Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
03
හැමෝම දැනගන්න ඕන ඔවුන් මොනවද අපෙන් උදුරාගත්තේ කියන එක‍ - පොලිස් නිලධාරියෙකු ගෙළ සිරකර මරාදැමූ ජෝර්ජ්ගේ බිරිඳ හඬාවැටෙමින් කියූ දේ - Video & Photos

- හැමෝම දැනගන්න ඕන ඔවුන් මොනවද අපෙන් උදුරාගත්තේ කියන එක‍ - පොලිස් නිලධාරියෙකු ගෙළ සිරකර මරාදැමූ ජෝර්ජ්ගේ බිරිඳ හඬාවැටෙමින් කියූ දේ - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34,496 Views
අමෙරිකාවේ මිනෙසෝටාහීදි කළු ජාතිකයෙකු පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කිරීමේ සිද්ධිය මුල්කර ගනිමින් අද 8 වන දිනටත් විරෝධතා ක්‍රියාත්මකයි.

ප්‍රාන්ත 25 කට පමණ පනවා ඇති ඇදිරිනීතිය ද නොතකමින් යුක්තිය ඉල්ලා සටන් වදින විරෝධතාකරුවන්ගේ අරගලයට මේ වන විට ඇතැම් පොලිස් නිලධාරීන්ගේ සහ සුදු ජාතිකයන්ගේද සහය හිමිව තිබෙනවා.

අමෙරිකාවේ මිනෙසෝටාහී දී 45 හැවිරිදි ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කරනු ලැබුවේ පසුගිය 25 වනදායි.

මෙම කළු ජාතිකයා නිරායුධව පොලිස් භාරයට පත්වන ආකාරය ආරක්ෂක කැමරා වල මෙලෙස සටහන්ව තිබූ අතර ජංගම දුරකතනයක සටහන් වූ දර්ශනයක දැක්වුණේ එක් නිලධාරියෙකු පාදයෙන් ෆ්ලොයිඩ් ගේ ගෙළ සිරකරගෙන සිටින ආකාරයයි.
 

මෙම සිද්ධියත් සමඟ යුක්තිය ඉල්ලා මිනෙසෝටා වලින් ඇරඹි විරෝධතා අමෙරිකාව පුරා හිස ඔසවනු ලැබුවා.

ඔරිගන් හි මාර්ගයක් මත ජනතාව මෙලෙස විරෝධය පළ කළේ ඝාතනය වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් අවසන් වරට සිටි ඉරියව්ව සිහිපත් කරමින්.

අයි කාන්ට් බ්‍රීත් හෙවත් මට හුස්ම ගැනීමට අපහසුයි යනුවෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ් අවසන් වරට කළ ආයාචනය විරෝධතාකරුවන්ගේ ප්‍රධාන සටන් පාඨයක් වී තිබෙනවා.

ඝාතනයට ලක් වූ ෆ්ලොයිඩ් ගේ බිරිඳ සහ දියණියද මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් තමන්ට වූ ආසාධාරණය පිළිබඳ හඬ අවදි කළා.

"මට ගොඩක් දේවල් කියන්න නැහැ. මොකද මට මේ වෙලාවේ වචන ගළපගන්න බෑ - නමුත් හැමෝම දැනගන්න ඕන ඔවුන් මොනවද අපෙන් උදුරාගත්තේ කියන එක‍"

මේ අතර ධවල මන්දිරය ඉදිරිපිට ද අඛණ්ඩව විරෝධතා වල නිරත පිරිස් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කිරීමේදී උණුසුම් තත්ත්වයක් හටගත්තා.

කෙසේ වෙතත් හූස්ටන් ඇතුළු ප්‍රාන්ත රැසක පොලිස් නිලධාරීන් ද විරෝධතාවලට සහයදීමට එක්ව සිටිනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය තුළ කළු ජාතිකයන්ට අකටයුතුකම් රැසක් සිදුවන බවට චෝදනා එල්ල වන්නේ සුළු ජන වර්ගවලට එරෙහිව ජනාධිපතිවරයා සිදුකරන ප්‍රකාශ ද පදනම් කර ගනිමින්.

ඒ අනුව, මේ වනවිට අමෙරිකාවේ ගොඩනැගෙන විරෝධතා ජෝර්ජ් ෆ්ලොයිඩ් හට සාධාරණයක් අපේක්ෂා කිරීම මෙන්ම ජනපති ට්‍රම්ප් විරෝධයක් බවට ද පත්ව තිබෙනවා.

මේ අතර අමෙරිකානු ජනාධිපතිවරයා විරෝධතා මැඩපැවැත්වීමට හමුදාව යෙදවීමට සූදානම් වීම සම්බන්ධව මාධ්‍යවේදියෙකු කැනඩා අග්‍රාමාත්‍යවරයාගේ මතය විමසූ අතර, ඊට ඔහු මද වේලාවක් නිරුත්තරව සිට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.

ජස්ටින් ටෘෘඩෝ - කැනේඩියානු අග්‍රාමාත්‍ය
අමෙරිකාවේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව අපි සියලුදෙනා බලා ඉන්නවා.විරෝධතාකරුවන්ට එරෙහිව ජනපති ට්‍රම්ප් හමුදා ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙනවා. එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් සහ වචන පිළිබඳව අදහස් දැක්වීමට බොහෝ දෙනා පසුබට වෙලා තියෙනවා. එමගින් දෙන පණිවිඩය කුමක්ද?

මේ අතර අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේද වර්ගවාදයට එරෙහිව ක්‍රියා කිරීමේ වැදගත්කම පෙන්වා දෙනවා.

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ
ආදරණීය අමෙරිකානුවනි ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණයෙන් පසු ඔබගේ සමාජය නොසන්සුන් වන අයුරු මම දුටුවා. මිත්‍රවරුණි ජාතිවාදයට හිස එසවීමට ඉඩ දීමට හෝ අපට ඒ දෙස නොබලා දෑස් පියාගෙන සිටිය නොහැකියි.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සිය රතු පැහැති ලාංඡනය කළු පැහැ ගන්වමින් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය හෙලා දැකීමට පියවර ගෙන තිබෙනවා.

සුපිරි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස්ගේල්, ඩැරන් සමී සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංඝක්කාර ද වර්ගවාදයට එරෙහිව සහ ෆ්ලොයිඩ්ගේ ඝාතනය හෙළා දකිමින් ට්විටර් පණිවිඩ නිකුත් කර තිබුණා.


එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නිල ට්විටර් ගිණුමේද මෙලෙස වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් සුදු ජාතික ක්‍රීඩකයන් වැළදගෙන සිටින ඡායාරූපයක් මුදාහැර ඇත්තේ කළු ජාතිකයන්ට මිත්‍රත්වයේ දෑත් දිගු කිරීමේ සංකේතයක් ලෙසයි.

මේ අතර, අමෙරිකානු පොලීසිය මීට පෙර අවස්ථා රැසකදීම කටයුතු කළ ආකාරය දැක්වෙන දර්ශන ද සමාජ මාධ්‍යයේ මේ දිනවල සංසරණය වනවා.

කළු ජාතිකයන් අමෙරිකානු ජනගහණයෙන් 13% ක තරම් සුළුතරයක්.

ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයෙකු වූ මාර්ටින් ලූතර් කිංග් ද ජාතිවාදයට එරෙහිව හඬ නැගූ අතර, ඔහු සිය ජනප්‍රිය දේශනයෙන් පැවසූ " I HAVE A DEAM හෙවත් මට සිහිනයක් තියනවා" යන්න අමෙරිකාව තවමත් සැබෑ කර නොගත් යථාර්ථයක් බවයි මේ දිනවල සනාථ වෙමින් ඇත්තේ.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top