතා ගන්නවත් බැරි වුණා. මොකද මම ගැහැනු ළමයෙක්. මගේ ආරක්ෂාව ගැන බය වුණා.

හැබැයි මට හිතාගන්න බැරි විදිහට හැම දෙනාම මට උදවු කළා. ඉන්න හිටින්න විශ්වවිද්‍යාලයේම පහසුකම් දුන්නා. ඒ විතරක් නෙවෙයි ආරක්ෂාව, කෑම, බීම හැම දෙයක්ම දුන්නා. නිතර නිතර මා ගැන සොයා බැලුවා. ලංකාවේ අය අතර තියෙන්නා වූ ආගන්තුක සත්කාර හොඳින්ම මම විඳගත්තා. ලංකාවේ ජනතාව හරිම හොඳයි.

මම විශ්වවිද්‍යාලය තුළ සිටින කාලය තුළදී මෙම කොරෝනා තත්ත්වයට ලංකාව මුහුණදෙන ආකාරය පිළිබඳව සැලකිල්ලෙනුයි හිටියේ. ඒ අනුව මම ලංකාවට ඇවිත් කරන්න හිටිය පර්යේෂණය වෙනුවට නව පර්යේෂණයක් ආරම්භ කළා. ඒ තමයි ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 අර්බුදය තුළ සමාජ බලපෑම. මගේ පර්යේෂණයේදී දැක ගත් දෙයක් තමයි ලංකාව රටක් හැටියට මෙම වසංගත තත්ත්වයට හොඳින් මුහුණ දුන්නා. එය පාලනය කරගන්න වගේම ජනතාවගේ දෛනික කටයුතු කෙරෙහි විශාල කැපකිරීමක් කළා. ඒ සඳහා කැපවූ සැමට මම ස්තූති කරනවා.

මේ වන විට මම මගේ පර්යේෂණයේ අවසන් අදියරට පැමිණ තිබෙනවා. මම ළඟදීම නැවත නෙදර්ලන්තයට යාවි. හැබැයි මම නැවත කවදා හෝ ආපහු ලංකාවට එනවා.

විදේශිකයන්ට කියන්න තියෙන්නේ ජීවිතයේ එක් දිනක් හෝ ලංකාවට ඇවිත් යන්න කියලයි. මට ලංකාව දාලා යන්නත් බැරි තරම්. මම හැමදාමත් ලංකාවට ආදරෙයි.”

ජයලත් දිසානායක
මව්බිම
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top