යුද හමුදාපතිවරයා සිදුකළ හෙළිදරව්ව මෙන්න..
ඊයේ (02) දිනය තුළ පමණක් මෙරට කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් වාර්තා වු අතර ඉන් පුද්ගලයින් 32 ක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි අය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
එයින් ආසාදිතයින් 7 දෙනෙක් නාවික සෙබළුන් වන අතර එක් ආසාදිතයෙක් නාවික සෙබළෙක් සමඟ සමීපව ඇසුරු කළ අයෙක් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ මෙරට ආසාදිත සම්පූර්ණ සංඛ්‍යාව 1,683ක්.
883 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්-වලින් පිටත්ව ගොස් ඇති අතර මෙරටින් කොරෝනා මරණ 11ක්ද වාර්තා වුණා.