"ඒ වගේ මනුස්සයෙක් තමයි අපිට අහිමි වුනේ.."
George Floyd කියන්නේ මේ දිනවල බොහෝ දෙනෙක් කතාබහ කරන චරිතයක් බවට පත් වෙලා. ඒ ඔහු සුදු ජාතික පොලිස් නිලධාරීයෙක් අතින් අවාසනාවන්ත ලෙස මිය ගිය නිසයි. ඇමරිකාවම හෙල්ලූ ඒ කතාවේ අයිතිකරුගේ අවමංගල යෙදී තිබෙන්නේ ලබන 9 වැනිදායි. ජෝර්ජ් ෆ්ලොයි උපන් ස්ථානය පිහිටි හූස්ටන් නගරයේදී අවමඟුල් කටයුතු සිදු කිරීමට නියමිතයි.
මාධ්‍ය ඉදිරියට මෙතෙක්කල් පෙනී නොසිටි ඔහුගේ හය හැවිරිදි දියණිය හා ඔහුගේ හිටපු ආදරණිය බිරිද ඔවුන්ගේ ආදරනියයා වෙනුවෙන් මාධ්‍යට කතා කළා.
හිටපු බිරිද Roxie Washington ප්‍රසිද්ධියේ ලෝක ජනතාවට ස්තුති කර ඔහුගේ හොද ගති ගුණ ගැන පවසද්දී මිය ගිය George Floydගේ ආදරණිය දියණිය Gianna මවගේ කතාවට සවන් දෙමින් දුකෙන් පසු වූ හැටි සියල්ලන්ගේ අවධානයට පත් වූ බවද විදෙස් මාධ්‍ය සදහන් කර සිටිනවා. එමෙන්ම ඇය පවසන්නේ " එයා හොද මනුස්සයෙක් බවට දුව හොදම උදාහරණයයි..එයා ගොඩාක් හොද තාත්තා කෙනෙක්, ඒ විතරක් නෙමෙයි එයා හොද මනුස්සයෙක්, ඒ වගේ මනුස්සයෙක් තමයි අපිට අහිමි වුනේ. මම එයාගේ බෙල්ල හිරකරන වීඩියෝ එක මාධ්‍යයෙන් දක්වා, හුස්ම ගන්න බැහැ කියලා කෑ ගහද්දි තවත් හුස්ම හිර කරමින් එයාව මරා දාන්න ඔවුන් කටයුතු කළා..මේ සිද්ධියෙන් මුළු ලෝකයම කම්පාවෙලා..එයා ගැන බොහෝ දෙනෙක් කතා කළත් එයා දැන් අපිත අහිමි වෙලා අවසන්.." හිටපු බිරිද කදුළු සලමින් කියා සිටියේ එලෙසිනුයි. ඇය යලි විවාහ වී සිටින පුද්ගලයා දියණියට ආදරේ බවත් කලින් සැමියා George Floyd වැඩිපුරම ආදරේ කළ දියණිය ඔහු වෙනුවෙන් ආදරෙන් හදාගැනීම ඇයගේ බලාපොරොත්තුව බවත් කියා තිබෙනවා.