Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
04
"වසර කීපයක් විදෙස් ගත වෙලා ඉඳල ආවත්, මට ලැබෙන ඒ ආදරේ වෙනස් වෙලා නැහැ.." - උමාරා සිංහවංශ

- "වසර කීපයක් විදෙස් ගත වෙලා ඉඳල ආවත්, මට ලැබෙන ඒ ආදරේ වෙනස් වෙලා නැහැ.." - උමාරා සිංහවංශHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,256 Views
"ඒ ගීතය මගේ අම්මා ලියලා තියෙන්නේ අවුරුදු 22කට කලින්.."

"දරුණුවට ලංකාවේ යුද්ධය තිබ්බ කාලේ.."

උමාරා සිංහවංශ කියන්නෙ උමාරියාගේ අක්කා. නංගිට කලින් සංගීත වේදිකාවට ඇවිත් ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයට පත්වුණේ මේ උමාරා සිංහවංශයි. ඇය ක්ෂේත්‍රයට පැමිණියේ භාතිය සහ සන්තුෂ්ලා එක්කයි. ඒ විදියට ආ ඇය වඩා ජනප්‍රිය වුණේ, භාතිය + සන්තුෂ් එකක ගායනා කළ, කස්තුරි සුවඳට, ශහීනා, ඔයා මගේ නම්, ජීවිතේ මල් යන ගීත සහ චිත්‍රාල් එකක් ගැයූ මලකුත් තිබුණා යන ගීත නිසයි.

ඉන්පසුව ඇයගේම ගමනකට ප්‍රවේශ වීමෙන් පසුව, උමාරා අතිශය ජනප්‍රියත්වයට පත් වුණේ, වස්සානයට ඉඩදීලා ගීතය නිසයි. මේ විදියට ක්ෂේත්‍රයේ ගමනක් යමින් සිටි උමාරා, විවාහයෙන් පසුව ගායන ක්ෂේත්‍රදී නිරන්තරයෙන් දැක ගත හැකි වුණේ නැහැ. කොහොම වුනත් අද දවසේ උමාරා ගැන බොහෝ දෙනා කතා වන්නෙ, රණවිරු ප්‍රණාමය ගීතය පසුගියදා නිකුත් කළ නිසයි.

‘‘කොහෙදෝ... කොහෙ දෝ... ඔබ තනියෙන් දෝ....’’ යන ඒ ගීතය ඇය එළි දැක්වූයේ රණවිරු සැමරුම් ප්‍රණාම උළෙලට සමගාමීවයි. ‘‘රණවිරුවනි, ඔබ වෙනුවෙන් අපේ හදවත් තුල රතු පලස එලන්නට අවසරයි’’ යන්න තේමා කරගෙන ඒ ගීය සමග නැවත කරළියට ආ ‘‘උමාරා’’ ගැනයි මේ

උමාරා, පසුගිය කාලයේ, තරමක් නිහඬව නේද හිටියෙ?
මම විවාහ වුණේ 2011 දි. විවාහයෙන් පසුව ජෑස් (Jazz) සංගීතය ගැන හදාරන්න විදෙස් ගත වුණා. මගේ සැමියා ව්‍යාපාර කටයුතු කරන්නෙ. මැණික් හා ස්වර්ණාභරණ අංශයේ ව්‍යාපාරයක් මෙහේ සහ හොංකොංවල තියෙනවා. කාලයක් මම හිටියෙ සැමියා එක්ක එහේ. දැන් මම එක්දරු මවක්. අවුරුදු හතක දරුවෙක් ඉන්නවා. පසුගිය කාලයේදි ලංකාවට ඇවිත් ගායන අංශයේ හඬ පුහුණුව ලබා දෙන මගේ ආයතනයක් ආරම්භ කළා. විශේෂ​ෙයන්ම මම මෙම කට හඬ පුහුණු පාසල ආරම්භ කළේ අලුත් පිරිසට හොඳ මාර්ගෝපදේශකත්වයක් දෙන්නයි. තාක්ෂණික වශයෙන් සහ නම්‍යශීලිත්වය ආදි අංශ වෙතින් අංගසම්පූර්ණ මාර්ගෝපදේශකත්වයක් ලබාදීම මගේ ප්‍රයත්නයයි.

ඔබගේ අලුත්ම ගීත නිර්මාණය වන කොහෙදෝ, කොහෙ හෝ, ඔබ තනියෙන් දෝ’’ රණවිරු ප්‍රණාමය, ගීතය ගැන කතා කරමු?
මේ රටේ පැවැති යුද්ධයේදී අපි වෙනුවෙන් ජීවිත කැපකළ, ඒ වගේම අදටත් අතුරුදන්ව සිටින, ජීවිත කැපකළ සියලු රණවිරුවන් වෙනුවෙන් කළ ගීතයක්. මේ ගීතය එළිදැක්වූවේ, රණවිරු ප්‍රණාම සමරු දිනය (මැය 18) දවසේදීයි. මේ ගීතයේ විශේෂත්වයන් කීපයක්ම තියෙනවා. මේ ගීතය ලියුවේ අපේ අම්මා අයේෂා සිංහවංශයි. හැබැයි අද ඊයෙක නම් නෙවෙයි, මීට අවුරුදු 22කට පෙරදියි.

ඒකට විශේශ හේතුවක් තිබුණද?
එදා යුද්ධය පැවැති සමයේදී, රණවිරුවන්ගේ ධෛර්ය වඩවන්න හිතාගෙන ලියූ ගීතයක්. මෙය ගීත නිර්මාණයක් ලෙස එළි දක්වන්න අම්මට තිබුණෙ ලොකු හීනයක්. කොහොමින් කොහොම හරි පසුගිය කාලයේදී ඒ ගී නිර්මාණය කරන්න බැරි වුණා. අද මම තවත් අතකට සැබෑ කළේ අම්මගෙ ඒ හීනයයි. ඊළඟට මෙහි තියෙන අනෙක් විශේෂත්වය වන්නෙ මෙම ගීතය වෙනුවෙන් තනුව නිර්මාණය කළේ අපේ තාත්තා ටෝනි සිංහවංශ සහ අම්මා විසිනුයි. අම්මා ලියූ, මා ගැයූ ඉදිරියේදී එළි දැක්වීමට නියමිත තවත් ගීත තියෙනවා.

කොහොමද මේ ගීතයට ලැබෙන ප්‍රතිචාර?
මේ මගේ ගීතයක් මම කළේ ‘‘යූ-ටියුබ්’’ හිට්ස් (ප්‍රතිචාර) බලාපොරොත්තුව නෙවෙයි. ඊට වඩා පණිවුඩයක් රටට, මිනිස්සු අතරට ගෙන යන්නයි. ඒ වගේම අපට අහිමි වූ අතුරුදන් වූ සියලු රණවිරුවන්හට උපහාර පිණිසයි.

මේ ගීතය වෙනුවෙන් රූප රචනාව නැත්නම් මියුසික් වීඩියෝව කළ හැටිත් කියමු?
මේ අදහස් ආවේ රණවිරු සමරු උත්සවය පැවැත්වීමට නියමිත දිනට – දින තුනකට පෙරදීයි. මෙහි රූගත කිරීම් සිදු කළේ. සමහරු උළෙලට විරුවන් පුහුණුවීම් කරන අතර වාරයේදීයි. ඒ කියන්නෙ මැයි 16 රූගත කළේ. නාලක දයානාත් සහ සමීර බුද්ධික තමයි රූප රචනය කළේ. නව සංගීත අධ්‍යක්ෂණය කළේ මහේෂ් කන්කානිගේ. මේ ගීතය රූගත කරද්දී, අපේ ආරක්ෂක ලේකම්තුමා මෙන්ම බොහෝ දෙනෙක් අපට උදවු කළා. ඒ නිසා ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් ස්තුතිවන්න වෙන්න ඕනෑ. මේ නිර්මාණය එළියට දාන්න අපි දින තුනක් නිදිවැරුවා. ඇඳිරිනීතිය නිසා අපට එළියට යන්න බැරි නිසාත්, මේ වසංගත තත්වය හමුවේ එලෙස නොයා යුතු නිසාත්, සංස්කරණ කටයුතු කළේ දුරකථන මාර්ගය ඔස්සේ අදහස් හුවමාරු කර ගනිමින්. මේ විදියට අපි මේ ගීතය කළේ දින 3 කින්. මුලින්ම ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ගත්තා. ඉන්පසු තීරණය කළා. අන්තිමට ෂූට් කරලා එඩිට් කරලා, නිර්මාණය එළියට දැම්මා. මුලින් මෙහි තනු නිර්මාණ්‍ ය කරලා තිබුණෙ අම්මයි - තාත්තයි විසින්. ඒත් නව තාක්ෂණය ගැලපෙන විදියට නව සංගීත සංයෝජනය කළේ, චමිත කුරේ සහ මම.

උමාරාගෙ ජීවිතය කොහොමද?
ලොක් ඩවුන් වුණාට, මගේ මියුසික් පාසලේ වැඩ, ඔන්ලයින් මාර්ගයෙන් කරන නිසා, වෙනදා වගේම කාර්ය බහුලයි. ඒ අතරේ ගෙදර වැඩ එක්ක සහ අලුත් ගී නිර්මාණ කරගෙන යනවා.

උමාරියාට වගේ උමාරාටත් හොඳට චිත්‍ර අඳින්න පුළුවනිලු නේද?
ඔව් අපි දෙන්නම විනෝදාංශයක් ලෙස චිත්‍ර අඳිනවා. ලොක් ඩවුන් එකේදි නංගීත් එක්ක එකතු වෙලා චිත්‍ර ඇන්දා.

ලොක්ඩවුන් අවස්ථාවේදි කළ තවත් විශේෂ වැඩ මොනවද?
අලුත් - අලුත් කෑම වර්ග හදන්න උත්සාහ ගත්තා.

නංගි ගැයූ ගීතවලින් ඔබ වඩා කැමති ගීත මොනවද?
නංගිගෙ ගීත ඔක්කෝම ලස්සනයිනෙ. ඒ අතරින් පණ්ඩිත් අමරදේව ශූරීන් එක්ක ගායනා කළ හන්තාන සිහිනේ ගීතයට සහ මලක් නොවේ ගීතයත් තියෙනවා.

උමාරා අඳින විලාසිතා ටිකක් වෙනස් කියලයි වැඩි දෙනෙක් කියන්නෙ?
මම අඳින විලාසිතා සහ ස්වර්ණාභරණ නිර්මාණ ඔක්කෝම නිර්මාණ කර ගන්නෙ මම විසින්මයි.

උමාරාට ලැබෙන රසික ප්‍රතිචාර ගැනත් කියමු?
මේ තාක් කරලා තියෙන නිර්මාණ එක්ක, මට රසිකයින් අතර හොඳ ගරුත්වයක් තියෙන්නෙ. ඒ ගැන හරිම සතුටුයි. වසර කීපයක් විදෙස් ගත වෙලා ඉඳල ආවත්, මට තියෙන රසික ආදරය – ගෞරවය අඩුවක් වුණේ නැහැ. මගේ සංගීත පාසලට හැදෑරීම් කරන්න බොහෝ දෙනා එන්නෙත් ඒ ගරුත්වය නිසයි. අනෙක ඉගැන්වීම් මම වෙනත් අයට පවරලා නැහැ. මමමයි කරන්නෙ. මේ ආ ගමනේදි පිටරට ගිහින් දිනූ සම්මාන ගැන පවා සතුටු වෙනවා. ඒවායෙහි වටිනාකමක් තියෙන බව රසික ප්‍රතිචාරවලින් පෙනෙනවා.

සඳුන් ගමගේ
ලංකාදීප





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top