Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
03
"බෝම්බයකට මම ගන්නේ විනාඩි පහයි. ස්වර්ගයේදී මට දිව්‍යාංගනාවන් මුණ ගැසේවි කියන විශ්වාසය තිබුණා.." - මාරක බෝම්බ තැනූ, ISIS ත්‍රස්තයෙකු හෙළි කළ ඇඟ කිළිපොලා යන කතාවක් - Photos

- "බෝම්බයකට මම ගන්නේ විනාඩි පහයි. ස්වර්ගයේදී මට දිව්‍යාංගනාවන් මුණ ගැසේවි කියන විශ්වාසය තිබුණා.." - මාරක බෝම්බ තැනූ, ISIS ත්‍රස්තයෙකු හෙළි කළ ඇඟ කිළිපොලා යන කතාවක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29 Views
"කරන්න තියෙන්නේ තුවක්කුවේ කොකා ඇදීම පමණයි..."
 
"නමුත් අවංකව ම, එවැනි තර්ජනවලට බියෙන් මම සැලෙන්නේ නැහැ.."
 
"මම අත ගහපු කාර්යය සම්පූර්ණ කරලා මැරෙන්න වුණත් මම සූදානම්,"
 
අලි ෆවුසි (Ali Fauzi) අල් ඛයිඩා සංවිධානයට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායමක සාමජිකයෙකි.
 
ඉන්දුනීසියානු ඉතිහාසයේ කුරිරුතම බෝම්බ ප්‍රහාරය වූ 2002 වසරේ බාලි දූපතේ එල්ල කරන ලද මාරක බෝම්බ ප්‍රහාරය පිටුපස සිටියේ එම සන්නද්ධ කණ්ඩායමයි.

එම බෝම්බ ප්‍රහාරයෙන් දෙසීයකට අධික ජීවිත විනාශයක් සිදු කරනු ලැබිණි.
 
"බාලි බෝම්බ ප්‍රහාරය එල්ල කෙරුවේ මගේ සහෝදරයන්. ඒක 'බාලි' සංචාරක කලාපයේ හදවතෙහි ම එල්ල කෙරුණ මහ බෝම්බ ප්‍රහාරයක්."
 
ඉහත කී සන්නද්ධ කණ්ඩායම ඉන්දුනීසියානු භූමියෙහි බෝම්බ ප්‍රහාර රාශියක් එල්ල කරනු ලැබ ඇත. එම මාරක බෝම්බ ප්‍රහාරයන්හි ඉලක්ක බවට පත්වුණේ හෝටල් සහ බටහිර රටවලට අයත් තානාපති කාර්යාල වැනි ස්ථානයන්ය.
 
ප්‍රහාරකයන්ගේ මූල කඳවුර නැගෙනහිර ජාවාහි වැඩි කලබලයකින් තොර නිහඬ ගම්මානයකි. එය නැගෙනහිර ජාවා දූපතේ 'ලමොන්ගන්' (Lamongan) පළාතේ 'ටෙන්ග්ගුලුන්' (Tenggulun) ගමයි.
 
අපි දැන් යළිත් අලි ෆවුසි (Ali Fauzi) දෙසට යොමුවෙමු. දැන් ඔහුගේ යොමුවීම බෝම්බ හැදීම කෙරෙහි නොවේ. සහමුලින් ම ඊට වෙනස් කාර්යභාරයකි. ජිහාඩ් සංවිධානයේ පැරණි ක්‍රියාකාරිකයන් ප්‍රචණ්ඩ මාවතින් මුදා ගනිමින්, ගිනිකොණ ආසියාවේ සන්නද්ධ කණ්ඩායම්වල මීළඟ ප්‍රහාර රැල්ල සඳහා අලුතින් සාමාජිකයන් බඳවා ගනු ලැබීම වළක්වා ලීම ඔහුගේ කාර්යභාරය වී ඇත.
 
"පවතින යථාර්ථය නම්, ත්‍රස්ත කණ්ඩායම්වලට පුද්ගලයන් බඳවා ගැනීම ඉතා පහසුවෙන් සිදුකර ගත හැකි වීම," අලි පෙන්වා දෙයි.
 
"කරන්න තියෙන්නේ තුවක්කුවේ කොකා ඇදීම පමණයි. ගොඩාක් මිනිස්සු ඔවුන්ට එකතු වෙනවා. නමුත් ඔවුන් ප්‍රචණ්ඩත්වයෙන් මුදා ගන්න කාලයක් ගන්නවා. ඒක කර ගන්න වෙන්නේ පියවරෙන් පියවර."
 
එපමණක් නොවේ! අලිට ඔහුගේ අලුත් යොමුවීම සම්බන්ධයෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය හැකි මට්ටමේ අන්තරායක් එල්ල වෙමින් පවතී.
 
''මට විරුද්ධව විශාල තර්ජනයක් එල්ල වෙමින් පවතිනවා. ඒක වචන මගින් කෙරෙන තර්ජනයක් නොවෙයි. මරණීය තර්ජනයක්! නමුත් අවංකව ම, එවැනි තර්ජනවලට බියෙන් මම සැලෙන්නේ නැහැ. මම දන්නවා- මම කරන්නේ කුමක් ද? කියල. මම අත ගහපු කාර්යය සම්පූර්ණ කරලා මැරෙන්න වුණත් මම සූදානම්," අලි ෆවුසි අවධාරණය කරයි.
 
සිය නිහඬ ගමේ සිටිමින්, පලස්තීනයේ-ඇෆ්ඝනිස්ථානයේ සහ බොස්නියාවේ යුද දර්ශන ඇතුළත් වීඩියෝ පට ජංගම දුරකතන ඔස්සේ නැරඹීම අලි ෆවුසි සහ ඔහුගේ සහෝදරයන් සන්නද්ධ කල්ලිවලට සම්බන්ධ වීමෙහි ලා බලපෑමක් විය.
 
''සාමාන්‍ය ජනයාට එරෙහිව ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කෙරෙන හැටි වීඩියෝ පටවලින් අපි දැක්කා. එවැනි හිරිහැරවලින් මුස්ලිම් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා 'ජිහාඩ්' ප්‍රහාර එල්ල කරන්න මටත් අවශ්‍ය කළා. මම තරුණයි. අර දර්ශන දැකල, ඇඟේ ලේ උණුවෙලා තිබුණේ. පෙරළා පහර දෙන්න මට අවශ්‍ය කළා."
 
ඔහුගේ සහෝදරයන් ඇෆ්ඝනිස්ථානයේ 'මුජහිදීන්' කැරලිකරුවන්ට එක්ව සටන් වදින අතරවාරයේ, සිය උපන් බිම ආසන්නයේ රටක රැඳුණ 'අලි', දකුණු පිලිපීනයේ මුස්ලිම් නිජභූමියක් වෙනුවෙන් සටන් වදින ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් සමග එකතු විය.
 
''දකුණු පිලිපීනයේ මම කල්ගත කෙරුවේ ඕනෑ ම මොහොතක මරණය වැළඳ ගැනීමේ සූදානමකින්. මම හැම මොහොතක ම මගේ මරණය ගැන හිතුවා."
 
"සටන් බිමේ මැරුණොත් කෙලින් ම ස්වර්ගයට යනවා කියන විශ්වාසය මාතුළ තිබුණා. ස්වර්ගයේදී මට දිව්‍යාංගනාවන් මුණ ගැසේවි කියන විශ්වාසය තිබුණා. අපි එවැනි විශ්වාසවල හිර කරමින් අදහස් දැක්වූ අපේ උපදේශකයො හැමදාමත් අපට කිව්වේ - ඒවගේ කතන්දරයක් තමයි."
 
අලිගේ සහෝදරයෝ ඇෆ්ඝනිස්ථානයේ සිට යළි ඉන්දුනීසියාවට ළඟා වූ පසු ඔවුන් එතෙරදී උගත් දේවල් සියරට තුළ ක්‍රියාවට නැංවීම ආරම්භ කළහ.
 
විදේශීය සංචාරකයන් නිතර ගැවසෙන 'බාලි' දූපතේ 'කුටා' (Kuta) නම් කලාපයේ රාත්‍රී සමාජ ශාලා දෙකක් ඉලක්ක කර ගනිමින් 2002 ඔක්තෝබර් මාසයේ බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කෙරුණ අතර එම කණ්ඩායමට ඔවුහු අයත් වූහ.
 
"ඒ ප්‍රහාර ගැන දර්ශන රූපවාහිනියෙන් දැකල - මම කම්පාවට පත්වුනා. මළ සිරුරු රාශියක්! ඒ ප්‍රහාර බලධාරීන් අප වෙත යොමුවෙන්න හේතු වුනා," අලි ෆවුසි පවසයි.
 
අලි ගේ සහෝදරයන් වන අලි ඝුෆ්රොන් (Ali Ghufron) සහ අම්රොසි (Amrozi) මරණීය දණ්ඩනයට යටත් කරනු ලැබ මරා දමනු ලැබුණි. ඔහුගේ තුන් වෙනි සහෝදරයා අලි ඉම්රොන් (Ali Imron) ජීවිතාන්තය තෙක් සිර දඬුවම් විඳියි.
 
අලි ෆවුසි තරයේ කියා සිටින්නේ 'බාලි' බෝම්බ ප්‍රහාරයට තමා හවුල් වුනේ නැති බවය. වෙනත් ත්‍රස්ත ක්‍රියා පිළිබඳ චෝදනා යටතේ ඔහුට වසර තුනක කාලයක් බන්ධනාගාරයේ ගත කිරීමට සිදුවිය. අලිගේ ජීවිතය මහා වෙනසකට ලක් කරමින් වෙනත් දිශාවකට යොමුකරන ලද්දේ එම සිර දිවිය තුළදීය.
 
"පොලිසිය මට හොඳ මානුෂික මට්ටමින් සැලකුවා.පොලිසිය මට වධහිංසා සිදු කළානම්, මගෙන් පස්සේ තවත් පරම්පරා හතක් ඉන්දුනීසියානු ආණ්ඩුවට විරුද්ධව සටන් වදින්න ඉඩකඩ තිබුනා," අලි සඳහන් කළේය.
 
"මට පොලිසිය ගැන තිබුනේ වෛරයක්. අපි හිතුවේ - පොලිසිය 'සාතන්' වගේ කියලයි. එහෙම තමයි- අපට උගන්නල තිබුණේ. ඒත් යථාර්ථය ඊට සහමුලින්ම වෙනස්. එම තේරුම් ගැනීමත් එක්ක මගේ දැක්ම සහමුළින්ම වෙනස් වුනා."
 
සිය කණ්ඩායම විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරවලට ගොදුරුවූවන් ද අලිට මුණගැසී ඇත.
 
''මට ඇඬුණා. මගේ හදවත දියවුණා. අපේ බිහිසුණු බෝම්බ ප්‍රහාරවලට ගොදුරු වෙච්ච මිනිස්සු දැක්ක ම. එම තේරුම් ගැනීම තමයි - මම යුද ඒජන්තයකුගෙන් වෙනස් වෙලා සාම සෙබළෙකු බවට පත් කෙරුවෙ."
 
'ටෙන්ග්ගුලුන්' ගම්මානයේ යාඥා සඳහා සහභාගි වෙන කණ්ඩායම් සන්ධ්‍යාවේ ගමේ ප්‍රධාන මුස්ලිම් පල්ලියේ කොනක ඔවුන් යාඥා කිරීමේ දී වාඩි ගන්නා පැදුරු දිගහැර ගනිති. ඔවුන් හිඳ ගන්නේ ''සාම කවය'' යන තේරුම දෙන 'Circle of Peace' සංවිධානයේ කාර්යාලයට යාබද ස්ථානයකය. එය පුද්ගලයන් අන්තවාදයෙන් මුදාගැනීම සඳහා අලි පවුෂි විසින් 2016 වසරේ පිහිටුවා ගත් සංවිධානයයි.
 
එක්තරා රාත්‍රියක එම යාඥාව මෙහෙයවන ලද්දේ බෝම්බ ප්‍රහාරවලට ගොදුරුවූවන් දෙදෙනෙකු විසිනි. ඔවුහු බොහෝ ජන ජීවිත විනාශ කෙරුණ ප්‍රහාර එල්ල කළ සන්නද්ධ සංවිධානයක මූල කඳවුරව පැවති එම ගම්මානයේ ආරාධිත අමුත්තෝ වූහ.
 
''මම ප්‍රහාරවලට ගොදුරු වූ බොහෝ පුද්ගලයන් ප්‍රජාව අතරට නිතරම කැඳවනවා," අලි ෆවුසි පවසයි.
 
"ඔවුන් මුණගැසීමෙන් මගේ අහංකාර ස්වාර්ථකාමිත්වය නැති කෙරෙනවා."
 
ඔවුන් වාඩිලා සිටින ස්ථානය පසෙක වේදිකාවේ කොනක අටවා ඇති තිරයෙහි ඉන්දුනීසියාවේ සියලුම බෝම්බ ප්‍රහාරවලින් පසු දක්නට ලැබුණ බිහිසුණු දර්ශන 'ග්‍රැෆික්' වීඩියෝ දර්ශන මගින් ප්‍රදර්ශනය කෙරෙයි.
 
එය අති විශේෂ හමුවකි. සහභාගිව සිටින්නන් අතර මේ ගමේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීහු ද සිටිති. එසේම, ත්‍රස්ත ක්‍රියාවන්ට වරදකරුවන්ව සිරගත කරනු ලැබ දඬුවම් නිමකර පැමිණ සිටින්නෝත් ඔවුන් අතරය.
 
බෝම්බ ප්‍රහාරවලින් විපතට පත් ජනයා ඔවුන් විසින් විඳින ලද වේදනා විස්තර කරද්දී ඔවුන් සියලු දෙනා ඒවාට සවන් දෙමින් සිටින්නේ නෙත ගලන කඳුලිනි.
 
තිස්තුන් හැවිරිදි සුලියා මහේන්ද්‍රා (Zulia Mahendra) එවැනි හමුවකට පැමිණියේය. ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ඔහුගේ පියා වූ , අම්රොසි (Amrozi) අත්අඩංගුවට ගන්නා විට 'සුලියා' යොවුන් වියේ පසුවිය. පසුව මරණීය දණ්ඩනයට යටත් කෙරුණ 'අම්රොසි' 'බාලි' බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මරා දමනු ලැබුණි.
 
"සිනාසෙන මිනීමරුවා" යනුවෙන් ඉන්දුනීසියානු පුවත්පත් 'අම්රොසි' සඳහා නමක් ද පටබැඳ තිබුණි. තමාට එරෙහි නඩු විභාගය පුරා සිය ක්‍රියාවන් සම්බන්ධයෙන් පසුතැවිල්ලක් ප්‍රදර්ශනය නොකළ 'අම්රොසි' සිනාපාමින් සිටියේ, මරණයට බියක් නැති ආකාරයක් ප්‍රදර්ශනය කරමිනි.
 
තමන් මුහුණ දුන් පසුබිම් කතන්දර හුවමාරු කෙරන එම හමුවීම බෙදී වෙන්වූ මිනිසුන් යළි එකමුතු කිරීමක් ද විය.
 
රැස්වීමෙන් අනතුරුව මහේන්ද්‍රා බෝම්බ ප්‍රහාරවල ගොදුරු බවට පත් දෙදෙනෙකු සමඟ එක්වෙමින් ඔවුන් සිප ගනිමින් දෑත් අතර සිරකොට තබාගෙන සිටියේය.
 
"සමාවෙන්න! සමාවන්න!! ....'' යනුවෙන් ඔහු නොනවත්වා වර නගනු ඇසුනි.
 
"මම සමාව ඉල්ලන්න ඕන.ඒත් ඒ මම වැරැද්දක් සිද්ධකරලා තියෙන නිසා නොවෙයි. ඒ වරද කළේ මගේ තාත්තා. මේ ඉන්නේ මගේ පවුලේ සාමාජිකයෙක් කරපු වරදකට ගොදුරුවෙච්ච මිනිස්සු. ඒ නිසා මට වගකීමක් තියෙනව- මගේ තාත්තා වෙනුවෙන් ඒ මිනිසුන්ගෙන් සමව ඉල්ලන්න."
 
ඒ වනවිට මහේන්ද්‍රාත් අදහාගත නොහැකි පරිවර්තනයකට ලක්ව සිටියේය.
 
"මගේ තාත්තා මරණීය දණ්ඩනයට යටත් කෙරුණ අවස්ථාවේ මමත් හිටියේ - ඒකෙ පලිය ගන්නවා කියන මානසික මට්ටමක.මටත් ඕන කෙරුව- බෝම්බ හදන කණ්ඩායමකට එකතු වෙන්න," මහේන්ද්‍රා අනාවරණය කළේය.
 
ඒත් මගේ බාප්පලාගේ (තාත්තාගේ සහෝදරයන්) මග පෙන්වීම නිසාත්, කාලය එක්කත් මම වෙනස් වුනා. තාත්තා ගිය මගේම යාම වැරදියි කියල ඔවුන් මට පෙන්වා දුන්නා. ඒ අනුව මමත් ත්‍රස්තවාදීන් එම මාවතෙන් ඉවත්කර ගනු ලැබීමේ උත්සාහයට එකතු වුනා.'
 
"මම අද මේ තත්ත්වයට පත්වෙලා ඉන්නේ ඉතා දුර ගමනක් ගෙවමින්," මහේන්ද්‍රා පවසයි.
 
''ජිහාඩ් කියන්නේ මිනිසුන් මරා දැමීම හෝ සටන් වැදීම නොවෙයි කියල තේරුම් ගන්න පුළුවන් තත්ත්වයකට මම දැන් පත්වෙලා. ඒකෙ තේරුම තමන්ගේ පවුල වෙනුවෙන් දුෂ්කර අරගලයක නිරත වීම වෙන්නත් පුළුවන්."
 
එක් රාත්‍රියක නිදා සිටින තම පුතු දෙස බලා සිටිද්දී තම පියා පිළිබඳ සිතිවිලි සිහියට ආ බවත් මහේන්ද්‍රා සඳහන් කළේය.
 
''මගේ පුතාත්, මම එදා හිතපු විදියේ තැනකට යනවා දකින්න මම කැමති නැහැ. මම මගේ තාත්තා ගියමග ගියොත්, මගේ පුතා අනාථයෙක් වේවි.මම දන්නවා- නිවැරදි 'ජිහාඩ්' දර්ශනය වෙන්නේ - ඔවුන් රැක බලාගැනීම බව.''
 
එහෙත් තම මිතුරන්, ඉස්ලාමීය රාජ්‍ය (IS) සංවිධානය සමග කෙලින් ම සබඳතා නොමැති බෙදී ගිය ඉන්දුනීසියානු සන්නද්ධ කණ්ඩායම්වලට එක්වී සිටින බව මහේන්ද්‍රා දනියි.
 
''පුද්ගලයෙක් එවැනි මාවතකට ඇද වැටෙන්න කරුණු රාශියක් බල පැවැත්වෙනවා. ඔවුන්ගේ ආර්ථික තත්ත්වය. රැකියාවක් හෝ වෙනත් කරන්න දෙයක් නැතිකම. ඔවුන්ගේ සිතුම් පැතුම්. ඒ වගේ ම ඔවුන්ට බලපෑම් කරන පුද්ගලයන්ගේ ස්වභාවය.'
 
අලි ෆවුසි 'ලමොන්ගන්' (Lamongan) බන්ධනාගාරයේ දොරට තට්ටු කරමින් සිටියි.
 
එම බන්ධනාගාරය ඔහුට හුරුපුරුදු තැනකි. සිර දඬුවම් විඳින තම පවුලේ සාමාජිකයන් බැලීමට ඔහු නිතර එහි පැමිණ ඇත. එහෙත් දැන් ඔහු සිරගෙදරට පැමිණෙන්නේ අලුත් සිරකාරයන්ගේ ජීවිත දර්ශනය වෙනස් කිරීමේ පරමාර්ථයෙනි.
 
"මගේ මෙම ක්‍රියාමාර්ගය න්‍යාය ධර්මයක් මත පිහිටා ඇති දෙයක් නොවෙයි. මම කටයුතු කරන්නේ මගේ අත්දැකීම් අනුව.මම සටන්කාමියෙක් සහ ත්‍රස්තවාදියෙක්ව සිටියා. ඉතින්, මම දැන් සිරකුටි කරා එන්නේ මිතුරෙක් හැටියට."
 
එහෙත් ඔහුට නොරිස්සුම්වලට මුහුණ දීමටත් සිදුවෙයි. ඇතැමුන්ගේ තේරුම් ගැනීම වන්නේ ඔහු ද්‍රෝහියෙකු වී සිටින බවකි.
 
''ඔවුන් කියනවා - මම ආගම් නොඅදහන පුද්ගලයකුටත් (kafir) වඩා, ඒ වගේ ම පොලිස් නිලධාරියකුට හෝ බන්ධනාගාර නියාමක නිලධාරියකුටත් වඩා භයානක පුද්ගලයෙක් කියල. මට නිතරම වගේ අන්තර්ජාලයෙන් අපහාස කරනවා. දුරකතනයෙන් තර්ජනය කරනවා.ඒකට කමක් නැහැ!'' අලි තමා මුහුණ දුන් අභියෝග විස්තර කරන්නේ සිනාමුසුවය.
 
''2016 ඉඳල අපි එක්ක සම්බන්ධ වෙලා හිටිය 98 දෙනාගෙන් දෙන්නෙක් හිරගෙදරින් නිදහස් වුණාට පස්සෙ ආයෙත් කෙලින් ම සටන් මාවත තෝරාගෙන තිබුණා.''
 
''ඔවුන් සටන් මාවතින් මුදා ගැනීම පහසු දෙයක් නොවෙයි. මොක ද? අපි කටයුතු කරන්නේ ඉතා සංවේදී මිනිස්සුත් එක්ක. ඒ විධියට හිතන පතන අයත් එක්ක. ඒ නිසා ඔවුන්ට හරියටම නිවැරදි 'බේත' දෙන්න වෙනවා.සමහර විට වරදිනවා. සමහර විට හරියනවා.''
 
'සුමාර්නෝ' (Sumarno) සම්බන්ධයෙන් ගන්නා ලද ප්‍රයත්නය පල දරන ලද බව අලි ෆවුසි පවසයි.
 
'සුමාර්නෝ' එක්තරා ගමකින් පිටත පිහිටි පාරක් අසල වියලි බිම්කඩක් කරා තමා කැටුව ගිය බව අලි ෆවුසි පවසයි. 'බාලි' බෝම්බ ප්‍රහාරයෙන් පසු 'ජමා ඉස්ලාමියා' සංවිධානයට අයත් අවි ආයුධ තමා සඟවන ලද්දේ එම ස්ථානයේ බව 'සුමාර්නෝ' ඔහුට කියා ඇත.
 
අලි ෆවුසි, සිය තුන් අවුරුදු සිර දඬුවමින් පසු කුඩා ව්‍යාපාරයක් පටන් ගැනීම සඳහා 'සුමාර්නෝ'ට උදව් දී ඇත. එය 'මක්කම' කරා වන්දනාකරුවන් ගෙනයාම සංවිධානය කරන සංචාරක ආයතනයකි.
 
''මට දැන් අවශ්‍ය කරන්නේ- ආයෙත් සමාජයට එන්න'' සුමාර්නෝ පවසයි.
 
''මේ සංචාරක සමාගමත් එක්ක මට දැන් මගේ ප්‍රචන්ඩකාරී ඉතිහාසය වෙනස් කරගන්න පුළුවන් වේවි කියල මම බලාපොරොත්තු තබනවා' ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
 
සිය ප්‍රචණ්ඩකාරී ජීවිත කතාව හෝ තමා පැමිණියේ කවර ගමකින්ද යන්න පිළිබඳව ගනුදෙනුකරුවන් සමඟ කතාබස් කිරීම අතින් පවා තමා පසුබටව සිටි බව 'සුමාර්නෝ' සඳහන් කළේ, 'Paciran' හි පිහිටි නවීන උපකරණ සහිත වායුසමනය කරන ලද තම කාර්යාලයේ සුවපහසු අසුනක හිඳිමිනි.
 
එහෙත් එය 'මුක්තියක් ' ලෙස හඳුන්වා දෙමින්, තම කතන්දරය කීම 'සුමාර්නෝ' විසින් ආරම්භ කරනු ලැබ ඇත.
 
''මම 'බාලි' බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මරණ දඬුවමට යටත් කෙරුණ අලි ගුෆ්රාන් සහ අලි අම්රොෂි ගේ ඥාති සහෝදරයෙක්. මම ඔවුන්ට කිව්වා- මමත් ඔවුන්ගේම කොටසක් කියල. නමුත් අල්ලාට පිං සිද්ධවෙන්න - මම මගේ නපුරු සිතුවිලි සුවපත් කර ගත්තා.මම දැන් මක්කමට වන්දනාකරුවන් ගෙනයන ඔබගේ නියෝජිතයා''
 
ගමේ මුස්ලිම් පල්ලිය පසෙක කාමරයකි. පාසල් කාලයෙන් පසුව එහි පැවැත්වෙන හමුවකට සහභාගී කෙරෙන වර්ණවත් අලංකාර ඇඳුමින් සැරසී සිටින දරුවෝ කුරානයේ පාඨ හඬ නගති. එහෙත් එම දරුවන්ගේ ඇතැමකුගේ දෙමව්පියන් ත්‍රස්තවාදී ක්‍රියාවන්හි නිරත වීමේ චෝදනා යටතේ සිරකූඩුවලය.
 
අලි ෆවුසිගේ බිරිඳ 'ලුලු'(Lulu) එම ළමුන්ට කුරානය කියා දෙන එක් ගුරුවරියකි. අලි ඉම්රොන්ගේ විවාහක බිරිඳ වන 'ෂුම්රොටින් නීසා' (Zumrottin Nisa) අනිත් ගුරුවරියයි.
 
"හැම දෙනා ම එක ම දහමක් අදහන්නේ නැති බව අපි මේ දරුවන්ට කියා දෙනවා'' ලුලු පවසන්නීය.
 
''අපේ ප්‍රජාව අතර මුස්ලිම් නොවන අය ජීවත් වෙනවා. ඔවුන් අපේ ආගමට බලපෑමක් නොකරන තාක් අපි ඔවුන්ට ගරුසරු ඇතිව කටයුතු කරන්න අවශ්‍යයි'' ලුලු සඳහන් කළාය.
 
''ඒ මිනිස්සු අපේ ඉස්ලාම් ආගමේ කවුරුවත් ඔවුන්ගේ ආගමට හරවාගෙන නැහැ'' ලුලු පවසයි.
 
''අපේ අලුත් වැඩ පිළිවෙළට විරුද්ධ පිරිස් ඉන්නවා. තවමත් සටන් මාවතේ ඉන්න පුද්ගලයන් අපට මනාප නැහැ. ඔවුන් අපෙන් ඈත්වයි ඉන්නේ'' ලුලු වැඩිදුරටත් කීවාය.
 
''අපි කවුරුත් හිටියේ - එක ම ගමනක. නමුත් 'බාලි' බෝම්බයෙන් පස්සෙ අපි වෙනස් වුණා. ඒ ප්‍රහාරයෙන් විශාල ජීවිත විනාශයක් සිද්ධ වුණාට පස්සෙ අපි වෙනස් වුණා. වැඩි හරියක් අහිංසක ජීවිත විනාශ වුණේ. ඒ වගේම වැඩිදෙනා මුස්ලිම් මිනිස්සු. ඒ අපරාධයත් එක්ක අපි වෙනස් වුණා - නමුත් වෙනස් නෙවෙච්ච අයත් ඉන්නවා."
 
'බාලි' බෝම්බ ප්‍රහාරකයෝ IS සංවිධානයට කෙලින් ම සම්බන්ධයක් නොමැති 'ජමා අන්ෂාරුට් ඩවුලා'(JAD) නම් සංවිධානයේ එක් පාර්ශ්වයකට අයත් වූහ.
 
'JAD' සංවිධානය ඉන්දුනීසියානු ආරක්ෂක අංශ මෙන් ම එරට සුළුතර ආගමික කණ්ඩායම් ඉලක්ක කොට දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කරනු ලැබ ඇත. එම සංවිධානයේ අලුත් ම පිහි ප්‍රහාරය තරුණ යුවළක් විසින් විසින් එල්ල කරන ලද අතර ඔවුන්ගේ ගොදුර වුණේ ආරක්ෂක අංශ ප්‍රධානී විරන්තෝය. (Wiranto)
 
අලි ෆවුසි නායකත්වය දෙන ''සාම කවය'' කාර්යාලයේදී අදහස් දැක්වූ 'ලුලු' කාන්තාවන් ද එවැනි ප්‍රහාරවලට හවුල්වීම සම්බන්ධයෙන් සිය කම්පාව පළ කළාය.
 
''ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ වී සිරගෙයි ඉන්න පුද්ගලයන් ඔවුන්ගේ පැරණි තැන්වලට යළිත් යාම වළක්වා ගන්න මගේ සැමියා දැඩි ප්‍රයත්නයක නිරත වෙමින් ඉන්නවා. ඔහු එවැනි පුද්ගලයන් එකට එකතු කරනවා. බොහෝ දෙනෙක් හරිමගට ගන්න ඔහු සමත් වුණා.''
 
''ඒත් තවත් බොහෝ දෙනෙක් තවමත් සටන් කරන මනසකයි ඉන්නේ. ඒ තත්ත්වය සහමුලින් ම නැතිකර දමන්න අපට අමාරුයි!''
 
BBC වාර්තාකරුවන් ගම ඔස්සේ රථයෙන් ගමන් ගනිමින් සිටියදී අලි ෆවුසිගේ දුරකතනය තිබු නිවාඩුවකින් තොරවය.
 
මෑතදී නිදහස ලත් පුද්ගලයකුගෙන් ඔහුට දුරකතන ඇමතුමකි. එම පුද්ගලයා ත්‍රස්ත චෝදනා යටතේ සිරභාරයේ සිට නිදහස ලද්දෙකි. ඔහුගේ අවශ්‍යතාව නවාතැනක් සොයා ගැනීමය.
 
ඊළඟ ඇමතුම මවකගෙනි. එම මවගේ පුත්‍රයා පොලිසියෙන් අල්ලා ගනු ලැබ ප්‍රශ්න කෙරෙමින් පවතී.
 
''අපේ ජනයා අතර සිටි පුද්ගලයන් ගණනාවක් IS සංවිධානෙට හවුල්වෙලා සටන් කරන්න සිරියාවට සහ ඉරාකයට ගියා.වැඩි ඈතක නොවෙයි, IS සංවිධානෙ නියෝජිතයෙක් පසුගියදා ඉන්දුනීසියාවේදි පොලිසියෙන් අල්ල ගත්ත. සන්නද්ධ සංවිධාන තවමත් මෙහේ ක්‍රියාත්මකයි.ඔවුන් ඉන්දුනීසියාවට දැනටත් තර්ජනයක්'' අලි ෆවුසි පවසයි.
 
"අන්තවාදයට සහ අන් මත නොඉවසන බලවේගවලට එරෙහි සටනක්" ලෙස අලි විසින් විග්‍රහ කරන ලද පාර්ශ්වයෙහි දැන් ඔහු කටයුතු කරයි.
 
''අපි මහන්සි වෙලා වැඩ කළොත්, සමස්ත ප්‍රජාව සමග සම්බන්ධ වුණොත්, මේ යුද්ධය දිනා ගන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ පවතිනවා."
 
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම - BBC සිංහල


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top