Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
02
කෙල්ලෝ පිස්සු වට්ටපු, නිළියෝ රඟපාන්න පොර කන, තෙළිඟු සිනමාවේ කඩවසම් ඉලන්දාරියා, Vijay Devarakondaගේ වතගොත මෙන්න - Photos

- කෙල්ලෝ පිස්සු වට්ටපු, නිළියෝ රඟපාන්න පොර කන, තෙළිඟු සිනමාවේ කඩවසම් ඉලන්දාරියා, Vijay Devarakondaගේ වතගොත මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,731 Views
"ඉන්දියාවේ කීර්තිමත්ම පුද්ගලයින් 100 දෙනා අතර 72 වැනි ස්ථානය ඔහුට හිමියි"
 
තරුණ තරුණියන් වෙනුවෙන් කාටත් රහසින් ඔහු සිදුකරන සමාජ සත්කාර..?
 
2019 වසරේදී අන්තර්ජාලය හරහා වැඩියෙන්ම සර්ච් කරපු කෙනා..
 
කලෙකට පස්සේ ඔන්න අපි ආයෙමත් පුරුදු ට්‍රැක් එකට ඇවිත්. ඒ නිසා ආයෙමත් ඔයාල ආදරය කරන තරු ගැන කතා කරන්න අපට අවස්ථාවක් ලැබිලා.
 
බොලිවුඩ්වලට වගේම කොලිවුඩ්වලටත් එකවගේ ආදරය කරන ඔයාලගේ ලොකුම ආසාවක් තමයි කොලිවුඩ්වලට පායලා ආපු අලූත් තරු ගැන දැනගන්න එක.

ඒ කාරණාව දන්න නිසාම අපි හිතුවා අද කොලිවුඞ්වලට සමීප තෙළිඟු සිනමාවේ මෑතකදී දකින්න ලැබුණු හරි අපූරු තරුවක් ගැන කතා කරන්න. ඒ වෙන කවුරුත් නෙවෙයි විජය දේවරකොණ්ඩා.
 
කඩවසම් බව වගේම දක්‍ෂතාවත් එකවගේ පිහිටලා තිබෙන මොහු නූතන තරුණ පරපුරේ උන්මාදයක් කීවොත් හරි. ඒ තරමටම තරුණියන් මොහුට පිස්සු වැටිලයි ඉන්නේ. කතා කරන ඇස් වලටම ගැලපෙන අකීකරු කෙස් ඔහුට ගේන්නේ වෙනස්ම කඩවසම්බවක්.
 
ඉන්දියානු සිනමාවේ තවත් එක් අතු සීමාවක් වන තෙළිඟු සිනමාවේ නළුවෙක් නිෂ්පාදකවරයෙක් සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදිහට ප්‍රේක්‍ෂකයින් අතර ඉමහත් රසික ආදරයක් දිනාගෙන තියෙන විජය දේවරකොණ්ඩා සිනමාවට පිවිසෙන්නේ 2011 වසරේදීයි.
 
ඒ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්‍ෂක රවී බාබු විසින් අධ්‍යක්‍ෂණය කළ රොමෑන්ටික් කොමඩියක් වූ Nuvvila (2011) චිත්‍රපටය ඔස්සේයි. නමුත් විජය ප්‍රේක්‍ෂකයින් අතර ගොඩක් ජනප්‍රිය වුණේ 2015 වසරේදී තිරගත වූ Yevade Subramanyam (2015) ඔස්සේ කළ රංගනය නිසයි.
 
ඒ වගේම 2016 දී තිරගත වූ Pelli Choopulu ඔස්සේ ඔහු තව තවත් රසික ආදරය දිනාගත්තා. ඒ තුළ ඔහු කෙතරම් සිය දක්‍ෂතාව පෙන්නුවද කියනවා නම් ෆිල්ම් ෆෙයාර් සහ ජාතික සම්මානයෙන් පවා පිදුම් ලැබුවා.
 
ඉන් පස්සේ තමයි විජය දේවරකොණ්ඩා නියම විදිහට සිනමාවට අවතීර්ණ වෙන්නේ. තමන්ට ලැබෙන සෑම චරිතයක්ම භාරගන්නේ නැතිව ප්‍රේක්‍ෂකයින් අතර කතාබහට ලක්වන අපූරු වාණිජ සිනමාපට කෙරෙහි ඔහුගේ අවධානය යොමු වෙනවා.
 
ඒ සිනමාපට අතර Arjun Reddy (2017),Mahanati (2018), Geetha Govindam (2018), and Taxiwaala (2018) ඉදිරියෙන්ම තියෙනවා. මේ අතර ඔහු Arjun Reddy (2017) හි කළ රංගනය වෙනුවෙන් 2019 වසරේ ෆිල්ම් ෆෙයාර් හොඳම නළුවා සම්මානය සහ විචාරක සම්මානය දිනාගනු ලබනවා.
 
ඒ වගේම Geetha Govindam (2018) රංගනය වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් හොඳම නළුවා සම්මානය සදහාත් නිර්දේශ වෙනවා.
 
මේ වෙනකොට විජය දේවරකොණ්ඩා තමන්ගේම සිනමා සමාගමක හිමිකරුවෙක්. ඒ වගේම 2019 වසරේදී අන්තර්ජාලය හරහා විජය දේවරකොණ්ඩා තමයි වැඩිපුරම සර්ච් කරලා තියෙන්නේ.
 
ඒකෙන්ම හිතාගන්න පුළුවන් ඔහු මොනතරම් උන්මාදයක් ද කියලා. විශේෂයෙන්ම ගීත ගෝවින්දන් ෆිල්ම් එකෙන් පස්සෙ තමයි මේ තත්ත්වය ඇතිවුණේ. එහි රංගනයෙන් දායක වූ රශ්මිකා මන්දනා සහ විජය දේවරකොණ්ඩා ඒ කාලේ ටෙ‍්‍රන්ඞ් එකක් බවට පත්වුණා.
 
විජය වගේ අඳින්න ඔහු වගේ හැසිරෙන්න වගේම ඔහු වගේ කතා කරන්නත් තරුණයින් පෙළඹුණා. එයාගෙ තාත්තා ගෝවින්දන් රා ඕ. ඔහු ජනප්‍රිය රූපවාහිනී නළුවෙක්. ඒ වගේම ඔහුගේ මව මාධවී දේවරකොණ්ඩා. විජයගේ අයියත් සිනමා නළුවෙක්. පුංචි කාලෙ විජයට තනියම දෙයක් කරන්න ගෙදරින් අවසර දුන්නේ නැහැ. ඒ නිසාම එයා අවස්ථාවක් ලැබෙන හැම වෙලාවෙම තනියම දෙයක් කරන්න තමයි උත්සාහ කළේ.
 
විජයගේ කටහඩට තරුණයින් වශී වෙන්නේ නිරායාසයෙන්. වේදිකාවක් උඩ කතා කරනකොට බය නැතිව කතා කිරීමේ හැකියාවක් ඔහුට තියෙනවා. ඒක ස්වභාවිකයි වගේම ආකර්ශනීය යි.
 
අසාධාරණයට චුට්ටක්වත් කැමැති නැති විජය නිතරම තමන්ගේ ප්‍රේක්‍ෂකයින්ට කියන්නේ හරි දේ කරන්න කියලයි. එක් අවස්ථාවකදී වාරණ මණ්ඩලය ඔහු රඟපෑ අර්ජුන් රෙඞ්ඩි සිනමාපටයේ දර්ශන කිහිපයක් වාරණය කරනවා වගේම ඔහු ගේ හඩ කපා දමනවා. ඒ නිසා ප්‍රෙස් එකේදී අර්ජුන් කීවේ බය නැතිව සිනමාහල්වල තමන්ගේ හඩ කපා දමා ඇති තැන්වලට ප්‍රේක්‍ෂකයින්ගේ හඩ එකතුකරන ලෙසයි. ඇත්තටම ප්‍රේක්‍ෂකයින් එහෙම කරලත් තිබුණා.
 
2020 පෙබරවාරි මාසයේදී Rowdy Wear නමින් විලාසිතා සන්නාමයක් පවා ඉදිරිපත් කරපු විජය දේවරකොණ්ඩා ඉන්දියාවේ ෆුඞ් ඩිලිවරි ඇප් කිහිපයකම ප්‍රවර්ධන නිළධාරියෙක්. ඔහු ඒ තරමටම අළෙවි කරන්න පුළුවන් මාර්කට් එකක් ඉන්දියාව ඇතුලේ හැදිලයි තියෙන්නේ.
 
කිසිම කෙනෙක් නොදන්නවා වුණාට විජය දේවරකොණ්ඩා කියන්නේ සමාජ යහපත වෙනුවෙන් වැඩ කරන්නම ඉපදුණු කෙනෙක්. බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ඔහු විජය දේවරකොණ්ඩා නමින් පදනමක් පිහිටුවා ගෙන ඒ ඔස්සේ ඉන්දියාවේ තෙලංගනා සහ අන්ද්‍රා ප්‍රදේශ්වල ඉන්න තරුණ තරුණියන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරනවා.
 
ඔහුගේ අරමුණ තමයි විරැකියාව නැති කරමින් තරුණයින්ට වෘත්තීය අධ්‍යාපනයක් ලබාදෙන එක. ඔහුගේ ඉලක්කය ලක්‍ෂයක් වුණත් දවසින් දවස ඔහු පුහුණු කිරීමේ ප්‍රමාණයන් වැඩි කරනවා. මේ දේවල්වලට ප්‍රසිද්ධියක් ලබා දෙන්න ඔහු කැමැති නැහැ.
 
ඉන්දියාවේ ෆෝබීස් සඟරාව 2019 වසරේදී ඉන්දියාවේ කීර්තිමත්ම පුද්ගලයින් 100 දෙනා අතර 72 වැනි ස්ථානය විජය දේවරකොණ්ඩාට ලබා දී තිබෙනවා. ඒ වගේම ෆිල්ම් ෆෙයාර් සඟරාවේ දශකයේ දක්‍ෂතම රංගන පෞර්ෂයන් 100 අතරට තේරීපත් වෙන්නත් විජයට හැකිවුණා.
 
බොහෝ දෙනා බලා ගෙන හිටියේ විජයව හින්දි ෆිල්ම් එකකින් දකින්න. ඔන්න ඒ අවස්ථාව නුදුරේදීම උදාවෙන්න නියමිතයි. ඒ තමයි කරන් ජෝහර් විසින් 2020 වසරේදී නිර්මාණය කිරීමට නියමිත ෆයිටර්ස් චිත්‍රපටය. භාෂා කිහිපයකින්ම නිපදවන්න නියමිත මේ චිත්‍රපටයේ විජය රඟපෑමට නියමිතයි.
 
ඇත්තටම මේක විජය ගේ සිනමා ජීවිතේ තවත් එක් හැරවුම් ලක්‍ෂයක් වෙයි කියල තමයි විචාරකයින් කියන්නේ. කොහොම වුණත් විජය කියන්නේ අනාගතය බොහෝම පැහැදිලි නළුවෙක්. ඒක අපිට අදට වඩා හෙට ට අත්දකින්න ලැබේවි.

අමිල නුවන් මධුසංඛ
උපුටා ගැනුම - දිවයින පුවත්පත


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top