Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
03
"හොස්ටල් එකේ අයියලා මට හරියට කරදර කරනවා, එයාලා කියන දේවල් මම කරන්න ඕන.." - මානසික පීඩනය නිසා, ජීවිතෙන් විඳවන්නට වුණු, අවුරුදු 11ක් වයස ආකාශ් හෙළි කළ කතාව

- "හොස්ටල් එකේ අයියලා මට හරියට කරදර කරනවා, එයාලා කියන දේවල් මම කරන්න ඕන.." - මානසික පීඩනය නිසා, ජීවිතෙන් විඳවන්නට වුණු, අවුරුදු 11ක් වයස ආකාශ් හෙළි කළ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,709 Views
"එයාලා කියන දේවල් කරේ නැත්තම් අපිට හොදටම බනිනවා,ටොකු අනිනවා.."

"මට හොස්ටල් එකේ ඉන්න එපාම වුණා, ඒ නිසයි මම එහෙම කළේ.."

සත්‍ය නම කීමට නොහැකි නිසා අපි ඔහුට ආකාශ් යන නම තබමු. ඔහුගේ වයස අවුරුදු 11යි. ගම පින්නදුව. කොලඹ ජනප්‍රිය පාසලකට එන්නේ පහේ ශිෂ්‍යත්ව විභාගය ඉහලින් සමත් වූ නිසයි. පාසලට ඇතුලත් වූ දිනයේම ඔහු පාසලේ නේවාසිකාගාරයේ නතර කොට දෙමාපියන් නිවස වෙත යනවා. පහුවදා පාසලට යන මොහොතේ පටන් ආකාශ් ඉන්නේ ඔහුගේම ලෝකයේ.

සතුටින් පාසලට ආවත් ඔහුට නිරන්තරයෙන්ම මතක් වෙන්නේ ගමේ ගෙදර, පාසල, යාළුවො. ගමේ යාළුවො වගේ කොලඹ ඉස්කෝලේ යාළුවො කුළුපග නැති නිසා ඔහුට හිතුණේම නැවත ගමේ ඉස්කෝලෙට යන්නයි. නමුත් ඔහුගේ වගේම දෙමාපියන්ගේ හීන සැබෑ කරගන්න මෙය හොදම තැන නිසා ඉවසාගෙන ඔහු පාසල් යනවා. දින සති ගෙවී ගියා. මාසයක් ගත වූ තැන ඔහුට කොලඹ ජිවිතේ එපාම වුණා. සියලු අවලාද දුක් අපහසුතා ඉවසගෙන හිටපු ආකාෂ් පාසලේදී දිනක් පය ලිස්සා වැටෙනවා.
 
යටි තොල පිපිරිලා ලේ ගලාගෙන යනවා. ඒ වේදනාව ඉවසාගෙන ඉන්න බැරිම තැන ආකාෂ් පංති භාර ගුරුතුමාගේ අවසරයෙන් නේවාසිකාගාරයට ගොස් ප්‍රතිකාර සදහා යොමු වෙනවා. ඔහුට තුවාල වූ බව පංති භාර ගුරුතුමා දෙමාපියන්ට දුරකථන ඇමතුමක් දී පවසනවා. සිදුවීම සිකුරාදා දිනක වූ නිසා දෙමාපියන් වහාම පැමිණ ආකශ්ව නිවසට රැගෙන යනවා. සති අන්තයේ නිවසේ කාලය ගත කළ ආකාශ් මිට පෙර කෙලි සෙල්ලම් කරමින් විහිළුවෙන් විනෝදයෙන් සිටි දරුවා නොවන බවට දෙමාපියන්ට වැටහෙනවා.

"ගෙදර ආවට පස්සේ අම්මා මගෙන් ඇහුවා ඇයි කතා කරන්නේ නැත්තේ, එකම තැන බලාගෙන ඔහේ කල්පනා කරන්නේ මොනවාද කියලා..මම මොකුත් කිව්වේ නැහැ. සදුදා උදෙන්ම මාව ඉස්කෝලෙට එක්කගෙන ගිහිං පන්තිභාර සර්ට බගර දුන්නා..ගිහින් දවස් දෙකක් විතර හිටියා ඉස්කෝලෙත් ගියා..ඒ වුනාට මගේ ඇගට අමාරුයි, මුළු ඇගම රිදෙනවා..ඉවසන්නම බැහැ..හොස්ටල් එක භාරව හිටපු අංකල්ට කිව්වම අපිට ඕන නම් ගෙදරට කතා කරන්න විනාඩි දෙක තුනක් දෙනවා...මම අංකල්ට කිව්වා මට සනීප නැහැ අම්මට කතා කරන්න ඕන කියලා..අංකල්ට ගෙදර නම්බර් එක දුන්නම කෝල් අරගෙන දෙනවා..මම අම්මට කිව්වා මට උණ වගේ කියලා..අම්මා අංකල්ට ෆෝන් එක දෙන්න කියලා මොනා හරි කිව්වා..අංකල් කිව්වා කාමරේට ගිහින් පාඩම් කරන්න..හෙට ඉස්කෝලේ යන්න ඕන අම්මලා එනවා කිව්වා කියලා..ඒත් අම්මා ආවේ නැහැ..සතියකට පස්සේ මට වමනේ ගියා..කලන්තේ වගේ..ඊට පස්සේ අම්මයි තාත්තයි ආවා මාව එක්කගෙන යන්න.."

දෙමාපියන් ආකශ්ව කොලඹ රෝහලකට රැගෙන යනවා ප්‍රතිකාර කිරීමට. නමුත් ඔහුට විශේෂ රෝගයක් ඇති බව හදුනා ගන්නේ නැහැ. ලබා දුන් ඖෂධවලට ඔහුගේ ඇගපත අමාරුව සුව වෙනවා. නමුත් ආකාශ් විටින් විට නිතරම අසනීප වෙන නිසා පාසල් ගුරුවරුන්ටත්, දෙමාපියන්ටත් ප්‍රශ්නයක්. දිනක් ඔහු පාසල අවසන් වී නේවාසිකාගාරයට යනවිට වමනේ සමග රුධිරය පිට වෙනවා. පාසල් බෑගය කැරේ දාමගෙනම ඔහු දුවගෙන ගොස් නේවාසිකාගාරය භාරව සිටින පුද්ගලයට පවසනවා. ආකාශ්ගේ අල්ලේ වගේම තොලෙත් රුධිරය තැවරී ඇති බව ඔහු දකිනවා. සුදු ෂර්ට් එකේ රුධිරය ගෑවී ඇති බව දුටු ඔහු කලබල වී දෙමාපියන්ට හා පන්ති භාර ගුරුතුමාට ඇමතුමක් ලබා දී සිදුවීම පවසනවා.

පැය පහකට පමණ පසු දෙමාපියන් එනවිට ආකාශ් ප්‍රතිකාර ගෙන තිබුණා. නමුත් ඔහුව හොද වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමට අවශ්‍ය නිසා ඔහු සමග දෙමාපියන් ගාල්ල බලා පිටත් වෙනවා. ආකාශ් සුව වූ පසුව පාසලට රැගෙන එන ලෙස විදුහල්පති හා පන්ති භාර ගුරුතුමා පැවසූ නිසා ආකාශ්ට දෙමාපියන් සමග සතියක පමණ කාලයක් ගත කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ අතරතුර ඔහු සංකාවෙන් කෑම බිම ප්‍රතික්ෂේප කරමින් සිටි නිසා දෙමාපියන් සිතන්නේ ආකාශ් ඉගෙනීමට දක්ෂ නිසා කවුරුන් හෝ එය කඩාකප්පල් කිරීමට අදෘශ්‍යමාන බලපෑමක් සිදුව ඇති බවට සැක කරනවා. ඒ හේතුවෙන් වහාම ශාන්ති කර්මයක් සිදු කරනවා. නමුත් ආකාශ්ගේ වෙනසක් සිදුවන්නේ නැහැ. වමනය සමග රුධිරය පිටවන නිසා දරුවාට පිළිකාවක්වත් ඇත්දැයි සැක කර ඔහුව කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලබනවා. එහි සිදු කරන සියලු පරීක්ෂණවල කිසිදු ගැටලුවක් නොමැති නිසා ආකාශ්ව මනෝ විශේෂඥ වෛද්‍ය රූමී රූබන් මහතා වෙත යොමු කරනු ලබනවා.

"මේ දරුවා හොදට ශිෂ්‍යත්වය පාස් වෙලා කොලඹ පාසලකට ඇතුළත් වුණේ දැනට අවුරුද්දකට විතර පෙර. පාසලට ඇතුළත් වෙද්දී සතුටින් හිටපු මේ දරුවා කාලය යද්දී වෙනස් වෙනවා. ලෙඩ වෙනවා කියලා වෛද්‍යවරු ලගට රැගෙන ගියා. පසුව එයාට කිසිම රෝගයක් නැහැ කියලා වාර්තා වෙද්දී මානසිකව යම් දෙයක් බලපාලා ඇති කියන දේ මත රෝහලෙන් මා වෙත මේ දරුවාව යොමු කළා..පසුව මම මේ දරුවා එක්ක කතාබහ කළා..ප්‍රශ්න කළා.. ප්‍රශ්න කරද්දී එයා එයාට වුනු දේවල් කියන්න පටන් ගත්තා..මුලින්ම කිව්වේ බොරු, ලේ වමනේ ගියා කිව්වා, වැටුනා කිව්වා, සනීප නැති වුනා කිව්වා. නමුත් එයාට ඒ කිසිම දෙයක් වෙලා නැහැ.. එයා වැටිලා නැහැ. හිතලාම තොල් හපාගෙන ලේ යන්න ඉඩ හැරලා..පසුව ලේ වමනේ ගියා කිව්වා කිහිප සැරයක්. එයත් මුලාකිරීමක්. ඔහු වමනේ හිතලා යවලා තොල් විකාගෙන ලේ අරගෙන තමයි කියලා තියෙන්නේ ලේ වමනේ ගියා කියලා..ඔහුට කිසිම රෝගයක් නැහැ. නිරෝගී දරුවෙක්.

නමුත් ගමේ පාසල, යාළුවො එයාට සමීපයි..කොලඹ ඉස්කෝලේ යද්දී තමයි මෙයාට ගැටළු එන්නේ..කතාබහ කරන්න හොද යාළුවො නැහැ, විනෝද වෙන්න විදිහක් නැහැ. දෙපමියන් දුරස්. පරිසරය අලුත්, ඒකත් ඔහුට නුහුරුයි..පන්තියේදී පවා මේ දරුවාව ප්‍රතික්ෂේප වෙලා.. ඒ විතරක් නෙමෙයි මේ දරුවා පාසල් නේවාසිකාගාරයේ නේවාසිකව හිටියේ..හොස්ටල් එකේ ඉන්න වැඩිමහල් ළමයි මේ දරුවට වගේම පහල පන්තිවල ළමයින්ට හිරිහැර කරනවා..එයා මට කිව්වා "හොස්ටල් එකේ අයියලා මට හරියට කරදර කරනවා, එයාලා කියන දේවල් මම කරන්න ඕන.." සපත්තු හෝදන්න, පොලිෂ් කරන්න, රෙදි නමන්න, ඉන්න තැන අස්පස් කරන්න දෙනවා කියලා.. ඒක ඒ දරුවට මානසික පීඩනයක්. "එයාලා කියන දේවල් කරේ නැත්තම් අපිට හොදටම බනිනවා,ටොකු අනිනවා.." කියලත් කිව්වා. මාස කිහිපයක් තිස්සේ සියල්ල ඉවසලා තියෙනවා.. ඊට පස්සේ තමයි මේ දරුවා හිතලා තියෙන්නේ මේ තැනින් යන්න නම් ලෙඩ වෙන්න ඕන නැත්තම් විකල්පයක් නැහැ. ගෙදර යන්න වෙන්නේ නැහැ කියලා.."මට හොස්ටල් එකේ ඉන්න එපාම වුණා, ඒ නිසයි මම එහෙම කළේ.." කියලා ඒ දරුවා කිව්වා..

මානසික පීඩනය නිසා කිසිදෙයක් කරන්න හිතෙන්නේ නැහැ, නින්ද යන්නේ නැහැ, එක තැන බලාගෙන කල්පනා කරනවා..මේකට කියන්නේ munchausen syndrome කියලා. පොඩි ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් මේ තත්ත්වය ඇති වෙනවා..මගහැරීම්, වගකීම් පැහැර හැරීම, කරන්නේ හිතාමතාමයි. ඒ මගින් අවධානය ගන්න උත්සහ කරනවා.. මේ වගේ අවස්ථාවල කතාබහ කරලා විසදුම් ලබා දෙන්න ඕන..මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර හා උපදේශන මගින් මේ දරුවාව යථාතත්වයට පත් කරන්න පුළුවන් වුණා..පාසලට හා නේවාසිකාගාරය දැනුවත් කරලා ඒ දරුවාට අවශ්‍ය වටපිටාව සකස් කර දුන්නා.. දැන් ඔහු සාමාන්‍ය විදිහට වැඩකටයුතු කරගනිමින් හොදින් ඉගෙන ගන්නවා.මෙවැනි අවස්ථා හදුනා ගන්න ඕන දෙමාපියන්.. හදුනා ගැනීම මගින් වහාම අවශ්‍ය පසුබිම සකසා දෙන්න ඕන. ඒ වගේම උපදේශන ලබා දෙන්න ඕන."

හර්ෂණී වීරරත්න
විශේෂ ස්තූතිය - මනෝ විශේෂඥ වෛද්‍ය රූමී රූබන්
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top