Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
03
"මා පැලඳ සිටින පදක්කම්වලට වඩා වැඩි, මගේ හදවත ඔබ වෙනුවෙන් පුදමි.." - විරෝධතාකරුවන් ඉදිරියේ දණ නැමූ පොලිස් ප්‍රධානියෙක් කළ දේ සියල්ලන් සංවේදී කරයි - Photos

- "මා පැලඳ සිටින පදක්කම්වලට වඩා වැඩි, මගේ හදවත ඔබ වෙනුවෙන් පුදමි.." - විරෝධතාකරුවන් ඉදිරියේ දණ නැමූ පොලිස් ප්‍රධානියෙක් කළ දේ සියල්ලන් සංවේදී කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,705 Views
පොලිස් ප්‍රධානියා නිසා අප සියල්ලන්ගේ හදවත් දැවී ගියා...
 
"විරෝධතාවක් හමුදාව යොදා කුඩුපට්ටම් කිරීමෙන් පසු ඡායාරූපයක් ගැනීම ට්‍රම්ප්ගේ සිරිතයි.."
 
"එම පොලිස් නිලධාරියා සිදු කළේ අතිශයින් ඉදිරිගාමී ක්‍රියාවක්.."
 
සාමය ස්ථාපිත කිරීම සඳහා මේ අවස්ථාවේ සියල්ලන් කටයුතු කළ යුතු බව පවසමින් ලොස් ඇන්ජලීස් පොලිසියේ අණදෙන නිලධාරි කෝරි පැල්කා( Cory Palka) හොලිවුඩ්හි පැවැති විරෝධතාවකට සහභාගි වෙමින් ජනතාවගෙන් ඉල්ලා සිටියා.
 
විරෝධතා රැලිය පැවැත්වෙමින් තිබූ (Sunset Boulevard) නම් ස්ථානයට පැමිණි හෙතෙම සිය ශීර්ෂාවරණය ඉවත් කර බැටන් යෂ්ටිය බිම තබා මෙගාෆෝනයකින් ජනතාව අමතමින් මෙසේ පවසා තිබෙනවා.

“අපට එක්ව ගමන් කළ හැකි යැයි මම සිතමි. මා පැලඳ සිටින පදක්කම්වලට වඩා වැඩිදෙයක් එනම් මගේ හදවත ඔබ වෙනුවෙන් පුදමි. කරුණාකර සාමය උදෙසා ඔබේ සහයෝගය දෙන්න”.
 
ඉන්පසු විරෝධතාකරුවන් අනුගමනය කරමින් ඔහුද ඔවුන් සමඟ බිම දණ නවා ගත්තා.
 
එසේ එක් දණක් බිම නවාගැනීම ජෝර්ජ් ෆ්ලොයි ඝාතනය කිරීමට විරෝධය දක්වන ව්‍යාපාරයේ බාහිර ලකුණක්.
 
මන්දයත් සුදු ජාතිවාදී පොලිස් භටයා මෙම ඝාතනය කිරීමේදී සිය ගොදුරේ ගෙල මත යොදන ලද මාරක ඉරියව්ව එය වූ බැවිනුයි.
 
“පොලිස් ප්‍රධානියාගේ හැසිරීම නිසා එහි රැස්ව සිටි අප සියල්ලන්ගේ හෘදයන් දැවී ගියේය. අයුක්තිය සහ අසාධාරණය ඉදිරියේ මිනිසුන් විරෝධය පළ කළ යුතුය. අදහස් පළ කිරීමේ නිදහස ඇමෙරිකානුවන් වන අපට අතිශයින් වැදගත්ය. නමුත් ප්‍රචණ්ඩත්වය දක්වා ගමන් නොකර ස්වාභාවිකව පැනනඟින විරෝධතාව දැක්වීමේ විනය අපට තිබිය යුතු” යැයි විරෝධතාකරුවකු පවසා තිබෙනවා.
 
“එම පොලිස් නිලධාරියා සිදු කළේ අතිශයින් ඉදිරිගාමී ක්‍රියාවකි. පෙර දිනවල පැවැති විරෝධතා පාලනය කළ නොහැකි මට්ටමට වේගයෙන් වර්ධනය වූ නමුත් මේ අවස්ථාවේ එසේ සිදු නොවීය. අපේ හෘදයාංගම හැඟීම් බෙදාගැනීම සාමය ඇති කිරීම පිණිස යොදාගත හැකි මහඟු උපක්‍රමයකි” යැයි වාර්තාකරුවෙකු වූ ඇලෙක්සිස් ෂේ සිය වාර්තාවේ සඳහන් කළා.
 
සමාජ මාධ්‍යයක තිබූ මෙම සටහන ඇතැම් විදෙස් පුවත් සේවාවන් උපුටා දක්වා තිබුණා.
 
“ඇමෙරිකානු පුරවැසියන් මර්දනය කිරීමට ජනාධිපතිවරයා ඇමෙරිකානු හමුදාව කැඳවා ඇත. සාමකාමී සාධාරණ විරෝධතා ව්‍යාපාරයක් හමුදාව යොදා කුඩුපට්ටම් කිරීමෙන් පසු දේවස්ථානයක් ඉදිරිපිට සිට ඡායාරූපයක් ගැනීම ඔහුගේ සිරිතයි. මෙය ඔහුට තවත් රූපවාහිනි රියැලිටි වැඩටහනක් පමණකි නින්දිතයි”.
 
''අසාධාරණ මිනීමැරුමකට එරෙහි සාධාරණ උද්ඝෝෂණය පොලිසිය ලවා බලහත්කාරයෙන් මැඬ පැවැත්වීමට පාලකයන් ගත් උත්සාහයේ අසාර්ථකත්වය මේ සතිය මුල සිටම පැහැදිලි වුවා. Fairfax පෙදෙස අළු දූලි බවට පත් වූවා පමණයි. Santa Monica පෙදෙසේ වෙරළබද කඩසාප්පු අවස්ථාවාදීන් විසින් කොල්ලකන ලැබුවා.''
 
තවදුරටත් ලොස් ඇන්ජලීස් සම්පූර්ණ ප්‍රදේශය පුරා සවස 6 සිට ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා.

උපුටා ගැනුම - මව්බිම පුවත්පත


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top