Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
02
ලොවම කම්පා කරමින් අරන්තලාවේ භික්ෂූන් වහන්සේ 31 නමක් ඝාතනය කළ කොටි ත්‍රස්තවාදීන්ගේ ම්ලේඡ ප්‍රහාරයට අදට වසර 33 යි - Video

- ලොවම කම්පා කරමින් අරන්තලාවේ භික්ෂූන් වහන්සේ 31 නමක් ඝාතනය කළ කොටි ත්‍රස්තවාදීන්ගේ ම්ලේඡ ප්‍රහාරයට අදට වසර 33 යි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,581 Views
සාමනේර හිමිවරුන් ශාසනයට පූජා කළ මව්පියන්ගේ හදවත් වල දෝංකාර දෙනවා
වෙඩි හඬ ඇසුණු යුද හමුදාව එම ස්ථානයට පැමිණෙන විටත් සියල්ල සිදුවී අවසන්...
 
කොටි ත්‍රස්තවාදීන් අම්පාර - අරන්තලාවේ භික්ෂූන් වහන්සේ 31 නමක් ඝාතනය කර අදට වසර 33 ක්.
 
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව ජනාධිපතිවරයා උතුරු නැඟෙනහිර බෞද්ධ උරුමය ආරක්ෂා කරමින් ගෙන යන වැඩපිළිවෙළ බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දිවි පිදූ මහා සංඝරත්නයට උපහාරයක් වන බවයි.
 
දිනය 1987 ජූනි දෙවනදායි
 
සාමනේර භික්‌ෂූන් වහන්සේ පිරිසක් සමගින් උතුරු නැඟෙනහිර අධිකරණ සංඝනායක හෑගොඩ ඉන්දසිරි නාහිමියන් අම්පාර ඩිපෝවට අයත් බස්‌ රථයට ගොඩ නැගුනේ වාර්ෂිකව සිදුකරන ධර්ම ප්‍රචාරක වැඩ සටහනකට කැළණිය රජමහා විහාරය වෙත වැඩම කිරීමටයි.

ඒ අතර තුර මහනුවරට ගොස්‌ ශ්‍රී දළදා සමිදුන් වැද පුදා ගැනීම උන්වහන්සේගේ අරමුණ වී තිබුණා.
 
අලුයම අම්පාරෙන් පිටත් වුණත් බස්රථයට ගමන් කිරීමට හැකිවූයේ පැයකට ආසන්න කාලයක් පමණයි.
 
අරන්තලාව 28 සැතපුම් කණුව අසලදී මග අහුරා ගත් ම්ලේඡ කොටි ත්‍රස්‌තයින් හිමිවරුන් සමගින් බස්‌ රථය ඒ ආසන්නයේ තේක්‌ක වනයක් තුළට රැගෙන ගියේ බලහත්කාරයෙන්.
 
මොහතකින් කොටි ත්‍රස්තයින් ඉවක් බවක් නොමැතිව එල්ල කළ තියුණු අවි ප්‍රහාර වලින් සාමණේර හිමිවරුන් බස් රථය තුළ අවසන් සුසුම් හෙලුවා.
 
මුළු බස්‌ රථයම එකම ලේ ගංගාවක්‌ වවුවද ඉන් සෑහීමකට පත් නොවූ ම්ලේඡ කොටි ත්‍රස්තයින්නැවත බස්‌ රථය වටකොට වෙඩි පිට වෙඩි තැබුවා.
 
වෙඩි හඬ ඇසුණු යුද හමුදාව එම ස්ථානයට පැමිණෙන විටත් සියල්ල සිදුවී අවසන්.
 
ලොවම කම්පා කල මේ ම්ලේඡ ප්‍රහාරයට අදට වසර 33 ක්.
 
වසර 33 කට පෙර සිදු වූ ඛේදවාචකයක අමිහිරි මතකය තම සාමනේර හිමිවරුන් ශාසනයට පූජා කළ මව්පියන්ගේ හදවත් වල දෝංකාර දෙනවා.
 
මේ අතර අරන්තලා භික්ෂු ඝාතන ත්‍රස්තවාදයේ බිහිසුණු මතකයන් සිහිපත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
 
භික්ෂූන් වහන්සේලා පවා ඝාතනය කල ත්‍රස්තවාදීන් විනාශ කරමින් 2005 වසරේ මෙරටට ගෞරවනීය සාමයක් උදා කර දී තිබුණද 2015 වසරෙන් පසු බුද්ධ ශාසනයට අඳුරු දසාවක් එළබුණු බවත්, ත්‍රස්තවාදීන් සිදු කල කායික ඝාතනයන්ට නොදෙවෙනි මානසික ඝාතනයන්ට භික්ෂූන් වහන්සේලා නතු වූ බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.
 
භික්ෂූන් වහන්සේලා චීවරධාරීන් ලෙසද විහාරස්ථානවල පිං පෙට්ටි සීල් තැබිය යුතු බවටද පවසමින් ඇතැම් භික්ෂූන් වහන්සේලා සිර ගත කිරීමට එකළ කටයුතු කළ බවද එම නිවේදනයේ සඳහන්.
 
භික්ෂුවකගේ දේහයක් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ භූමිදානය කිරීමේ අයිතිය පවා එම කාලය තුල අහෝසී වී තිබූ බවද සිහිපත් කරන අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වාදෙන්නේ, නව ජනාධිපතිවරයා උතරු නැගෙනහිර බෞද්ධ උරුමය ආරක්ෂා කරමින් ගෙන යන වැඩපිළිවෙළ බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අරන්තලාවේදී දිවි පිදූහෑගොඩ ඉන්ද්‍රසාර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට උපහාරයක්ම වන බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top