Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
03
පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදුවූ දෙමටගොඩ පිපිරීම්වල නොදුටු CCTV දර්ශන එළියට එයි - Video

- පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදුවූ දෙමටගොඩ පිපිරීම්වල නොදුටු CCTV දර්ශන එළියට එයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views
2019 වසරේ පාස්කු ඉරුදින දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි ඊබ්‍රාහිම් හජ්ජියාර්ගේ නිවසේ බෝම්බ පුපුරා යාමට අදාළ සී.සි.ටී.වී. දර්ශන, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසම විසින් මාධ්‍යයට නිකුත් කළා.

කොමිසම හමුවේ අනාවරණ වූයේ ෂැංග්‍රීලා බෝම්බකරුවෙකු වූ ඉල්හාම් අහමඩ්, එදින අළුයම 1 ට පමණ නිවසට ගොස් සිය බිරිඳ හා දරුවන් වැළඳගෙන හඬා වැටී ඇති බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ ඊයේ ප්‍රථමයෙන් සාක්ෂි දුන්නේ ෂැංග්‍රීලා හෝටලයට එක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ඉල්හාම් අහමඩ්ගේ බිරිඳගේ සහෝදරයායි.
 

ෆාතිමා ජිෆ්රි නම් තම සහෝදරිය කුඩා කාලයේ සිටම සාමාන්‍ය යුවතියක් ලෙස හැදී වැඩුණු බව සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

විවාහයෙන් අනතුරුව නැඟණිය සහ ඇයගේ සැමියා වූ ඉල්හාම් අහමඩ් තම පවුල සමඟ පැවති සබඳතා ක්‍රම ක්‍රමයෙන් අඩු වූ බව පැවසු සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ පෙන්වා දුන්නේ නැඟණිය අන්තවාදී අදහස් දරන තැනැත්තියක් බවට පත් වූ බවයි.

අන්තවාදී මතවාද හේතුවෙන් තම විවාහයටද සහභාගී නොවූ සිය නැඟණිය සහ සැමියාල ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජනතාවට ඡන්දය පාවිච්චි කළ නොහැකි බවටත්ල ඔවුන් එසේ කළ යුත්තේ ඉස්ලාම් රාජ්‍යයක් තුළ පමණක් බවත් පැවසූ බව සාක්ෂිකරු අනාවරණ කළා.

වරක් තම පියා සිංහල ජනතාවට සහ විහාරස්ථානවලට උපකාර කරන බව දැනගත් ඉල්හාම් අහමඩ් තම පියාට දැඩි ලෙස පරිභව කළ බව පැවසු සාක්ෂිකරු ඒ පිළිබඳව සිය නැඟණියගෙන් විමසූ විට තමාද තම සැමියාගේ පාරේ ගමන් කරනවා යැයි පිළිතුරු දුන් බව සාක්ෂිකරු පැවසුවා.

පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනයේ උදෑසන 8.30 ට පමණ නැඟණිය සිය මවට දුරකතනයෙන් අමතා ඉක්මනින් සිය නිවසට පැමිණෙන ලෙස හඬමින් පැවසූ බව සාක්ෂිකරු පැවසුවා.

ඊට හේතුව විමසූ අවස්ථාවේදී, පෙරදා අළුයම 1 ට පමණ සිය සැමියා පැමිණ දරුවන් වඩාගෙන සිට හඬා පිටවූ බවත්, මේ දක්වා ඔහුගේ දුරකතනය ක්‍රියාවිරහිත බවටත් ඇය පිළිතුරු දී තිබෙනවා.

ඉන් අනතුරුව සිය මව, නැඟණිය බැලීම සඳහා දෙමටගොඩ, මහවිල උද්‍යානයේ පිහිටි නිවසට ගිය බව පැවසු සාක්ෂිකරු එහිදී තම දරුවන් බලාගන්නා ලෙසට නැඟණිය මවට පවසා තිබූ බවද සඳහන් කළා.

එදින දහවල් 1.30 ට පමණ ආහාර ගැනීමට මව පහත මාලයට පැමිණ තිබෙනවා.

පොලීසිය මහවිල උද්‍යානයේ නිවසට පැමිණි එම අවස්ථාවේදී බෝම්බ පිපිරීම සිදුව ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

ඉල්හාම් අහමඩ්ගේ පියා වන ඊබ්‍රාහිම් හජ්ජියාර්ගේ දේශපාලන සබඳතා පිළිබඳව ජනාධිපති කොමිසම කළ විමසීමකදී, ඔහුට ජේ.වී.පී. එක සමග දැඩි දේශපාලන සබඳතාවක් තිබූ බවද සාක්ෂිකරු ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ, ඉල්හාම් අහමඩ් පදිංචිව සිටි මහවිල උද්‍යානයේ පිහිටි නිවසේ මාස 3 ක සිට සේවය කළ ගලහ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

ඇය පැවසුවේ අහමඩ් ඉල්හාම්ගේ ක්‍රියාකලාපය පිළිබඳව තමාට වැඩි අවබෝධයක් නොමැති නමුත්, අවස්ථා රැසකදී ඔහු කිසියම් ලිපිලේඛන තොගයක් ගිනිබත් කරන ආකාරය දුටු බවයි .

2019 අප්‍රේල් 21 වැනිදා දහවල් පොලිස් නිලධාරීන් පිරිසක් නිවසට පැමිණ තමන් ඇතුළු පිරිසක් වෙනත් ස්ථානයකට යොමු කළ බවත්, තවත් නිලධාරීන් කණ්ඩායමක් ඉහළ මාලයට ගිය බවත් ඇය ප්‍රකාශ කළා.

එහිදී දොර අරින්න යනුවෙන් නිලධාරියෙකු පවසන ශබ්දය ඇසුණු බව පැවසු සාක්ෂිකාරිය ඉන් පසුව බෝම්බය පුපුරා ගිය බවද කොමිසම හමුවේ අනාවරණ කළා.

ඉන් අනතුරුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ 151 වැනි සාක්ෂිකරු වශයෙන් සාක්ෂි ලබාදුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ නිලධාරිනියක්.

ඇය කොමිසම හමුවේ පැවසුවේල මහවිල උද්‍යානයේ පිහිටි ඉල්හාම් අහමඩ් නමැත්තාගේ නිවස ඉදිරිපිට පිහිටි නිවසේ ස්ථාපිත CCTV කැමරාව මගින් ලබාගත් දර්ශන සිය පරීක්ෂණ සඳහා යොදා ගත් බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ ඉන් අනතුරුව දෙමටගොඩ, මහවිල උද්‍යානයේ නිවස තුළ බෝම්බ පුපුරා යන ආරක්ෂක කැමරා දර්ශන ඉදිරිපත් කරනු ලැබුවා.

මේ අතරල දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවස පරීක්ෂා කිරීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමේ සාමාජිකයෙකු වූ පොලිස් සැරයන් වසන්ත සිසිර කුමාර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබාදුන්නා.

එහිදී සාක්ෂිකරු පැවසුවේ, උප පොලිස් පරීක්ෂක රෝහණ බණ්ඩාර ඇතුළු පිරිස නිවසට තුළට පවිසෙන අවස්ථාවේදී තවත් පිරිමින් දෙදෙනෙකු එහි සිටි බවයි.

රෝහණ බණ්ඩාර මහතා තමාව පහළ මාලයේ රඳවා බණ්ඩාර සහ දුලංජන යන නිලධාරීන් සමග උඩු මහලට ගිය බවද වසන්ත සිසිර කුමාර මහතා පැවසුවා.

එහිදී රෝහණ බණ්ඩාර මහතා ඉහළ මාලයේ දොරකට තට්ටු කරමින්, දොර අරින්න දොර අරින්න අපි පොලීසියෙන් යනුවෙනු පවසනු ඇසුණු බවත්, ඉන් සුළු වේලාවකට පසුව විශාල පිපිරුම් හඬක් ඇසුණු බවත් සාක්ෂිකරු ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ, ඒ සමඟ තමාද නිවසේ සිටි පිරිස සමග නිවසින් බැහැරට පැමිණි බවයි.

අනතුරුව තමා මේ පිළිබඳව ක්ෂණිකව තම කාර්යාලයට සිද්ධිය වාර්තා කිරීමෙන් අනතුරුව එහි පැමිණි තවත් පොලිස් නිලධාරීන් පිරිසක් නැවතත් නිවසට ගොස් ඉතා සුළු වේලාවකදී දෙවන පිපිරිමද සිදුවූ බව පැවසූ සාක්ෂිකරු කොමිසම හමුවේ පෙන්වා දුන්නේ, තමා සමග නිවස තුළට ගිය සෙසු නිලධාරීන්ගේ තත්ත්වය සොයාබැලීමට තමා තුළ වූ අවශ්‍යතාව වචනයෙන් විස්තර කළ නොහැකි බවයි.

එලෙස පිපිරීම සිදුවූ ස්ථානයට ගිය අවස්ථාවේදී රෝහණ බණ්ඩාර මහතාගේ සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ සිරුරු හමුවූ බවත්ල ඒවාට දැඩි ලෙස හානි වී තිබූ බවත් වසන්ත සිසිර කුමාර මහතා ප්‍රකාශ කළා.

මෙහිදී ජනාධිපති කොමිසම විමසුවේ අදාළ කාමරය පරීක්ෂා කිරීමක් සිදුකළේද යන්න පිළිබඳවයි.

එහි තිබූ කාන්තාවකගේ යැයි සැලකිය හැකි පාදයක කොටස් සහ කුඩා දරුවන්ගේ යැයි සැලකිය හැකි ශරීර කොටස් කිහිපයක් ද හමුවූ බව සාක්ෂිකරු පිළිතුරු දුන්නා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top